ලංකාවේ ආර්ථිකය තවමත් අවදානමට ලක්ව ඇති අතර, ණය යථා තත්ත්වයට පත් කිරීම සහ බාහිර තිරසාරභාවය ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම මත එම තත්ත්වය රඳා පවතීන බව IMF හෙවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පෙන්වා දෙනවා.විස්තීරණ අරමුදල යටතේ තුන්වන සමාලෝචනය පහසුකම, මූල්‍ය සහතික සමාලෝචනය සහ මූල්‍ය ප්‍රතිපත්ති උපදේශන වගන්ති ඇතුලත් පිටු 138කින් යුත් වාර්තාව හරහා මේ බව පෙන්වා දි තිබේ. (සම්පූර්ණ වාර්තාව පහතින් කියවිමට හැක.)
අදාළ වාර්තාව හරහා Anti-money laundering and combating the financing of terrorism (AML/CFT),Crime, Debt sustainability, External debt, Foreign exchange, Government debt management, Inflation, Prices, Public debt,Public financial management (PFM),Revenue administration, Taxes, Value-added tax යන අංශ කෙරෙහි සමාලෝචනය කර තිබේ.
2024 අගභාගයේදී පැවති ජනාධිපතිවරණ සහ පාර්ලිමේන්තු මැතිවරණ සමඟ ශ්‍රී ලංකාව දේශපාලන සංක්‍රාන්තියකට භාජනය වු බවත් නව බලධාරීන් IMF වැඩසටහනට කැපවීම ප්‍රකාශ කළ බවත් ඒ අනුව ආර්ථි වර්ධනය යථා තත්ත්වයට පත්වීම, උද්ධමනය අඩු වීම, ආදායම් රැස් කිරීම වැඩි වීම සහ සංචිත සමුච්චය වීමත් සමඟ ප්‍රතිසංස්කරණ උත්සාහයන් ඵල දරමින් පවතීන බවද එම වාර්තාව පෙන්වා දෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය මාස 48 ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF)
සැලසුම යටතේ තුන්වන සමාලෝචනය සම්පූර්ණ කළ අතර, එමඟින් බලධාරීන්ට SDR මිලියන 254 ක් (ඇමරිකානු ඩොලර් මිලියන 334 ක් පමණ) ලබා ගැනීමට ඉඩ සැලසුණි. මෙය මේ දක්වා ලබා දී ඇති මුළු IMF මූල්‍ය ආධාර ප්‍රමාණය SDR බිලියන 1.02 (ඇමරිකානු ඩොලර් බිලියන 1.34 ක් පමණ) දක්වා ගෙන එයි.
2024 අවසානය වන විට, ශ්‍රී ලංකාවේ සැබෑ දළ දේශීය නිෂ්පාදිතය 2018 සහ 2023 අතර සිදු වූ පාඩුවෙන් සියයට 40 ක් පමණ යථා තත්ත්වයට පත් කර ගැනීමට පුරෝකථනයද කර ඇත.
පරාමිතීන්ට අනුකූල ජාතික අයවැයක්!
මේ අතර ශ්‍රී ලංකාව බදු නිදහස් කිරීම් වළක්වා ගත යුතු අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.9 ක වැඩසටහනක් දිගටම කරගෙන යාම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කර ඇති පරාමිතීන්ට අනුකූල ජාතික අයවැයක් සම්මත කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව IMF රජයට යලි යලිත් දැනුම් දුන් බව අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කර සිටියා.
මේ අතර IMF හි ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෲයර් මාර්ගගත සාකච්ඡාවකදී වාර්තාකරුවන් හට සදහන් කලේ දකුණු ආසියානු දූපත් රාජ්‍යය දැන් බදු අනුකූලතාව ඉහළ නැංවිය යුතු අතර, සමාජ සුභසාධනය ඉලක්ක කර ගැනීම වැඩිදියුණු කළ යුතු අතර, රාජ්‍ය මූල්‍ය වඩා හොඳින් කළමනාකරණය කිරීමට සහාය වීම සඳහා ප්‍රාග්ධන වියදම් සුමට කළ යුතු බවයි.
ලංකාවේ අයවැය අපි ඉතා ප්‍රවේශමෙන් නිරීක්ෂණය කරනු ඇත!
ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාව තීරුබදු 20% කින් අඩු කිරීමෙන් පසු දිවයිනේ විදුලිබල ඒකාධිකාරයේ මූල්‍ය කටයුතු ශක්තිමත් කිරීම සඳහා පිරිවැය-ප්‍රතිසාධන විදුලි මිලකරණය යථා තත්ත්වයට පත් කිරීමට ද IMF සහාය විය.
“ඊළඟ තීරුබදු සැකසුමේදී පිරිවැය නැවත අයකර ගැනීම සඳහා තීරුබදු නැවත වරක් සකසා ඇති බව සහතික කිරීම වැදගත් වේ,”
“ඊළඟ සමාලෝචනය සඳහා තවත් වැදගත් කරුණක් වනුයේ මෙම මාසයේ අවසානයේ සම්මත වන අයවැය පරාමිතීන්ට අනුකූල වීමයි, එබැවින් මෙය අපි ඉතා ප්‍රවේශමෙන් නිරීක්ෂණය කරනු ඇත.”
IMF හි ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෲයර් එහිදි අවධාරණය කළා.
නවතම IMF දත්ත වලට අනුව, ශ්‍රී ලංකාවේ ආර්ථිකය පසුගිය වසරේ 4.5% කින් වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර 2025 දී 3% ක වර්ධන පුරෝකථනයක් ඇත.
අදාළ වාර්තාවේ ශ්‍රී ලංකාවේ විධායක අධ්‍යක්ෂ ක්‍රිෂ්ණමූර්ති වී. සුබ්‍රමනියම් සහ විකල්ප විධායක අධ්‍යක්ෂ පී.කේ.ජී. හරිස්චන්ද්‍ර විසින් කරන ලද ප්‍රකාශය උපුටා දක්වමින් සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව මාස 48 ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) ගිවිසුමේ අඩක් සම්පූර්ණ කර ඇත යනුවෙනි.
Sri Lanka has reached the halfway mark of its 48-month Extended Fund Facility (EFF) arrangement.