රජයේ වැය ශීර්ෂය මගින් වෙන් කළ රුපියල් කෝටි එක හමාරකට අධික මුදලක් අවභාවිත කළැයි කියන සිද්ධියක් සම්බන්දයෙන් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ලබන 26 වැනි දා දක්වා රිමාන්ඩ් බාරයේ තැබිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවිය 22 වැනිදා රාත්‍රීයේ නියෝග කර සිටියා. මහත් ආන්දෝලනයකට තුඩුදුන් මෙම නඩු විභාගය අවසන් වුයේ දීර්ඝ වශයෙන් ඉදිරිපත් වූ සාක්කි සැලකිල්ලටගෙන සැකකරු රිමාන්ඩ් බාරයට පත් කිරිමෙන් අනතුරුවය.
කෙසේවෙතත් බන්ධනාගාරය තුළදී සැකකරුට අවශ්‍ය ආරක්ෂාව සහ රෝගී තත්වයන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට අවශ්‍ය පියවර ගන්නැයි ද මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළාය.
එම නඩු විභාග සහ ඊට අදාළ කරුණු රැසක් අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළද මෙම අවස්ථාවේ එම තොරතුරු මුදා නොහැර සිටිමට අප තීරණය කර තිබේ.
මේ අතර අදාළ නඩු විභාගය සම්බන්ධයෙන් නීති ක්ෂේත්රයේ ප්‍රවීණයන් විවිධ අදහස් පලකර තිබේ.නීතිඥ නාමල් රාජපක්ෂ සදහන් කරන අකාරයට අද ලබාදෙන තින්දුව මේ ව්න විටත් අනුර කුමාර ජනාධිපතිවරයා දක්වාම බලපානු ඇති බවයි.

මේ අතර ජනාධිපති නීතිඥ සාලීය පිරිස් සිය Facebook ගිණුමේ තබා ඇති සටහනකින් පෙන්වා දෙන්නේ රුබිකන් නදිය තරණය කළ පසු ආපසු හැරීමේ හැකියාවක් නොවීය. එය නොආපසු හැරෙන සීමාව බවයි.ඔහුගේ එම සටහන අන්තර්ජාලයෙන් උපුටාගෙන පහත දක්වා ඇති අතර තම නැණ නුවනේ ප්‍රමාණය අනුව එය වටහා ගැනිම ඔබ සතුය.
රුබිකන් තරණය:
ක්‍රි.පූ. 49 ජනවාරි මාසයේදී, ගෝල්හි ආණ්ඩුකාරවරයා වූ ජුලියස් සීසර්, රෝමයේ සෙනෙට් සභාවේ නියෝග නොතකමින්, තම හමුදාව සමඟ රුබිකන් නදිය තරණය කළේය.
රුබිකන් නදිය තරණය කළ පසු ආපසු හැරීමේ හැකියාවක් නොවීය. එය නොආපසු හැරෙන සීමාව විය.
එහි ප්‍රතිඵලය වූයේ සිවිල් යුද්ධයක් වන අතර, අවසානයේ ජුලියස් සීසර්ගේ ජයග්රහණයෙන් එය නිමා විය. මෙම සිදුවීම විසින් “රුබිකන් තරණය” හෝ “ආපසු හැරෙන සීමාව තරණය” යන යෙදුම බිහි කළේය.
දේශපාලනයේ හෝ පාලනයේ ඇතැම් මොහොතවල් “රුබිකන් තරණය” හෝ නොආපසු හැරෙන සීමාව ලෙස හැඳින්විය හැක. එවැනි තීරණ ප්‍රඥාවෙන් යුතුව රටේ දිගුකාලීන අභිලාෂයන් සැලකිල්ලට ගනිමින් මහත් සැලකිල්ලෙන් යුතුව ගනු ලබන තීරණ විය යුතුය.
Crossing the Rubicon:
In January 49 BC Julius Caesar the Governor of Gaul crossed the river Rubicon with his army against the orders of the Senate in Rome. Once
the Rubicon was crossed there was no going back. That was the point of no return. It ended with a civil war and the ultimate triumph of Julius Caesar. This incident has led to the phrase ‘crossing the Rubicon’ or ‘crossing the point of no return’. There are certain moments in politics or governance which are the moments of ‘crossing the Rubicon’ or that point of no return. Those decisions must be considered decisions and those that are made wisely and with the long term interests of the country in mind.
මේ අතර රනිල් වෙනුවෙන් 26 වැනිදා කොළඹට යනුවෙන් විරෝධතාවයක් කැදවිමට විපක්ෂයේ සියලුම පක්ෂ නායකයින් 22 රාත්‍රියේම රැස්වි තීරණය කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.
