බඩඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂයක් පමණ මෙරට ගොවියා හා බඩඉරඟු එකතු කරන ව්‍යාපාරිකයින් සතුව තිබියදී ඔවුන් ගැන කිසිදු තැකීමක් සිදු නොකොට කොමිස් බලාපොරොත්තුවෙන් කෘෂිකර්ම අමාත්‍යංශ ඉහල නිළධාරීන් බඩඉරිඟු අඩු මිලට ආනයනයට සත්ව ආහාර සමාගම් සඳහා අවසර ලබා දී ඇතැයි බඩඉරිඟු එක්රැස් කරන්නන්ගේ සංගමය අනුරාධපුරයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී පැවසීය.
මින් පෙර පැවති කිසිදු රජයක් මේ අයුරින් කටයුතු කර නැති බවත්, මේ මගින් අනාගතයේ බඩඉරිඟු ගොවිතැන අවධානමකට ලක් වන බවත් ඔවුන් වැඩිදුරටත් පැවසීය,
අපි ගිහින් අහපුවම අපිට හිතාගන්න බෑ කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්ද, එහෙම නැත්නම් සත්ත්ව ආහාර සංගම් වල ලේකම්ද කියලා , එතුමා අපි ගැන කථා කරන්නෙත් නෑ, ගොවියා ගැන කථා කරන්නෙත් නෑ, සත්ත්ව ආහාර සමාගම් වලට බඩඉරිඟු ආනයනයට දෙන්න තමා කථා කරන්නේ,
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජරට ධාන්‍ය එක්රැස් කරන්නන්ගේ සංගමයේ සභාපති , මහවිලච්චය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු W.A අජිත් සුසන්ත,

මේ කන්නෙත් බඩ ඉරිඟු අස්වැන්න නෙලන අවස්ථාවේ, බැංකු වලින් ණය අරගෙන බඩඉරිඟු එක් රැස් කරන්න පටන් ගත්තා, මාර්තු මාසයේ සිට, ඒ එක්කම බඩඉරඟු සමාගම් අපේ ගම් වලට ඇවිත් 155-165 දක්වා මිළ ගණන් වලින් බඩඉරිඟු කිරන්න පටන් ගත්තා, ඊට පස්සේ අපිටත් සිද්ධ වුණා මේවා මිළදී ගන්න අපි ගොවින්ට පහසුකම් දීලා තමයි අපි මේ බඩඉරිඟු මිලදී ගන්නේ, නිකං නෙමෙයි මිලදී ගන්නේ ,ගොවීන්ට සියලු පහසුකම් දීලා තමයි මේ මිලදී ගැනීම් සිදු කරන්නේ, අපි අවුරුදු 25-30 ක් මේ ව්‍යාපාර කටයුතු කරනවා, නමුත් පහුගිය රජයවල් කිසි දිනක මාර්තු මාසයේ බඩඉරඟු ආනයනය කරලා නෑ, නමුත් මේ රජය පත් වුණාට පස්සේ 2025 මාර්තු 27 වැනිදා අමාත්‍ය මණ්ඩල අනුමැතියක් දෙනවා බඩඉරිඟු ආනයනය සඳහා නමුත් බඩඉරඟු ගොවීන් මාර්තු මාසයේ අස්වැන්න නෙලන්න පටන් ගත්තාට පස්සේ මේක හයවැනි මාසය වන ජූනි මාසය දක්වා අස්වැන්න නෙලනවා, තාමත් ගොවීන් ලඟ බඩඉරඟු 50% ක් පමණ තිබෙනවා, එතකොට සාමාන්‍යයෙන් ලංකාවේම ව්‍යාපාරිකයින් 350 ක් 400 ක් එක්රැස් කරලා තියෙනවා බඩඉරිඟු , ඒවා එක්රැස් කරලා තියෙන්නේ 155-160 ත් අතර මිළකට, නමුත් රජය ආනයනය කරන්න දීලා තියෙන්නේ 115-120 ත් අතර මිළකට ඒක ලොකු අසාධාරණයක්, අපි රැස්වීම් කීපයක්ම පැවැත්වුවා කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්තුමා සමඟ නමුත් ඒකට නියම ප්‍රතිචාරයක් ලැබුනේ නෑ, එතුමා සහයෝගයක් දැක්වූයේ නෑ ලංකාවේ නිෂ්පාදන සංචිත විකිනීම සම්බන්ධයෙන් , ඒක බරපතල ගැටලුවක් , එතුමා බඩඉරිඟු කම්පැණි වලට පක්ෂපාතිව තමයි එතුමා සාකච්ජා පැවැත්වූයේ, මුල ඉඳන්ම අපිට ඒක තේරුණා, එතුමා මුල ඉඳන්ම කථා කරපු ආකාරයෙන් අපට ඒක තේරුනා , මේක සමබරතාවයක් තියෙන්න ඕන, මොකටද මේ ආනයනකරුවන්ට 115 කට බඩඉරඟු ආනයනයට අවස්ථාව ලබා දීමට මේ උසස් රාජ්‍යය නිළධාරීන් කටයුතු කරන්නේ කියන එක අපිට ලොකු ගැටලුවක් තියෙනවා, අපි යෝජනා කලේ බඩඉරඟු ආනයනය කරනවා නම් 150 ට හරි මේකට බද්ධක් දාලා හරි පවත්වාගෙන යන්න කියලා, ලංකාවේ බඩඉරඟු මිලදී ගත් අයට මේ වන විට මිළ 170 ක් පමණ වෙලා තියෙනවා, ඒ අයට සාධාරණයක් ඉෂ්ඨ කරන්න, කීප අවස්ථාවක්ම පහළම , නිළධාරියාගේ සිට ඉහළම නිළධාරියා ගරු ජනාධිපතිතුමන් දක්වා මේක දැනුම් දීලා තියෙනවා, නමුත් මේ වන තෙක් කිසිම පිළිතුරක් ලැබිලා නෑ, තවදුරටත් මේකට කවුරුත් මැදිහත් නොවෙනවා නම් අපි ලඟදීම කෘෂිකර්ම අමාත්‍යංශය ඉදිරිපිටදී ගොවීන් එක්ක දැවැන්ත විරෝධතාවක් සිදු කරන්න, මොකද මේකට සාධාරණයක් සිද්ධ වෙන්න ඕන ,ගොවීන් ගාව තවම 50% ක් වගේ බඩඉරඟු තාම සංචිත තියෙනවා, ඒ අය තවම විකුණලා නෑ, මේ සංචිත ඉතුරු වුණොත් ලබන මාස් කන්නයට ගොවීන්ට ගොඩක් බලපානවා, ආනයනික බඩඉරඟු 115-120 ට ගෙන ඒම තුළින් බඩඉරඟු ලබන කන්නයේ ගොවීන්ට රුපියල් 100 කටත් වඩා අඩු මිලකට විකිනීමේ අවධානමකුත් තියෙනවා, මේකට ඉතාමත් අඩු දින ගණනක් තුළ අපිට පිළිතුරු අවශ්‍යයි නැත්නම් අපි දැවැන්ත උද්ඝෝෂණයක් කරනවා ලංකාවේම ඉන්න ගොවීන් එක්රැස් කරලා.
අපි ගොවීන්ගෙන් මිලදී ගත්තේ රුපියල් 155 ගානේ , රජයෙන් බැංකු ණය අරගෙන තමයි අපි මිලදී ගත්තේ ඒ ගන්න අවස්ථාවේ කොම්පැණි ඇවිත් 160-162 වගේ මිලට ගත්තා , ඒ වන විට අපි ගොවීන්ට පහසුකම් සපයා තිවෙන නිසා අපිට ගන්න සිද්ධ වුණා, මේ වසරට විතරක් හරි රජයෙන් පහසුකම් දීලා, රජය අකමැති නම් අපි මේ ව්‍යාපාරයේ නිරත වෙලා ඉන්නවාට, අපි මේ ව්‍යාපාරයෙන් අයින් වෙලා නිකං ඉන්න කැමතියි ,අපි ගොවියන්ට කිසිම සහයක් නොදී අපි ඉවත් වෙන්න කැමතියි, ඒ වගේම අපි යෝජනා කරනවා ඔය මිලදී ගන්නා කොම්පැණි වලට කන්නය පටන් ගන්නා අවස්ථාවටත් ඇවිත් බඩඉරිඟු පැකට් දීලා, පොහොර දීලා, හාලා දීලා මේක පවත්වාගෙන යන්න කියලා අපි යෝජනා කරනවා.
අපි කියන්නේ මේ අඩු මිලට බඩඉරඟු ආනයනය කිරීම තමයි ගැටලුව, මේක 150-160 ක් වෙන්න බද්ධක් හරි ගහනවා නම් ඒකට අපි විරුද්ධ නෑ,ඒ හරහා කොම්පැණිවත්, කුකුල් කෑම හෝ කුකුල් මස්,බිත්තර කර්මාන්තයට හානියක් වෙන්නේ නෑ.
දැන් මාසයක ඉඳන් බඩඉරඟු රටින් ගෙන්වනවා, මේක බරපතල ප්‍රශ්නයක් , පහුගිය රජයවල් අගෝස්තු වෙනකල් ආනයනය කරන්න දුන්නේ නෑ, අගෝස්තුවෙන් පස්සේ තමයි ආනයනයට අවසර දුන්නේ, පහුගිය රජයන් රටේ ව්‍යාපාරිකයින්ට , ගොවීන්ට අවස්ථාව දුන්නා, කරුණු විමසා බලලා රජයේ උසස් නිළධාරීන්ගේ ප්‍රධානත්වයෙන් ඔයාලා ලඟ කොච්චරක් තොග තියෙනවාද? හොඳට කරුණු හොයලා බලලා තමයි ආනයනයට අවසර දෙන්නේ, නමුත් මේ රජය 03 වැනි මාසෙම අවසර දුන්නා, හැබැයි 03 වැනි මාසේ ඉඳන් 06වැනි මාසය වෙනකල් අස්වැන්න නෙලනවා, තාමත් අස්වැන්න නෙලන අවස්ථාව, මොනරාගල , පදියතලාව දිහා තාමත් ගොවීන් අස්වැන්න නෙලනවා,
ගොවීන් හා ව්‍යාපාරිකයන් සතුව මේ වන විට මෙට්‍රික් ටොන් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ලංකාව පුරාම තියෙනවා, ඒ සංචිත මාස 03-04 ක වගේ ප්‍රමාණයකට ප්‍රමාණවත්.
අපි ඉල්ලන්නේ 160-165 ත් අතර මිලකටවත් විකුණා ගන්න අවස්ථාව දෙන්න,ආනයනය කරද්දී අඩු මිලට බඩඉරඟු ගෙනාවා කියලා කුකුල් කෑම මිළ අඩු වෙන් නෑ, කුකුල් කෑම කිලෝවක මිළ 240 යි, 110 බඩඉරඟු ගෙනාවත් 240 ට තමයි කුකුල් කෑම විකුණන්නේ , 170 ට මිලදී ගත්තත් 240 ටමයි කුකුල් කෑම විකුණන්නේ ඒකේ කිසිම වෙනසක් නෑ, 115 -120 ට ආනයනය කිරීම තුළින් රටේ කෘෂිකර්මාන්තය කඩා වැටෙනවා, පහලම දුප්පත් මිනිස්සුන්ට සල්ලි යන්න අවස්ථාවක් ඇති වෙන්නේම නෑ , ඒක දැවැන්ත ප්‍රශ්නයක්, බඩඉරඟු විතරක් නෙමෙයි, උඳු , කවුපි වගේ ධාන්‍ය වලටත් මේ ප්‍රශ්නය බලපාලා තියෙනවා.මේ ආණ්ඩුව පත් වුණාට පස්සේ තමයි මේ ගැටලුව ආවේ , කලින් ආණ්ඩු දැනුම්දීමක් කරනවා, රැස්වීමක් තියලා ඔබතුමන්ලාගේ සංචිත මේ මිළ ගණන් යටතේ අලෙවි කරන්න කියලා දැනුම්දීමක් කරනවා , ඒ අය නම්‍යශීලී ප්‍රථිපත්ති වලට ආවා , නමුත් මේ අය එක්ක අපි රැස්වීම් කීපයක් පැවැත්වූවා ඒ කට්ටිය කිසිම ප්‍රථිපත්තියක් නෑ , එක පැත්තකට තමා සහයෝගය දක්වන්නේ, ඒක අසාධාරණයි , මැද පිළිවෙතකට ගන්න පුලුවන් නම් අසාධාරණයක් නෑ , 115-120 ඇතුළත ආනයනය කරන්න අවස්ථාව නොදී 150-160 ක් වගේ මිලකට ආනයනික බඩඉරඟු වල මිල පාලනයක් බද්ධක් හරි ගහලා කරන්න පුලුවන්නම් අපේ විරෝධයක් නෑ,අපිට මේ ගැන සාධාරණ සැකයක් තියෙනවා කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්තුමා මෙරට කෘෂිකර්මාන්තයට නෙමෙයි සහයෝගය දක්වන්නේ, කෘෂිකර්ම අමාත්‍යංශයේ උසස් නිළධාරීන්ගේ ඩීල් එකක් තියෙනවා කියලා අපිට හිතෙනවා.
