Advertisement

මාංශපේෂීන් වලින් විමර්ෂණ කරන්න පොලීසියට බෑ!

ආසියාවේ බුද්ධිමත්ම පොලිස් නිළධාරින් සිටින්නේ ශ්‍රීලංකාවේ බවත්, එම නිළධාරින්ට නව තාක්ෂණය උපයෝගිකර ගනිමින් පොලිස් විමර්ෂණ සිදු කිරිමට අවස්ථාව සහ ආයතනය කිහිපයක් පිහිටුවා තිබියදී මාංශපේෂීන් උපයෝගි කරගෙන පොලිස් විමර්ෂණ සිදු කිරිමට නොහැකි බව ශ්‍රීලංකා මානව හිමිකම් කොමසාරිස් නීතීඥ නිමල් ජී. පුංචිහේවා පැවසීය.

නීතීඥ නිමල් පුංචිහේවා මහතා ඒබැවි (25) දින කියා සිටියේ ජාත්‍යන්තර වද හින්සා වැළැක්වීමේ දිනය නිමිත්තෙන් “ඒ මම වෙන්න පුළුවන්” යන මෑයෙන් ශ්‍රීලංකා මානව හිමිකම් කොමිසමේ හැටන් ප්‍රාදේශිය කාර්යාලය මගින් හැටන් ප්‍රදේශයේ පොලිස් නිළධාරින්, රාජ්‍ය සේවකයින් සහ නුවරඑලිය දිස්ත්‍රික්කයේ සිවිල් ක්‍රියාකාරකයින් දැනුවත් කිරිම සදහා හැටන් ලා ඇඩම්ස් හෝටලයේ පැවති සම්මන්ත්‍රණයේදීය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු නීතීඥ නිමල් ජී. පුංචි හේවා කියා සිටියේ ඇතැම් පොලිස් නිළධාරින්ට පුහුණු නොකරන ලද අවි ආයුධ ලබා දෙන බවත්, ඒවා ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීම තුලින් ඇතැම් සැකකරුවන්ට සහ එය භාවිතා කල පොලිස් නිළධාරිට තුවාල සිදු වීමේ අවධනමක්ද පවතින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *