නේපාල රජය Facebook, Whatsapp , Instagram වැනි ප්‍රධාන සමාජ මාධ්‍ය වේදිකා තහනම් කිරිමත් සමග අලුයට තිබු ගිනී මතු පිටට පැමිණි අතර මෙම තීරණයට විරෝධය පළ කරමින් රට පුරා තරුණයින් වීදි බැස විරෝධතාව ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරිමත් එහි අවසන් ප්‍රථ්පලය ලෙස නිළ වශයෙන් 19 දෙනෙකුට ජිවිත අහිමි විම සහ නේපාල අගමැති කේ.පී. ෂර්මා ඔලි ඉල්ලා අස්වීම දක්ව ගොස් තිබේ. තත්ත්වය තවමත් පාලනය කර ගැනිමට නොහැකි වි තිබේන අතර අවසානයක් පිළිබඳව නිශ්චිතවම කිමට දැනට හැකියාවක් නැත.
නේපාලය පුරා පැවති විරෝධතා අතරතුර මේ දක්වා පුද්ගලයින් 20 කට වැඩි පිරිසක්, බොහෝ දුරට තරුණයින්, මිය ගොස් ආරක්ෂක නිලධාරීන් සහ මාධ්‍යවේදීන් ඇතුළු 300 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව මාධ්‍යකරුවන් අනාවරණය කර තිබේ.
අගමැති කේ.පී. ෂර්මා ඔලිගේ ඉල්ලා අස්වීමෙන් පසු රට තුළ පුළුල් නොසන්සුන්තාවයක් සහ විරෝධතා පැවැත්වෙන නේපාලය අද ගැඹුරු දේශපාලන හා සමාජ අර්බුදයකට මුහුණ දී සිටී. මෙම කලබලය පිටුපස රටේ දේශපාලනය, ආර්ථිකය සහ සමාජ ව්‍යුහයට බලපාන ගැඹුරු හේතු රාශියක් තිබේ. නේපාලයේ වත්මන් තත්ත්වයට ප්‍රධාන හේතු කිහිපයක් පිළිබඳව ඔබගේ අවධානය යොමු කිරිම අනාගත ලාංකිය සමාජයටද සුභදායී වනු ඇත.
රාජ්‍ය විරෝධී පෙළපාලිවලට මාරාන්තික මර්දනයක් එල්ල වීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වීමෙන් පසු විරෝධතාකරුවන් පාර්ලිමේන්තුවට කඩා වැදී ගොඩනැගිල්ලට ගිනි තබනු ලැබුවා.
නේපාල ජනාධිපති රාම් චන්ද්‍ර පෝඩෙල් වෙත යවන ලද ඉල්ලා අස්වීමේ ලිපියේ, ඔලි මහතා පැවසුවේ “දේශපාලන විසඳුමක් සහ ගැටළු විසඳීම සඳහා ඉදිරි පියවර ගැනීම සඳහා රට තුළ දැනට පවතින අසාමාන්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින්” වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත්ව යන බවයි.
සමාජ මාධ්‍ය තහනම සහ Gen Z පාරට එම …
සැප්තැම්බර් 3 වන දින, නේපාල රජය Facebook, WhatsApp, Instagram වැනි ප්‍රධාන සමාජ මාධ්‍ය වේදිකා තහනම් කළේය. මෙම තීරණයට විරෝධය පළ කරමින් රට පුරා තරුණයින් වීදි බැස විරෝධතාව ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගත්තේය. විරෝධතාකරුවන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට පවා පහර දුන් අතර, එය පොලිසිය සහ විරෝධතාකරුවන් අතර දරුණු ගැටුමකට තුඩු දුන්නේය. මේ වන විට මෙම ප්‍රචණ්ඩත්වයෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් ඇති අතර බොහෝ දෙනෙකු තුවාල ලබා ඇත.
දූෂණය සහ ඥාති සංග්‍රහය | Corruption And Nepotism
නේපාල රජය දිගු කලක් තිස්සේ දූෂණ හා ඥාති සංග්‍රහය පිළිබඳ බරපතල චෝදනාවලට මුහුණ දී සිටී. නායකයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සුඛෝපභෝගී ජීවිතය සහ දූෂණය පිළිබඳ බොහෝ සිද්ධීන් සමාජ මාධ්‍ය ඔස්සේ හෙළිදරව් වී තිබේ. ‘නෙපෝ බේබි’ “Nepo Baby” ව්‍යාපාරය තරුණයින් අතර අමනාපය තවදුරටත් වැඩි කර තිබේ. රජයේ බොහෝ අපකීර්තිය නිසා මහජනතාවට රජය කෙරෙහි විශ්වාසය නැති වී ගොස් තිබුනි.
ඉහළ යන විරැකියාව සහ ආර්ථික අසමානතාවය
නේපාලයේ තරුණයින් අතර විරැකියා අනුපාතය වැඩි වෙමින් පවතින අතර එය දැනට සියයට 10.71 දක්වා ළඟා වී අවසන්.උද්ධමන අනුපාතය ද සියයට 5.2 ක් වන අතර එය සාමාන්‍ය ජනතාවගේ ජීවිතවලට දරුණු ලෙස බලපැම් එල්ල කර තිබුනී. රටේ ආර්ථික ධනයෙන් සියයට 56 ක් පමණ හිමිවන්නේ දේශපාලන නායකත්වය ඇතුළුව ජනතාවගෙන් සියයට 20 ක් පමණි. මෙම ආර්ථික අසමානතාවය තරුණයින්ගේ කෝපයට හා කලකිරීමට ප්‍රධාන හේතුවකි.
ඉන්දියාවෙන් දුර | Geopolitics
කේපී ඔලිගේ රජය බලයට පත්වීමෙන් පසු, නේපාලයේ විදේශ ප්‍රතිපත්තියේ වෙනසක් සිදුවී ඇත. නේපාලය ඉන්දියාව සමඟ දේශසීමා ආරවුල් ප්‍රවර්ධනය කළ අතර එය ඉන්දු-නේපාල සබඳතාවල ආතතියක් ඇති කළේය. ඒ සමඟම, චීනය සමඟ සමීප සබඳතා වැඩි කිරීමේ ප්‍රතිපත්තිය නේපාලයේ දේශපාලන හා සමාජීය අතෘප්තියට ද හේතු වී තිබේ. මෙම තත්ත්වය නේපාලයේ සාම්ප්‍රදායික විදේශ ප්‍රතිපත්තියේ ප්‍රධාන වෙනසක් පෙන්නුම් කරයි.
ඉන්දීය විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ නවදිල්ලිය තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් සිටින බවයි. නේපාලයේ සියලුම පුරවැසියන්ගෙන් ප්‍රවේශම් වන ලෙස අපි ඉල්ලා සිටින බවයි.
රාජාණ්ඩුව සඳහා ඉල්ලුම | Demand For Monarchy
නේපාලයේ දූෂණය සහ දේශපාලන අස්ථාවරත්වය මධ්‍යයේ, රාජාණ්ඩුව නැවත ස්ථාපිත කිරීමේ ඉල්ලීම වේගවත් වෙමින් පවතී. පසුගිය වසර පහ තුළ, රට තුළ රජය තුන් වතාවක් වෙනස් වී ඇති අතර, එය දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීමට සමත් වී නොමැත. වත්මන් ප්‍රචණ්ඩ විරෝධතා සහ ඉල්ලා අස්වීම් වලින් පසුව, බලය වෙනස් කිරීම පිළිබඳ සමපේක්ෂනය තීව්‍ර වී ඇත. මෙම සියලු වර්ධනයන් නේපාලයේ ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල අභියෝගයකි.