බඩඉරඟු එක්රැස් කරන ව්‍යාපාරිකයකු වන මහවිලච්ච්ය ප්‍රදේශයේ අසංක රූපසිංහ…

අපි බඩඉරඟු ගොවීන්ට තෙල් පොහොර ටික දීලා, බඩඉරඟු වගාව ව්‍යාප්ත කරලා අපි මිලදී ගන්නවා, අපි ණයට තමයි ගොවියාට තෙල් පොහොර ටික ඇතුළු කෘෂිකර්මාන්තයට අදාළ යෙදවුම් ටික ලබා දීලා තමයි මේ බඩඉරඟු ටික මිලදී ගන්නේ , අවුරුදු 15-20 ක් අපි මේ කර්මාන්තයේ නියැලෙනවා, මෙවර අපි මේ වගේ වගා කරලා තියෙදී අස්වැන්න නෙලන අවස්ථාවේ සත්ත්ව ආහාර සමාගම් වල තරැව්කරුවන් යොදවලා රුපියල් 160 ට මිලදී ගත්තා ගොවියන්ගේ බඩඉරිඟු අපිටත් සිද්ධ වුණා රුපියල් 155-160 ට ගොවියන්ගෙන් බඩඉරඟු මිලදී ගන්න, මොකද අපි තමයි ගොවියන්ට යෙදවුම් ටික දීලා තියෙන්නේ, අපිට ඒ ණය ටික අය කර ගන්න සහ අපේ කර්මාන්තය රැක ගන්න ඕන නිසා අපිත් ඒ මිලට මිලදී ගෙන ගබඩා කර ගෙන ඉන්නවා, එතකොට මේ වන විට මාස 04 ක් බැංකු වලින් ණය අරගෙන තමයි බඩඉරිඟු මිලදී ගත්තේ, අපි රාජ්‍යය බැංකු වලට පොලිය වශයෙන් ගෙවලා තියෙනවා විශාල මුදලක්, ඒ වගේම ගබඩා කරපුවම දූමකරණයට, වියළි බර ඒ වගේ ගියහම රුපියල් 10-12 ක් කිලෝ එකකට මිළ ගිහින් තියෙනවා, ඒ අනුව මේ වෙන කොට ගබඩාවේම 165 විතර වෙලා තියෙනවා, නමුත් කෘෂිකර්ම අමාත්‍යංශයෙන් අපි බඩඉරඟු ගන්න මොහොතේ අප්‍රේල් මාසයේ ආනයනය කරන්න බලපත්‍ර නිකුත් කරනවා මෙට්‍රික් ටොන් ලක්ෂ 03 කට, අපි සාකච්ජාවකදී කෘෂිකර්ම අමාත්‍යංශ නිළධාරීන්ගෙන් ඇයි මෙහෙම දුන්නේ කියලා ඇහුවම එයාලා කියනවා අපේ රටේ තියෙන්නේ මෙට්‍රික් ටොන් ලක්ෂ 03 යි , ඒ නිසා තවත් ලක්ෂ 03 ක් ගේන්න දුන්නා කියලා, හැබැයි අපි කියනවා , පහුගිය අවුරුදු 15 ටම කරපු නැති දෙයක් මේ කෘෂිකර්ම අමාත්‍යංශයෙන් මේ වෙලාවේ කෙරුවා, කෘෂිකර්ම අමාත්‍යංශයේ ගොවි බිමේ ඉන්න නිළධාරීයා ඉන්නවා හැබැයි පසුගිය රජයවල් සිදු කලේ අවශ්‍යය තොරතුරු අරගෙන තමයි මෙට්‍රික් ටොන් කොච්චරක් නිෂ්පාදනය වෙලාද කියලා බලලා තමයි ආනයන බලපත්‍ර නිකුත් කරන්නේ ආනයනයට, නමුත් මේ වෙලාවේ කිසිම තොරතුරක් නැතිව , අපේ ගබඩා වලින් තොරතුරක් ගන් නැතිව, කිසිම නිළධාරීයකුගෙන් තොරතුරක් ගන්නේ නැතිව එක පාරම අප්‍රේල් මාසයේ ආනයනයට අවසර දෙනවා, අපි ගිහින් අහපුවම අපිට හිතාගන්න බෑ කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්ද, එහෙම නැත්නම් සත්ත්ව ආහාර සංගම් වල ලේකම්ද කියලා , එතුමා අපි ගැන කථා කරන්නෙත් නෑ, ගොවියා ගැන කථා කරන්නෙත් නෑ, සත්ත්ව ආහාර සමාගම් වලට බඩඉරිඟු ආනයනයට දෙන්න තමා කථා කරන්නේ,අපි ප්‍රශ්න කරන්නේ මෙට්‍රික් ටොන් ලක්ෂ 03 ක් ගේන් කොට , මෙට්‍රික් ටොන් ලක්ෂයක් ලංකාවේ ගොවියා ගාවයි ,ව්‍යාපාරිකයන් ගාවයි තියෙනවා, එතකොට මේ ලක්ෂ 03 ගෙනාවම මෙට්‍රික් ටොන් ලක්ෂ 06 යි නම් අවශ්‍යතාව අපි නිෂ්පාදනය කරලා තියෙනවා මේ අවුරුද්දේ ලක්ෂ 04 ක් විතර, එතකොට ලක්ෂයක විතර අතිරික්තයක් තියෙනවා, අපි මිලදී ගත් බඩඉරඟු මේ වන විට 170 ක් වෙලා තියෙනවා , පකිස්ථානයෙන් ගේන්න පුලුවන් රුපියල් 100 ට , එහෙම ගෙන ආවම රුපියල් 70 ක අලාභයක් වෙනවා ගොවියාට සහ ව්‍යාපාරිකයාට, මේ ව්‍යාපාර කඩා වැටුණම ව්‍යාපාර 300 ක් පමණ තියෙනවා මේ ක්ෂ්‍රේතයේ ලංකාව පුරාම, මේ සියලු දෙනාට මේ ප්‍රශ්නය බලපාලා තියෙනවා, අද වන විට ප්‍රශ්න ගණනාවක් මතු වෙලා තියෙනවා.
මේ වන විට උදු මිලදී ගන්න බෑ ගබඩා තාම බඩඉරිඟු වලින් පිරිලා, උඳු ටික මිලදී ගන්න කෙනෙක් නෑ, මේ වන විට තල අස්වැන්න එනවා තල මිලදී ගන්න කෙනෙක් නෑ, ගබඩා වහලා, ගබඩා වල සල්ලි හිරවෙලා, රුපියල් 200 ටවත් තල ගන්න කෙනෙක් නෑ, හෙට අනිද්දාට යල් කන්නයේ බඩඉරඟු යම් ප්‍රමාණයක් එනවා ඒ ටික මිලදී ගන්න කෙනක් නෑ, එතකොට රුපියල් 100 ට පකිස්ථානයෙන් ගෙනත්, පකිස්ථානයේ ගොවියා, ව්‍යාපාරිකයාට ලාභ කරනවා අපේ ව්‍යාපාරිකයන් හා ගොවියන් නැති කරලා දානවා, මේකද ආණ්ඩුවේ ප්‍රථිපත්තිය, අපි මේ ආණ්ඩුව සමාජවාදී ආණ්ඩුවක් කියලා, ගොවියාට සහන දෙයි කියලා, දේශීය ව්‍යාපාරිකයාට සහනයක් දෙයි කියලා තමයි අපි මේ ආණ්ඩුව ගැන බලාපොරොත්තු තියා ගත්තේ, හැබැයි දැන් ව්‍යාපාරිකයෝ 300 ක් විතර ඉවරයි, ගොවියෝ ටිකත් ඉවරයි, ඒ නිසා අපි ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ මේ ප්‍රශ්නයට ජනාධිපතිතුමනි මැදිහත් වෙලා මේ ලංකාවේ තියෙන දේශිය බඩඉරඟු වලට රුපියල් 170 ක මිලක් දීලා මේ ප්‍රශ්නය විසඳලා දෙන්න කියලා ඉල්ලා සිටින්නේ.
බලයට පත් වෙන්න පෙර අපි ගැන කථා කරපු ඇමතිවැරු තමයි දැන් මේ ඉන්නේ, නිළධාරීත් එහෙමයි, හැබැයි මේ ආණ්ඩුව පත් වුණාට පස්සේ කිසිම කෙනෙක් අපෙන් තොරතුරක්වත් අරගෙන නෑ.එකපාර තීරණය කරනවා මෙට්‍රික් ටොන් ලක්ෂ 03 ක් ගේන්න තවත් මෙට්‍රික් ටොන් ලක්ෂයක් රට තුළ තියෙද්දී,මේක බරපතල ප්‍රශ්නයක්.
මේ සත්ත්ව ආහාර සමාගම් කරන්නේ අස්වැන්න නෙලන කාළයට ඇවිත් මිලදී ගැනීම, ඊට පස්සේ එයාලා පිරටින් ආනයනයත් කරනවා.හැබැයි ගමේ ඉන්න ව්‍යාපාරික අපි තමයි ට්‍රැක්ටරයෙන් හාලා දෙන්නේ, තෙල් පොහොර ටික දෙන්නේ, ඇටපැකටි එකේ ඉඳන් යෙදවුම් දෙන්නේ මේ ව්‍යාපාරිකයෝ ටික, මේ ව්‍යාපාර කඩා වැටුණාට පස්සේ කවුද ගොවියාගේ උදව්වට එන්නේ, මේ කිසි කෙනෙක් එන් නෑනේ,මෙයාලට ඕන හැමදාම ආනයන මත රැදෙන්න, මේ ලංකාවේ නිෂ්පාදනය වන මෙට්‍රික් ටොන් ලක්ෂ 03 , ලක්ෂ 05 ක් කරන්නේ කොහොමද කියලා කිසි කෙනෙක් කියන්නේ නෑ, කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්තුමාට මේකට උත්තරයක් දෙන්න කිව්වම එතුමාගේ උගුරේ හිර වෙලා කොමිස් කුට්ටි.අපි ගැන, ගොවියා ගැන එතුමා කථා කරන්නේ නෑ,වචන එන්නේම අර පැත්තට, සත්ත්ව ආහාර සමාගම් පැත්තෙමයි හිට ගන්නේ, හැබැයි සත්ත්ව අහාර සමාගම් කොච්චර අඩුවට බඩඉරිඟු ගෙනාවත් කුකුල් කෑම කිලෝ එක රුපියල් 240 යි, ඊට අමතරව මෙයාලා තවත් වැඩක් කරනවා, බඩඉරිඟු ආනයනයට බලපත්‍ර නොදී තියෙන වෙලාවේ වීඩ් එක ගේනවා බද්දක් නැතිව,බඩ ඉරඟු වෙනුවට ආදේශ කරලා ඒ හරහා අධික ලාභයක් ලබනවා,අවසානයට ව්‍යාපාර ටිකත් වට්ටලා මෙයාලා අධික ලාභ ලබනවා, ඒ ලාභයෙන් කොටසක් නිළධාරීන් අතර බෙදෙනවා කියලා අපිට හිතෙනවා, තාමත් මේ රාජ්‍යය යාන්ත්‍රණයේ කොමිස් කුට්ටි එහෙට මෙහෙට වෙනවා කියලා අපිට තේරෙනවා.මෙට්‍රික් ටොන් ලක්ෂ 03 ක් කියන්නේ බිලියන 15 ක ගණුදෙනුවක් මේ, මේ ගණුදෙනුව ඇතුලේ මේ අය ආනයන නවත්වන්න කථා කරන්නේ නෑ.
අපි නැවතත් කියන්නේ මේ සමාලෝචනයක් කරලා මේ බඩඉරඟු ආනයනය නතර කරන්න කියලා අපි ඉල්ලා සිටින්නේ.මේ ප්‍රශ්නය විසදුනේ නැත්නම් ව්‍යාපාරිකයින්ට ණය ගෙවා ගන්න බැරි වෙනවා, ඊට පස්සේ ගොවියාට උදව් කරන්නේ කවුද? මේ සත්ත්ව ආහාර සමාගම් ඇට පැකට් එකක්වත් දෙන් නෑ, අපි ඉල්ලන්නේ 170 මිලක් දෙන්න, අපි කියන්නේ මේ මෙට්‍රික් ටොන් ලක්ෂය දැන් අරගෙන ඉවර කරන්න, ඊට පස්සේ ඉතුරු අවශ්‍යය ප්‍රමාණය ගේන්න.
මේ සත්ත්ව ආහාර නිෂ්පාදන සමාගම් තමයි, පැල කරන්න බඩඉරඟු බීජ ලංකාවට ගෙන්වන්නේ , ඒ බීජ පැකට් එකක් රුපියල් 17 000 යි, රුපියලක් අඩු කරන්නේ නෑ, එතකොට ලංකාවේ ගොවියට රුපියල් 100 ට බඩඉරඟු දෙන්න බෑ,යූරියා මිටියක් රුපියල් 10 000 යි, එතකොට පකිස්ථාන් ගොවියයි, බඩඉරඟු එකතු කරන ව්‍යාපාරිකයොයි දිනුම්,හැබැයි මෙහෙ රුපියල් 100 ට දෙන්න පුලුවන්ද මෙයාලා කුකුල් කෑම 150 ට දෙන්නෙත් නෑනේ,මේ මෑතකදී බිත්තර සංගමයේ සභාපතිතුමා කියනවා අපිට ලයිසන් දීලා තියෙනවා පිටරටින් ගේන්න ,බොහොම හොඳයි හැබැයි එහෙම බඩඉරිඟු ගේන්න දුන්නාට අපිට බිත්තර දෙන්න වෙන්නේ 30-35 ත් අතර මිලට, රුපියල් 2 යි අපිට අඩු කරන්න වෙන්නේ කියලා, ඉතින් එතකොට වැඩක්ද?රුපියල් 2 ක් බිත්තරයකින් අඩු කරල ගොවියත් නැති කරලා, දේශිය ව්‍යාපාරිකයෝ 300-400 ක් නැති කරලා මේ මිනිස්සු උසාවි ගානේ යන්න,හිරගෙවල් ගානේ යන්න වැඩ කරලා වැඩක් නෑ,අධික ලාභයක් මේ ලබන්නේ, මේක මැද්දට ගන්නේ, අපි කියන්නේ දේශිය බඩඉරඟු කිලෝවක් 170 යි නම් පිටරටින් ගේන බඩඉරිඟු කිලෝවත් 170 කරන්න, සමානයිනේ, කෘෂිකර්ම අමාත්‍යංශ කථා කරන්න ඕන කෘෂිකර්මාන්තය ගැනනේ, හැබැයි කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්තුමා කථා කරන්නේ සත්ත්ව ආහාර සමාගම් ගැන, එයාලට ලොකු වියදමක් යනවා කියලා මාර අනුකම්පාවක් තියෙනනෙ, දේශිය ගොවියා දේශිය ව්‍යාපාරිකයා ඒ අයට වැඩක් නෑ ,
මේ රටේ බඩඉරිඟු සමස්ථ අවශ්‍යතාව මේ රටේම නිෂ්පාදනය කරන්න පුලුවන්, හැබැයි ඒ සඳහා සත්ත්ව ආහාර සමාගම් පැත්තේ නෙමෙයි හිට ගන්න ඕන , හිටගන්න ඕන ගොවියා එක්ක, ගොවියාට යෙදවුම් ටික දෙන ව්‍යාපාරිකයා නෙමෙයිද ආරක්ෂා කරන්න ඕන, මේ ව්‍යපාරිකයා දියුණු වුණොත් ගමේ ගොවියාට සහන ලැබෙනවා, ගොවියාට මුදලක් ගියොත් ටැක්ටරයක් හරි ගන්නවා.හැබැයි ගොවියා ව්‍යාපාරිකයා දෙන්නම වැටුණම සත්ත්ව අහාර සමාගම් කියයි රට තුළ දැන් බඩඉරඟු මෙට්‍රික් ටොන් ලක්ෂයයි දැන් හදන්නේ මෙට්‍රික් ටොන් ලක්ෂ 05 ක්ම ගේමු කියලා එතකොට රටේ ඩොලර් ටිකත් යනවා, සත්ත්ව අහාර සමාගම් ටිකයි, අර අමාත්‍යංශ නිළධාරීන් ටිකයි හොඳට කොමිස් ටිකක් දාලා මේ ව්‍යාපාර කර ගෙන යයි මේ කර්මාන්ත ඉවරටම ඉවරයි යැයි පැවසීය.