ජනාධිපති අනුර කුමාර දිසානායකගේ යාපන සංචාරයට පැය කිහිපයක් තිබියදි සහ නිදහසට දින 4ක් තිබියදි ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යොදාගෙන පොලිසිය කිසිදු හේතු දැක්වීමකින් තොරව දෙමළ දේශපාලන ක්‍රියාධාරියකු ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසයට කැදවිම සම්බන්ධයෙන් උතුරේ දේශපාලන පක්ෂ අතර සංවාදයක් මතුකිරිමට සමත්ව ඇති බව උතුරේ අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.
ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ (ITAK) මධ්‍යම කාරක සභිකයකු ද වන පීටර් ඉලන්චේලියන්ට පෙබරවාරි 1 වැනිදා මුලතිව් අලම්පිල්හි පිහිටි ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසයට (CTID) පැමිණෙන ලෙස ජනවාරි 29 වැනිදා දැනුම් දී ඇත්තේ එම ඒකකය විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාලව කට උත්තර ලබා ගැනීම සදහා බව සදහන් කරමින් ය.
පෙබරවාරි 4 වැනිදාට යෙදි ඇති නිදහස් දිනය උතුරු නැගෙනහිර දෙමළ ජනයා මෙවරත් කළු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.පීටර් ඉලන්චේලියන් මින් ඉහත වසර කිහිපයකම ආණ්ඩුවේ නිදහස් සමරුවට හෙලා දකින විරෝධතාවලට නායකත්වය සැපයුවෙකි.
නව රජය බලයට පත් වීමෙන් පසුත් උතුරු නැගෙනහිර දෙමළ ක්‍රියාධරයන් ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසයට කැදවීම් රැසක්ම වාර්තා වු බවත් ඒ සම්බන්ධයෙන් දමිළ පක්ෂ ජනාධිපතිවරයාගෙන් සaජුවම ප්‍රශ්ණ කරනු ඇති බවත් උතුරේ සිවිල් ක්‍රියාකාරින් බලාපොරොත්තුවෙන් සිටි.
“ඒ වගේම ත්‍රස්ත විරෝධි පනත ගැන කියන්න තියන එකම දේ තමයි ඒක අපේ අභිලාෂයවත්, ප්‍රතිපත්තියවත් නෙමෙයි, නමුත් අළුත් පනත සකස් කරගන්නකං රටේ තියන නීති අපිට ඉතාම පරිස්සමෙන් පාවිච්චි කරන්න වෙනවා. මොකද අපි ආණ්ඩුවක් කරන්න ඕන පනත් සම්මත වෙනකං.” පාර්ලිමේන්තුවේ සභානායක, අමාත්‍ය බිමල් රත්නායක 2025 ජනවාරි 21
මිට අමතරව ජනාධිපතිවරයාගේ සංචාරය අතරතුර විරෝධතාවක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා, උතුරු පළාත් රැකියා විරහිත උපාධිධාරී සංගමය සහ තවත් අය කැඳවා තිබුණි.
මෙම තත්ත්වය තුළ, විරෝධතාවය තහනම් කරන ලෙස ඉල්ලා පොලිසිය යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට පෙත්සමක් ගොනු කර තිබුණි. යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් පස් දෙනෙකුට සිතාසි නිකුත් කිරීමට නියෝග කර ඇත, එනම් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්, උතුරු පළාත් රැකියා විරහිත උපාධිධාරී සංගමයේ සභාපති, විරෝධතා කමිටුවේ යාපනය දිස්ත්‍රික් සභාපති, තාවකාලික සෞඛ්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති සහ හඬක් නැති අයගේ හඬ සංවිධානයේ සභාපතිවරයා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කර තිබේ.

මේ අතර, අනුරාධපුර පොලිස් නිලධාරීන්ට එරෙහිව සාපරාධී බලහත්කාරය සහ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා අත්අඩංගුවට ගෙන එදිනම රාත්‍රියේ ඇප මත මුදා හැර තිබේ. යාපනයේ චාවකච්චේරි නගර සභාවේදී අනුරාධපුර පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර සිටියා.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනාට එරෙහිව කුමන්ත්‍රණයක් දියත්ව ඇති බවත් එය පසුපස උතුරේ දේශපාලන පක්ෂ සිටින බවත් එහි අරමුණ අර්චුනා උතුරේ මහ ඇමති විමේ උත්සහ නතර කිරිම බවත් ඔහුට පක්ෂ ක්‍රියාකාරින් පෙන්වා දෙනවා. මේ වනවිට සිය මහ ඇමති සටන දියත් කර තිබේන අර්චුනා සදහන් කළේ තමන් මහ ඇමති ධුරයට පත් වුවහොත්, මුලින්ම කරන්නේ සංස්කෘතික ශාලාව ‘යාපනය දෙමළ සංස්කෘතික මධ්‍යස්ථානය’ ලෙස නම් කිරීම බවයි. තමන් යාපනය අර්ධද්වීපය තුළ සිටින බවටත්, යාපනයේ දෙමළ ජනතාවට පමණක් සංස්කෘතියක් ඇති බවටත් ඔහු අවධාරණය කර තිබේ.
උතුරේ ජනතාව ඉල්ලන දේ
මේ අතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම සහ මහජන රැස්වීම් වැනි උත්සවවලට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක හෙට යාපනයේ සංචාරයක නිරත වේ. මහා මැතිවරණය අවසන් යාපනය දිස්ත්‍රික්කයේ අනාගතයට බලපාන පානීය ජල ගැටලුව පිළිබඳව මෙම අවස්ථාවේදී සාකච්ඡා කරනු ඇති බවට ජනතාව බලාපොරොත්තු දල්වා සිටි.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සංචාරයෙන් පසු, මාර්ග විවෘත කිරීම්, ඉඩම් නිදහස් කිරීම්, යාපනයේ පානීය ජල ගැටලුව සහ ධීවරයින්ගේ ගැටළු සම්බන්ධයෙන් යාපනයේ ජනතාව ශුභාරංචියක් අපේක්ෂාවෙන් සිටි.