නැවත ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාවට තවත් ණය දරාගත නොහැකි බව ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නේවාසික නියෝජිත Azusa Kubota පෙන්වා දෙනවා. ඔහු අවධාරණය කරන්නේ “country falling off the debt cliff”. “ණය කන්දෙන් රට වැටිම වැලැක්වීම සදහා දැරිය හැකි මූල්‍යකරණයක් සදහා ජාත්‍යන්තර හවුල්කරුවන් මැදිහත් විය යුතු බවයි.
- නොවැම්බර් 28 වන දින ශ්‍රී ලංකාවට කඩා වැදුණු නිවර්තන සුළි කුණාටුව වන Ditwah, හේතුවෙන් දැඩි ගංවතුර, නායයෑම් ඇති කළේය. ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයෙන් 20% ක් පමණ ජලයෙන් යටවී ඒ හරහා ජනගහනයෙන් 10% ක් පමණ පීඩාවට පත් වි අවසන්.
- 2025 දෙසැම්බර් 07 වන දින වන විට, DTM විසින් බලපෑමට ලක් වූ පුද්ගලයින් 2,181,516 ක් හඳුනාගෙන ඇති අතර එය මුළු ජනගහනයෙන් සියයට 10 ක් පමණ නියෝජනය කරයි. බලපෑමට ලක් වූවන්ගෙන් 286,377 ක් අභ්‍යන්තරව අවතැන් විය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) ආරක්ෂක මධ්‍යස්ථාන 990 ක් වාර්තා කළේය.
- මරණ 618 ක් සහ අතුරුදහන් වූ පුද්ගලයින් 209 ක් වාර්තා කළේය.
- ප්‍රාථමික මාර්ග ජාල කිහිපයක් යථා තත්ත්වයට පත් කිරීමට රජය ගත් උත්සාහයන් නොතකා, ප්‍රවාහන, වෙළඳපල සහ තොරතුරු ජාල තවමත් බාධා ඇති වී තිබේ. සෞඛ්‍ය පද්ධතිය පීඩනයට ලක්ව ඇති අතර, දිස්ත්‍රික් රෝහල් කිහිපයක් ජලයෙන් යට වී වෛද්‍ය සැපයුම් සීමිත බවද දෙස්- විදෙස් මාධ්‍ය අනාවරණය කර සිටි.
සිදුවු දැවැන්ත ආපදාව හමුවේ නැවත ගොඩනැගීමේ පිරිවැය ඩොලර් බිලියන 7 දක්වා ළඟා විය හැකි අතර සුළි කුණාටුවෙන් නිවාස, මාර්ග සහ අත්‍යවශ්‍ය භෝග විනාශ වීම නිසා තවත් පවුල් දරිද්‍රතාවයට තල්ලු වන බැවින් ශ්‍රී ලංකාවේ බිඳෙනසුලු ආර්ථික ප්‍රකෘතිය ප්‍රමාද වනු ඇති.
දශක ගණනාවක දරුණුතම ආර්ථික අර්බුදය, ශ්‍රී ලංකාවේ දරිද්‍රතා අනුපාතය දැනටමත් එහි මිලියන 22 ක ජනතාවගෙන් 25% කට ආසන්න ප්‍රමාණයකට දෙගුණ කර තිබුණි. ඩොලර් බිලියන 2.9 ක IMF ඇපදීමක් තාවකාලික ප්‍රකෘතියක් ඇති කළ අතර, මෙම වසරේ වර්ධනය 4.5% ක් ලෙස දක්නට ලැබුණි, නමුත් විශ්ලේෂකයින් පවසන්නේ මේ තත්ත්වය හේතුවෙන් 2026 දී වර්ධනය 3% දක්වා මන්දගාමී වනු ඇති බවයි.
මේ අතර IMF වෙතින් රජය ඩොලර් මිලියන 200 ක හදිසි අරමුදල් ඉල්ලා තිබේ.ඒ අනුව මුල් වැඩසටහනේ හයවන වාරිකය නිකුත් කිරීමට පෙර නව තක්සේරුවක් සඳහා IMF කණ්ඩායමක් ජනවාරි මාසයේදී පැමිණිමට නියමිතයි.
මේ වනවිට “ගංවතුර හේතුවෙන්, දෙසැම්බර් මාසයේදී තේ නිෂ්පාදනය කිලෝ මිලියන 3-4 කින් පහත වැටෙනු ඇති බවත් එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තුවට අනුව රට පුරා හෙක්ටයාර 800,000 න් හෙක්ටයාර 575,000 ක් විනාශ වී ඇත.
