Advertisement

ග්‍රාම නිලධාරි පුටුවේ සිට යගුලිය හා මිටිය අතට ගත් සිසිකුමාරි!

ඉන්දියාවේදී පැවැත්වෙන පළවන ඉන්දියානු මළල ක්‍රීඩා තරඟයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යගුලිය හා මිටිය විසිකිරීමේ විවෘත්ත තරඟ සඳහා  අඹගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ  සේවයේ නියුතු ආර්.එම්. සිසිකුමාරි තේරී පත්ව සිටි.

මෙම මස 10,11,12 යන දිනයන්වල ඉන්දියාවේ, කර්නාටක ප්‍රාන්තයේ ,මංගලෝර්  ක්‍රීඩංගණයේදී  මෙම තරඟාවලිය පැවැත්වේ.

සිසිකුමාරි මීට ප්‍රථම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉන්දියාව, චීනය, ජපානය, බංගලාදේශය හා සිංගප්පූර්ව යන රටවලදී පැවැත්වූ ජාත්‍යන්තර මළල ක්‍රීඩා තරඟ රැසකට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී යගුලිය හා මිටිය විසි කිරීමේදී ආසියානු ශූරතාවය දිනාගෙන ඇති දක්ෂ ක්‍රීඩිකාවකි.

දරුවන් සිව් දෙනෙකුගේ මවක් වන ඇය අඹගමුව හා නෝර්වුඩ් ප්‍රාදේශිය  ලේකම් කාර්යාල වලට අනුයුක්තව දැනට වසර 23 ක පමණ කාලයක් තිස්සේ ග්‍රාම නිලධාරිණියක් ලෙස සේවය කරමින් සිටින්නීය.

~සටහන හා ඡායාරූප-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක~

Leave a Reply

Your email address will not be published. Required fields are marked *