ආපදා හේතුවෙන් සිදුවන ජීවිත හානි වෙනුවෙන් මෙතෙක් ගෙවනු ලැබූ රුපියල් 250,000ක වන්දි මුදල රුපියල් මිලියනයක් දක්වා ඉහළ නැංවීමට රජයේ අනුමැතිය ලැබුණු බව නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර පවසයි.
අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වී තිබෙන ආපදා තත්ත්වය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකරගේ ප්‍රධානත්වයෙන් පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළේ දැනට ලැබී ඇති සංඛ්‍යා ලේඛන වලට අනුව දිස්ත්‍රික්ක 18 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 127 ක පවුල් 5821 කට අයත් පුද්ගලයන් 19032ක් ආපදා තත්ත්වය හේතුවෙන් අවතැන් වී ඇති බවයි.
මේ වනවිට ඔවුන් ආපදා සහන මධ්‍යස්ථාන 17ක රඳවා සිටින අතර, ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් මෙන්ම වියළි හා පිසූ ආහාර සලාක ලබා දීමේ කටයුතු මේ වනවිටත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතී. ආපදා හේතුවෙන් පුද්ගල මරණ 2ක් වාර්තා වී ඇති අතර, පූර්ණ නිවාස හානි 10ක්, සුළු හෝ අර්ධ නිවාස හානි 438ක් මෙන්ම සුළු හෝ මධ්‍ය පරිමාණ ව්‍යාපාර හානි 25ක් හා වැදගත් යටිතල පහසුකම් 2ක් ද හානියට ලක් වී ඇති බව වාර්තා වී ඇත.
ජනාධිපතිතුමාගේ සහ රජයේ උපදෙස් පරිදි ආපදා සහන සේවා වෙනුවෙන් රුපියල් මිලියන 30ක මුදල් ප්‍රතිපාදන වෙන්කොට ඇති අතර, අවතැන් වූ ජනතාව වෙනුවෙන් එක් පුද්ගලයෙකුට රුපියල් 1800ක් හා පවුල් වල සාමාජික සංඛ්‍යාව වැඩි වන අනුපිළිවෙලට රුපියල් 1800 සිට රුපියල් 2400, රුපියල් 2800, රුපියල් 3200 හා රුපියල් 3600 බැගින් වන පරිදි පිසූ ආහාර හෝ වියලි සලාක ලබාදීම සඳහා දෛනික ආහාර සලාක දීමනාවක් ලබාදීමට කටයුතු යොදා ඇත. ආපදා හේතුවෙන් සිදු වන ජීවිත හානි වෙනුවෙන් මෙතෙක් ගෙවනු ලැබූ රුපියල් 250,000ක වන්දි මුදල රුපියල් මිලියනයක් දක්වා ඉහළ නැංවීමට ද රජයේ අනුමැතිය හිමි වී තිබේ.