Advertisement

හමුදාව වහාම ඉවත් වනු! උතුරු සහ නැගෙනහිර හර්තාලයට සුදානම්!

උතුරු සහ නැගෙනහිර පළාත්වල අඛණ්ඩව සොල්දාදුවන් රැඳී සිටීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස සිදුවන හානිය අපි දැඩි ලෙස හෙළා දකින බවත් ඊට එරෙහිව ලබන සිකුරාදා (15) හර්තාල් මගින් උතුරු සහ නැගෙනහිර පළාත් සම්පූර්ණයෙන්ම වසා දැමිමට ජනතාව සුදානම් බව ITAK ශ්‍රී ලංකා දෙමළ අරසු පක්ෂයේ මහලේකම් ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් පවසනවා.

මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් සුමන්තිරන් සදහන් කළේ මුතයියන්කට්ටු (Muttaiyankattu) හි තරුණයාගේ ඝාතනය දැඩි ලෙස හෙළා දකින බවත් එම ඝාතනය පසුපස හමුදාව සිටින බවත් ය. ඒ හෙතුවෙන් එම ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය කිසිදු මැදිහත්වීමකින් තොරව නිසි පරීක්ෂණ පැවැත්විය යුතු බවද ඔහු අවධාරණය කරනවා.

හමුදාව දෙමළ ජනතාවට එරෙහිව ක්‍රියා කරනවා.. ඊට හොදම උදාහරණය තමයි යාපනය, චෙම්මනි, සමුහ ඝාතන..!

මුතයියන්කට්ටු සිද්ධිය ….

සෙනසුරාදා (09) අලුයම මුලතිව් හි මුතයන්කට්ටු පොකුණෙන් තරුණයෙකුගේ මළ සිරුරක් සොයා ගන්නා ලද අතර පසුව ඒ සම්බන්ධයෙන් සිදුකල සොයා බැලිම් වලදි 2025.08.08 වන දින හමුදාව විසින් පුද්ගලයින් පස් දෙනෙකු මුලතිව් හමුදා කඳවුරට රැගෙන ගොස් ඇති අතර ඉන් සිව්දෙනෙකු කඳවුරෙන් පලා ගොස් තිබේ. නමුත් එක් අයෙකු ද අතුරුදහන් වී ඇති අතර අතුරුදහන් වූ පුද්ගලයාගේ සිරුර පසුව ආසන්නයේ තිබු වැවකින් සොයා ගෙන තිබේ. උතුරේ දේශපාලන ආරංචි මාර්ග සදහන් කලේ රැගෙන ගිය 5 දෙනාට හමුදාව විසින් කඳවුර තුළ දරුණු ලෙස පහර දි ඇති අතර ඉන් 4 දෙනෙකු පැනගැනිමට සමත් වුවත් එක් අයෙකු පහරකැම් හේතුවෙන් මරණයට පත්ව ඇති බවයි.අදාළ පුද්ගලයාගේ සිරුර ආසන්නයේ තිබු වැවකට විසීකර දමා ඇති බවයි. පහර කෑමෙන් ඝාතනයට ලක්ව ඇත්තේ 32 හැවිරිදි එදිර්මානසිංහම් කබිල්රාජ් යන අය බවද අනාවරණය වි තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය විසින් හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතරම ඔවුන්ගෙන් තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

වහාම විමර්ශනය කළ යුතුහ්.. වගකිවයුත්තන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවන ලෙස අපි අවධාරණය කර සිටියෙමු.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය කිසිදු මැදිහත්වීමකින් තොරව නිසි පරීක්ෂණයක් පැවැත්විය යුතුය. ප්‍රධාන කරුණ නම්, සිදුවීමක් සිදු වූ පසු එය විමර්ශනය කළ යුතු බවයි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් සදහන් කරන්නේ.

උතුරු සහ නැගෙනහිර පළාත්වල, හමුදාව ප්‍රදේශයේ ජනතාවට එරෙහිව ක්‍රියා කරයි. ඔවුන් ජනතාවට ප්‍රචණ්ඩත්වය මුදාහරිමින් සිටී. චෙම්මනි මේ සඳහා හොඳ උදාහරණයකි.චෙම්මනි ප්‍රදේශයෙන් කෙටි කාලයක් තුළ මිනිස් ඇටසැකිලි 147 කට වඩා සොයා ගෙන තිබේ. වසර ගණනාවකට පෙර ඔවුන් හමුදාව විසින් මරා දැමූ බව දැන් දන්නා කරුණකි.

මෙම පසුබිම යටතේ, උතුරු සහ නැගෙනහිර පළාත්වල සොල්දාදුවන් අඛණ්ඩව සිටීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස සිදු වූ හානිය අපි දැඩි ලෙස හෙළා දකින බවද ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් අවධාරණය කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *