2006 අගෝස්තු 14 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් ප්‍රහාරයකින් මුලතිව්, වල්ලිපුනම් හි සෙන්චෝලෙයි ළමා නිවාසයේ දෙමළ පාසල් සිසුවියන් 53 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් සිව් දෙනෙකු මිය ගියේ යැයි සදහන් වන සෙන්චෝලෙයි සංහාරයේ 19 වන සංවත්සරය සැමරීම සඳහා උතුරු-නැගෙනහිර පුරා සැමරුම් පැවැත්විණි.
2006 අගෝස්තු 14 වෙනිදා උදෑසන 7.05 ට ‘සෙන්චෝලෙයි’ ළමා නිවාසය වෙත එල්ල කෙරුණ ගුවන් ප්‍රහාරයෙන් ළමා නිවාසයේ සිටි වයස අවුරුදු 16 – 18 ත් අතර දැරියන් හැටඑක් (61) දෙනෙකු එම ස්ථානයේදීම මරණයට පත් වූ බව එවකට උතුරේ වාර්තා මෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය මෙන්ම මානව හිමිකම් සංවිධාන වාර්තා කළා.
චෝදනා ප්‍රතික්ෂේප කළ එවකට බලයේ සිටි ආණ්ඩුව කියා සිටියේ “එල්ටීටීඊ පුහුණු පාසලක් ඉලක්ක කර ප්‍රහාරය එල්ල කළ” බවයි.
100 කට වැඩි පිරිසක් බරපතල තුවාල ලැබූ මෙම ප්‍රහාරය, ශ්‍රී ලංකා රාජ්‍යය විසින් සිදු කරන ලද වඩාත්ම භයානක යුද අපරාධවලින් එකක් ලෙස ජාත්‍යන්තරව අර්ථකතනය කරන අතර කෙසේවෙතත් හෙළා දැකීමක් තිබියදීත්, කිසිවෙකුට කිසිදා වගකිම මේ දක්වා බාරගෙන නොමැති විම විශේෂත්වයක්.
වල්ලිපුනම් හි සෙන්චෝලෙයි සංකීර්ණයේදී, ඝාතනයට ලක් වූ ගැහැණු ළමයින්ගේ ඥාතීන් දේශපාලන නායකයින්, ප්‍රජා නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන් සමඟ එක්රැස් වී සංහාරය සිදු වූ ස්ථානයේම උපහාර දැක්වීම විශේෂත්වයක් ගත්තා.
උත්සවය ආරම්භ වූයේ වින්දිතයින්ගේ ඡායාරූපවලට පෙර චාරිත්‍රානුකූලව පහන් සහ මල් පූජා දැල්වීමෙනි. පාර්ලිමේන්තු මන්ත්‍රී තුරෙයිරාසා රවිකරන්, පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය සභා ලේකම් වී. කරිකාලන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රී සී. ගුගනේසන්, හිටපු කරයිචි ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්. ජුවරසා, ප්‍රජා ක්‍රියාකාරික ටී. යෝගේෂ්වරන් මෙන්ම සමාජ ක්‍රියාකාරීන් සහ මහජනතාව රැසක් සහභාගී වි සිටි බව උතුරේ මාධ්‍ය වාර්තා කරනවා.
‘සෙන්චෝලෙයි’ ළමා නිවාසයට ප්‍රහාර එල්ල කළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර යුක්තිය ඉටු කරන්න… මරණයට පත් දැරියන්ගේ දෙමව්පියෝ ඉල්ලා සිටිති.




