Advertisement

මහමඟ  දී අපි සුරැකෙමු! අපි සුරකිමු!

“මහමඟ  දී අපි සුරැකෙමු, අපි සුරකිමු ” යන මැයෙන් මාර්ග ආරක්ෂාව පිළිබඳව පාසල් දරු දැරියන් හා ප්‍රජාව දැනුම්වත් කිරිමේ වැඩසටහනක් එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී හා එප්පාවල නගරයේදී පසුගියදා පැවැත්විණි.

එප්පාවල පොලිස් වසමේ පාසල් කීපයක දරු දැරියන් දැනුම්වත් කිරීම හා රිය නියාමක දරුවන් පුහුණු කිරීමේ දේශනයක් හා සංදර්ශණයක් කොළඹ රථ වාහන පොලිස් මූලස්ථානයේ නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙලෙස පැවැත්විණි.

එප්පාවල පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ආරාධනයකට අනුව  මහ මගදී අපි සුරැකෙමු- අපි සුරකිමු යන තේමාව යටතේ ,කොළඹ රථ වාහන පොලිස් මූලස්ථානයේ, උපපොලිස් පරීක්ෂක එම්.සී උදය කුමාර මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් මෙම දේශනයන් හා සංදර්ශණ පැවැත් වූහ.

එහිදී එප්පාවල පොලිස් වසමට අයත් පාසල් කීපයක දරු දැරියන්ට  මාර්ග ආරක්ෂාව පිළිබඳ දරුවන් දැනුම්වත් කිරීම මෙන්ම, ඒ ඇසුරින් අසන ප්‍රශ්න සඳහා නිවැරදි පිළිතුරු ලබා දුන් දරු දැරියන් අගයමින් ත්‍යාග ප්‍රදානය කිරීමද,  රිය නියාමක දරු-දැරියන් වෙත රිය නියාමක කබායන් ප්‍රදානය කිරීම හා ඔවුන් වෙත සහතික පත්‍ර ලබා දීමද සිදු කෙරිණි.

ඉන් අනතුරුව එප්පාවල නගරයේදී සංදර්ශනාත්මක දැනුම්වත් කිරීමක්ද එම නිළධාරීන් විසින් සිදු කරනු ලැබීය.

තඹුත්තේගම කොට්ඨාශභාර සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න කුමාර, එප්පාවල පොලිස් ස්ථානාධිපති ඊ.අයි.එස් ඒකනායක යන මහත්වරුන් හා  එප්පාවල පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිතුමන් ඇතුළු රථ වාහන අංශ නිළධාරීන්, එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේ විදුහල්පතිතුමන් හා ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලය හා සිසු දරු දැරියන් මෙන්ම අවට පාසල් කීපයක සිසි දරු දැරියන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *