බලශක්ති ක්ෂේත්‍රය රජයේ හිමිකාරීත්වය සෘජු පාලනය අධිකාරීත්වය යටතේ තිබිය යුතු බවට තම රජය විශ්වාසය කරන බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි පවසයි.කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ Clean Sri Lanka ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාවටද එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ
“රටක දියුණුවට සංවර්ධනයට බලශක්ති ක්ෂේත්‍රයේ වර්ධනය හා ස්ථාවරත්වය ඉතා වැදගත්. අප රජය බලශක්ති ක්ෂේත්‍රය රජයේ හිමිකාරීත්වය සෘජු පාලනය අධිකාරීත්වය යටතේ තිබිය යුතුයි කියල අපේක්ෂා කරනවා. මීට පෙර රජයත් බලශක්ති ක්ෂේත්‍රයේ රජයේ හිමිකාරීත්වය වෙනස් කරන්න උත්සහ ගනිද්දී අපි ඒකට විරුද්ධව පෙනී හිටියා සටන් කළා විතරක් නෙවෙයි ඒ මතවාදය පැරැද්දුවා.”
“බලශක්ති ක්ෂේත්‍රයේ දියුණුවට අප ළග යෝජනා තිබෙනවා. අපි එය ක්‍රියාත්මක කරන්නට පටන් අරගෙනයි තියෙන්නේ, ඒවගේම සේවකයන්ගේ රැකියා සුරක්ෂිතතාවය වගේ කාරණා අපි ඉතා ඉහළින් සළකා බලනවා. ආයතනය රැකගෙන කාර්යක්ෂමතාවය ඉහළ නංවමින් රජයේ මේ වැඩපිළිවෙලට සහය දීම, අපි ඔබගෙන් අපේක්ෂා කරනවා යැයිද පැවසීය”
Clean Sri Lanka ජාතික වැඩපිළිවෙල පුළුල් අරමුණු අපි තේරුම් ගන්න ඕන. හොරකමට නාස්තියට දූෂණයට විරුද්දව කටයුතු කිරීමත් ඒ පුළුල් අරමුණු අතර තියෙනවා. අද ඇරඹුණ Clean Sri Lanka ජාතික වැඩසටහන විශේෂ වෙන්නෙත් ඒ නිසා යැයිද තවදුරටත් පැවසීය.