Advertisement

යුධ හමුදාවට එරෙහි හර්තාලයට වතුකරයත් එයි!

ශ්‍රී ලංකා යුධ හමුදාවට එරෙහිව උතුරු නැගෙනහිර සිදුකරන හර්තාල් ව්‍යාපාරයට ලංකා කම්කරු කොංග්‍රසයේ පුර්ණ සහයෝගය දක්වන බව එම පක්ෂයේ මහ ලේකම් ජීවන් තොන්ඩමන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

යුධ හමුදාවට එරෙහිව උතුරු නැගෙනහිර ප්‍රදේශවල මේ මස 15 වන දින සිදු කරන හර්තාල් ව්‍යාපාරායට ලංකා කම්කරු කොංග්‍රසයේ පූර්ණ සහයොගය ලබා දෙන බව එම පක්ෂයේ මහ ලේකම් ජීවන් තොන්ඩමන් තීර්ණය කල බව එම පක්ෂයේ මාධ්‍ය නිවේදනයක් සිදු නිකුත් කරමින් සදහන් කරයි.

ඉකුත් 7 වන දින මුලතිව් ඔට්ටු සුඩාන් ප්‍රදේශයට අයත් මුත්තු අයන්කට්ටු ප්‍රදේශයේදි හමුදා ප්‍රහාරයක් හේතුවෙන් මියගියේ යැයි කියන අතිරාමන්නසිංහම් කපිල්රාජ් නම් (32) හැවිරිදි තරුණයාගේ සිරුර ඉකුත් 09 වන දින මුත්තු අයන්කට්ටු පොකුණක තිබී සොයා ගත් බවයි එම නිවේදනයේ සදහන් වන්නේ.

යුක්තිය ඉල්ලා සහ හමුදාවේ අසාධාරණ ක්‍රියාවන්ට එරෙහිව පැවැත්වීමට නියමිත එම හර්තාල් ව්‍යාපාරයට ලංකා කම්කරු කොංග්‍රසයේ පුර්ණ සහයෝගයද ලබා දෙන බව එම මාධ්‍ය නිවේදනයේ සදහන් කර ඇත.

තවද යුද්ධය අවසන් වී වසර 16කට පසුවත් මෙවැනි අමානුෂික ක්‍රියා සිදු වන බවත්, එය පිලිගත නොහැකි බවයි එම මාධ්‍ය නිවේදනයේ තව දුරටත් සදහන් වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *