චීනය සහ යුරෝපා සංගමය අතර මෑතකදී විවිධ සහයෝගීතාවන් ඇති විය. විශේෂයෙන්ම ඇමරිකාවේ තීරුබදු ප්‍රතිපත්තිය හමුවේ චීනයේ නිෂ්පාදන යුරෝපයටත්, යුරෝපයේ නිෂ්පාදන චීනයටත් යැවීම සඳහා දෙපාර්ශ්වය කටයුතු කරමින් සිටී. එවන් තීරණාත්මක අවස්ථාවක චීන ජනාධිපති ෂී ජින්පිං , යුරෝපා කවුන්සිලයේ සභාපති António Luís Santos da Costa මහතා සහ යුරෝපා කොමිසමේ සභාපතිනී Ursula von der Leyen මහත්මිය අතර හමුවක් පසුගිය දා (24) චීනයේ බෙයිජිංහි දී සිදුවිණ.

බෙයිජිං හිදී පැවැත්වීමට නියමිත 25වැනි චීන-යුරෝපා සමුළුවට එක් වීම සඳහා යුරෝපා සංගමයේ සභාපතිවරු දෙදෙනා චීනය‍ට පැමිණ සිටී.

ෂී ජින්පිං එහිදී පැවසුවේ චීනය හා යුරෝපා සංගමය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා ගතවූ වසර 50 තුළ, සහයෝගිතා ශක්තිමත් වී ඇති බවත්, එය සමස්ත ලෝකයට ම වැදගත් දායකත්වයක් ලබා දී ඇති බවයි. ජාත්‍යන්තර තත්ත්වය වඩා වඩාත් තීව්‍ර තත්ත්වයක පැවතිය ද, ස්ථාවර, යහපත් චීන-යුරෝපා සබඳතා මත දෙපාර්ශ්වය ලෝකය වෙත වඩාත් වැඩි ස්ථාවරත්වයක් එක් කිරීම සඳහා එක්ව කටයුතු කළ යුතු බව ෂී ජින්පිං ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබේ.
වේගවත්ව වෙනස් වන හා අවුල් සහගත ජාත්‍යන්තර තත්ත්වය හමුවේ, චීනයේ සහ යුරෝපයේ නායකයින් යළිත් දූරදර්ශීභාවයෙන් මෙන්ම වගකීමෙන් කටයුතු කරමින් ජනතාවගේ අපේක්ෂාවන් සපුරාලන නිවැරදි උපායමාර්ගික තේරීම් සිදු කළ යුතු බව ද ෂී ජින්පිං එහිදී අවධාරණය කර ඇත.

යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයා එහිදී කියා සිටියේ, යුරෝපා සංගමය සහ චීනය ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන් දෙක බවයි. ඵලදායී සහ ස්ථාවර ද්විපාර්ශ්වික සම්බන්ධතාවයක් අනුගමනය කිරීමෙන් පොදු ප්‍රතිලාභ ලබා ගත හැකි බවත් ජාත්‍යන්තර අභියෝගවලට මුහුණ දෙමින් ගෝලීය සාමයට සේවය කිරීමට චීනය සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කර තිබේ.

චීනය නිෂ්පාදන හා තාක්ෂණික බලවතෙකු බවට පත්ව ඇති අතර, මිලියන 800 ක ජනතාවක් දරිද්‍රතාවයෙන් මුදාගෙන ඇති බව Ursula von der Leyen එහිදී පෙන්වා දුන්නාය. එය ලෝකය කම්පනය පත් වීමට හේතු වන අතර, ලෝකයට දිරිගැන්වීමක් ද ලබා දී ඇතැයි ද ඇය සඳහන් කර ඇත.

By admin

Ecast - Evoice is your premier platform for in-depth analysis and critical discussions on the pervasive issue of corruption within Sri Lanka's economy. We deliver timely, well-researched insights into the political and financial scandals shaping the nation's geopolitics, uncovering corruption, power abuse, and economic misgoverning at the highest levels. Our mission is to keep you informed with factual, transparent reporting while fostering informed dialogue that advocates for a more just and accountable Sri Lanka. Stay engaged with us for insightful updates on the issues that define the nation's future. E Voice Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *