මුස්ලිම් විද්වතෙකු සහ පූජකයෙකු මෙන්ම අල්-කයිඩාවේ ප්‍රමුඛ ඉංග්‍රීසි භාෂා ප්‍රචාරකයෙකු වන Anwar al-Awlaki (අන්වර් අල්-අව්ලාකි)හට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සිය (USAID) පූර්ණ මූල්‍ය ආධාර ලබා දුන් බව අලුතින් හෙළිදරව් වි තිබේ.

1990 ගණන්වල කොලරාඩෝ ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය සඳහා මෙම මුල්‍ය පහසුකම් සපයා ඇති බවයි අනාවරණය වි ඇත්තේ.

තොරතුරු නිදහස පනත (FOIA) ඉල්ලීමක් හරහා ලබාගත් මෙම හෙළිදරව්ව, එක්සත් ජනපද විදේශ ආධාර වැඩසටහන් අධීක්ෂණය පිළිබඳ බරපතල ගැටළු මතු කරන බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.

විමර්ශන මාධ්‍යවේදිනියක් වන පැමෙලා බ්‍රවුන් විසින් අනාවරණය කරන ලද ලේඛනය USAID අල්-අව්ලාකිගේ සිවිල් ඉංජිනේරු අධ්‍යයන සඳහා අරමුදල් සැපයූ බව සනාථ කරයි. යේමන සම්භවයක් ඇති එක්සත් ජනපදයේ උපන් පුරවැසියෙකු වන අල්-අව්ලාකි අල්-කයිඩාවේ ප්‍රමුඛ චරිතයක් බවට පත් වූ අතර, බටහිර ඉලක්කවලට එරෙහිව ප්‍රහාර සඳහා පෙනී සිටිමින් සහ ත්‍රස්තවාදී කුමන්ත්‍රණ රැසකට අනුබල දුන් අයෙකුද වනවා.

නිව් මෙක්සිකෝවේ උපත ලැබූ අල්-අව්ලාකි, විශ්ව විද්‍යාලය සඳහා නැවත එක්සත් ජනපදයට යාමට පෙර ඔහුගේ මුල් ජීවිතයේ වැඩි කාලයක් යේමනයේ ගත කර ඇති අතර ඔහුගේ රැඩිකල්කරණය සිදු වූයේ 2000 දශකයේ මුල් භාගයේදී, ඔහු ජිහාඩ් දෘෂ්ටිවාදය ප්‍රවර්ධනය කරන ප්‍රමුඛ දේශකයෙකු බවට පත්වීමත් සමඟ බවද අනාවරණය වි තිබේ.

2011 දී, යේමනයේ එක්සත් ජනපද ඩ්‍රෝන් ප්‍රහාරයකින් Anwar al-Awlaki මිය ගිය ගොස් තිබේ.ඒ වන විට ඔහු ඇමරිකානු පුරවැසියෙකු වුවද ඒ පිළිබඳව කිසිදු හෙළිදරව් කිරීමක් සිදු නොවීය.

අල්-අව්ලාකිගේ අධ්‍යාපනයට අරමුදල් සැපයීමේදී USAID හි භූමිකාව හෙළිදරව් කිරීම ශිෂ්‍යත්වලාභීන් සඳහා එක්සත් ජනපද පරීක්ෂා කිරීමේ ක්‍රියාවලීන්හි ඵලදායීතාවය පිළිබඳ ප්‍රශ්න මතු වෙමින් තිබේන අතර අරමුදල් ලැබුණු විට අල්-අව්ලාකිට අන්තවාදී සම්බන්ධතා තිබූ බවට කිසිදු සාක්ෂියක් නොමැති වුවද, විදේශ ආධාර වැඩසටහන්වල අනපේක්ෂිත ප්‍රතිවිපාක සඳහා ඇති හැකියාව මෙම ක්‍රියාවලිය හරහා ඉස්මතු කරයි.

ඇමරිකානු ඩ්‍රෝන යානා මගින් අන්වර් අල්-අව්ලාකි විනාශ කර වසර අටක් ගත වී ඇතත් බටහිර රටවල ත්‍රස්ත ක්‍රියා සඳහා පෙළඹවීමක් ඇති කිරිමට ඔහු සමත් වු අයෙකි.ඔහුගේ ගෝලයෙකු වූයේ පසුගිය කාලයේ ලන්ඩන් පාලම අසලදී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු කිරිමට කටයුතු එයට හොදම නිදසුනකි.

