ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජන සඳහා එක්සත් රාජධානියේ සම්බාධක ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජනයන් සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයින්ට එක්සත් රාජධානිය අද සම්බාධක සදහා අනුමැතිය ලබා දී තිබේ.
එක්සත් රාජධානිය විසින් සම්බාධක පනවා ඇති පුද්ගලයින් අතරට ශ්‍රී ලංකාවේ හිටපු ජ්‍යෙෂ්ඨ හමුදාපතිවරුන් සහ සිවිල් යුද්ධය අතරතුර බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජනයන් සම්බන්ධයෙන් වගකිව යුතු දෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE) සංවිධානයේ හිටපු අණදෙන නිලධාරියෙකු ඇතුළත් කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවල හිටපු ප්‍රධානී, ශවේන්ද්‍ර සිල්වා,හිටපු නාවික හමුදාපති, වසන්ත කරන්නාගොඩ, හිටපු හමුදාපති, ජගත් ජයසූරිය මෙන්ම LTTE ත්‍රස්තවාදී කණ්ඩායමේ හිටපු හමුදාපති, දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ හිටපු නායකයෙකු වන, විනයාගමූර්ති මුරලිදරන්, හෙවත් කරුණා අම්මාන් ද ඇතුලත් කර තිබේ. කරුණා අම්මාන් පසුව ශ්‍රී ලංකා හමුදාව වෙනුවෙන් කටයුතු කළ පැරාමිලිටරි කරුණා කණ්ඩායම නිර්මාණය කර නායකත්වය දුන් අයෙකුද වනවා.
ශ්‍රී ලංකා සිවිල් යුද්ධය අතරතුර බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ නීති විරෝධී ඝාතන, වධහිංසා පැමිණවීම් සහ/හෝ ලිංගික ප්‍රචණ්ඩත්වය සිදු කිරීම ඇතුළු කරුණු මෙහිදි සැලකිල්ලට ගෙන තිබේ.
සිවිල් යුද්ධය අතරතුර සිදු කරන ලද බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජනයන් සඳහා වගවීම සෙවීම සහ දඬුවම් නොලැබීමේ සංස්කෘතියක් වැළැක්වීම සම්බාධක පැනවීමේ අරමුණ බවයි විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් David Lammy (ඩේවිඩ් ලැමී) සදහන් කළේ.
එක්සත් රාජධානිය නව ශ්‍රී ලංකා රජය සමඟ මානව හිමිකම් සම්බන්ධයෙන් කටයුතු කිරීමට කැපවී සිටින අතර, ජාතික සමගිය සඳහා ශ්‍රි ලංකා රජයෙ කැපවීම් සාදරයෙන් පිළිගන්නා බවද ඔහු සදහන් කළා.
උපුටා ගැන්ම: ඩේවිඩ් ලැමීගේ ප්‍රකාශයෙන්
සිවිල් යුද්ධයේදී සිදු වූ සහ අදටත් ප්‍රජාවන්ට බලපාන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජන සඳහා වගවීම සෙවීම ඇතුළුව එක්සත් රාජධානියේ රජය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සඳහා කැපවී සිටී.
වගකිවයුත්තන්ට දඬුවම් නොලැබීමට ඉඩ නොදෙන බව සහතික කිරීමට මම මැතිවරණ ව්‍යාපාරයේදී කැපවී සිටියෙමි. මෙම තීරණය මගින් අතීත මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජන සඳහා වගකිව යුතු අය වගකිව යුතු බව සහතික කෙරේ.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වැඩිදියුණු කිරීම සඳහා නව ශ්‍රී ලංකා රජය සමඟ කටයුතු කිරීමට එක්සත් රාජධානියේ රජය බලාපොරොත්තු වන අතර ජාතික සමගිය සඳහා ඔවුන්ගේ කැපවීම් පිළිගනී.
ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ කළ සංචාරයේදී, ඉන්දු-පැසිෆික් කලාපීය අමාත්‍ය කැතරින් වෙස්ට් පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය, අග්‍රාමාත්‍යවරයා, විදේශ අමාත්‍යවරයා, සිවිල් සමාජ සංවිධාන මෙන්ම ශ්‍රී ලංකාවේ උතුරේ දේශපාලන නායකයින් සමඟ මානව හිමිකම් පිළිබඳ ඵලදායී සාකච්ඡා පැවැත්වුවාය.
ප්‍රජාවන් එක්ව ඉදිරියට යාමට නම්, අතීත වැරදි පිළිගැනීමක් සහ වගවීමක් තිබිය යුතු අතර, අද හඳුන්වා දී ඇති සම්බාධක ලැයිස්තුගත කිරීම් මගින් එයට සහාය වනු ඇත. සියලුම ශ්‍රී ලාංකික ප්‍රජාවන්ට වර්ධනය වී සමෘද්ධිමත් වීමට හැකි වීම අපට අවශ්‍යය.
මානව හිමිකම් වැඩිදියුණු කිරීම් මෙන්ම ආර්ථික වර්ධනය සහ ස්ථාවරත්වය ඇතුළු ඔවුන්ගේ පුළුල් ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමඟ ඵලදායී ලෙස කටයුතු කිරීමට එක්සත් රාජධානිය කැපවී සිටී. අපගේ වෙනස් කිරීමේ සැලැස්මේ කොටසක් ලෙස, විදේශයන්හි ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම අපගේ ජාතික ආරක්ෂාවට යහපත් බව එක්සත් රාජධානිය පිළිගනී.
කැනඩාව, මලාවි, මොන්ටිනිග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාව ඇතුළත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ මූලික කණ්ඩායමේ හවුල්කරුවන් සමඟ එක්ව ශ්‍රී ලංකාවේ වගවීම ප්‍රවර්ධනය කිරීම සඳහා එක්සත් රාජධානිය දිගු කලක් ජාත්‍යන්තර උත්සාහයන්ට නායකත්වය දී ඇත.
ශ්‍රී ලංකාවේ නිල ණයහිමි කමිටුවේ සාමාජිකයෙකු ලෙස ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහය දක්වමින් සහ ශ්‍රී ලංකාවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට තාක්ෂණික සහාය ලබා දෙමින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහන හරහා එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා සහාය වී ඇත.