2024-2025 ගෞතම ශ්‍රි පාද වන්දනා වාරයේදි ශ්‍රි පාද උඩ මළුව විචිත්‍රවත් මල් පෙති ලක්ෂ තිහකින් වර්ණවත් කිරිමට නුගේගොඩ කස්ටම් ගෘප් ඔෆ් කොම්පැනි ආයතනයේ හිමිකරුවන් වන නිශාන්ත ද සිල්වා සහ නිලන්ත ද සිල්වා යන සහෝදරයින් මුලිකත්වයෙන් කටයුතු කර තිබුණි.
ඇස්තුමේනියා, කපුරු ඇතුළු මල් වර්ග ගණනාවක මල් පෙති සහ පිච්ච මල් යාර හත්දහසක් මෙවර ශ්‍රි පාද උඩ මළුව සැරසිම සදහා යොදාගත් බවයි නිශාන්ත ද සිල්වා කියා සිටියේ.
උඩ මළුව අලංකාර කිරිම සදහා භාවිතා කල මල් නුවරඑලිය ප්‍රදේශයෙන් මිල දි ගත් බවත්, එම මල් ශ්‍රි පාද උඩ මළුව දක්වා රැගෙන ගොස් සැරසිමට තම සමාගමට දිවයිනේ විවිධ ප්‍රදේශවල සීයකට ආසන්න පිරිසක් උපකාර කල බවත්, මෙවර ශ්‍රි පාදස්ථානය මලින් සැරසු 28 වෙනි අවස්තාව මෙය බවයි නිශාන්ත ද සිල්වා කියා සිටියේ.
මීට අමතරව ශ්‍රි පාද පද්මය සුවද පැණින් දෝවනය කිරිමට අවශ්‍ය සියළුම අමුද්‍රව්‍ය තම සමාගම විසින් ලබාදුන් බවත්, ගෞතම ශ්‍රි පාද උඩ මළුව මලින් සැරසිමට ගෞතම ශ්‍රි පාදස්ථානාධිපති ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක, පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර, ධර්ම කිර්ති ශ්‍රි ත්‍රිපිටකාචාර්ය, ශ්‍රි සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන්ගේ පුර්ණ ආශිර්වාදය ලැබුණු බවද නිශාන්ත ද සිල්වා පැවසිය.