එවකට ටයිම්ස් වාර්තා කළේ අල්-කයිඩාවේ ප්‍රමුඛතම ප්‍රචාරකයෙකු වූ ඉස්ලාමීය පූජකවරයාගේ දේශන වීඩියෝ සියයකට අධික සංඛ්‍යාවක් තමන් විසින් සොයාගෙන ඇති බවයි.

ඇමරිකානු ඩොලර් මිලියන 7.9 ක් ලංකාවේ කොහෙද ගියේ?

මේ අතර ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන්ට “ද්විමය-ලිංගික භාෂාව” වළක්වා ගන්නේ කෙසේද යන්න ඉගැන්වීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 7.9 ක් වැය කර ඇති බව ඇමරිකානු රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවේ (DOGE) ප්‍රධානී එලොන් මස්ක් කල අනාවරණයත් සමග ශ්‍රි ලංකාවේ දේශපාලනය යලිත් උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ. එම මුදල් වාර්තා එලිදක්වමින් එලෝන් ඇමරිකානු ජනතාවට සදහන් කළේ “ඔබේ බදු මුදල් පිස්සු නාස්තියක්” ලෙස භාවිතා කර ඇති බවයි.

2023 මූල්‍ය වර්ෂය තුළ පමණක් ලොව පුරා රටවල් රැසකට අමෙරිකානු ඩොලර් බිලියන 72ක් USAID ආයතනය පරිත්‍යාග කර තිබූ අතර ගෙවුණු වසර කිහිපය තුළ ඔවුන් මුදල් වැයකළ ව්‍යාපෘති සම්බන්ධ වාර්තාවක් ද ට්‍රම්ප් පරිපාලනය පසුගියදා මාධ්‍ය වෙත නිකුත් කළා.

ශ්‍රි ලංකාවේ ඇමරිකානු තානාපති ජූලි චුන්ග්, IREX සහ MEND වැඩසටහන් මගින් ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන්ට සහ විවිධ සමාජක්‍රියාකාරින් ඉලක්ක කර එම මුදල් බෙදාහදා දිමට කටයුතු කර තිබේ.

පසුගිය සමයේ සමාජය පිලිගත් පුරවැසියන් ලෙස පෙනී සිටිමින් විවිධ දේශපාලන ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වු ශ්‍රී ලාංකික දේශපාලනඥයින්, ඉහළ පෙළේ සමාගම්, ශාස්ත්‍රඥයින්, නීති ක්ෂේත්‍රය, මාධ්‍ය ආයතන, කලාකරුවන් සහ ක්‍රීඩා තරු, “කීර්තිමත්” වෘත්තිකයන්, සිවිල් සමාජය/රාජ්‍ය නොවන සංවිධාන මේ අතර තිබෙන බව දැනට අනාවරණය වි තිබේ.රාජ්‍ය නොවන සංවිධාන 100 කට අධික සංඛ්‍යාවක් මෙම අරමුදල්වල සෘජු ප්‍රතිග්‍රාහකයන් ව සිටි බවද අනාවරණය වි තිබේ.

ඒ අනුව ලොව පුරා මානුෂීය සහ සංවර්ධන ව්‍යාපෘති සඳහා අරමුදල් සපයන USAID, ආධාර සැපයීමේ මුවාවෙන් විවිධ රටවල අස්ථාවරත්වය සහ අවුල් සහගත තත්ත්වයන් ඇති කරන අරමුදල් ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වී ඇති බවට පාර්ශව කිහිපයක් විසින් කරන ලද චෝදනා මාස්ක්ගේ අනාවරණය අනුව තහවුරු වි තිබේ.

මේ අතර USAID මුල්‍ය චක්‍රය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සදහන් කර සීටියේ

“මෙම USAID යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘති සහ ප්‍රදාන පිළිබඳව පරීක්ෂණයක් පවත්වා පාර්ලිමේන්තුවට සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මම රජයෙන් ඉල්ලා සිටිමි,”

විදේශ අරමුදල් ලබන සංවිධානවල මෙහෙයුම් වලදී වැඩි විනිවිදභාවයක් සහතික කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිමින්, මූල්‍ය ආධාර ලැබූ රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ වාර්තාවක් ද ඔහු ඉල්ලා සිටියේය.

By admin

Ecast - Evoice is your premier platform for in-depth analysis and critical discussions on the pervasive issue of corruption within Sri Lanka's economy. We deliver timely, well-researched insights into the political and financial scandals shaping the nation's geopolitics, uncovering corruption, power abuse, and economic misgoverning at the highest levels. Our mission is to keep you informed with factual, transparent reporting while fostering informed dialogue that advocates for a more just and accountable Sri Lanka. Stay engaged with us for insightful updates on the issues that define the nation's future. E Voice Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *