පැය කීපයක් තුළ ජාතික ආරක්ෂාවේ හිඩැස් රටටම පෙන්වමින් සිදු වූ වෙඩි තැබීමක් දෙකකින් දෙදෙනකු මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා තිබේ.

ඉන්දු – පකිස්තාන ක්‍රිකට් තරගය සදහා කොළඹ නගරය ආශ්‍රිත ප්‍රදේශ දැඩි ආරක්ෂාවක් යොදවා තිබේන අවස්ථාවකත් කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේත් වෙඩි තැබීමක් සිදුව තිබේ.වෙඩි වැදීමෙන් අයෙකු මියගොස් තවත් තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා ඇතැයිද තුවාල ලැබූවන් මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයිද වාර්තා වේ.

මිට අමතරව කළුතර – උතුර මාඩිය මංකඩ ප්‍රදේශයේ අද (14) සිදුවූ වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.අද (14) පස්වරු 7.50ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය සදහන් කරනවා.පොලීසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණ 9mm වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය.

ඊයේ පස්වරුවේ අකුරේගොඩ ප්‍රදේශයේදී සිදුවූ දරුණු වෙඩි තැබීමකින් නීතිඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිද වෙඩි තබා ඝාතනය කල අතර ඝාතකයන් අකුරගොඩ යුද හමුදා කදවුරේ සිට මිටර 600ක පමණ අධි ආරක්ෂිත ප්‍රදේශයකදි මෙම ඝාතනය සිදුකිරිම කාගෙත් කතාබහට ලක්ව තිබේ.

By admin

Ecast - Evoice is your premier platform for in-depth analysis and critical discussions on the pervasive issue of corruption within Sri Lanka's economy. We deliver timely, well-researched insights into the political and financial scandals shaping the nation's geopolitics, uncovering corruption, power abuse, and economic misgoverning at the highest levels. Our mission is to keep you informed with factual, transparent reporting while fostering informed dialogue that advocates for a more just and accountable Sri Lanka. Stay engaged with us for insightful updates on the issues that define the nation's future. E Voice Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *