චීනය ලෝකය තවත් විවෘත ආකාරයෙන් වැළඳ ගැනීමට සූදානම් බව 2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජින් පිං චීන මාධ්‍ය සමූහය සහ අන්තර්ජාලය ඔස්සේ නව වසරේ සුබ පැතුම් පණිවුඩය නිකුත් කරමින් පවසනවා.

ගෙවී යන 2025 වසර, චීනයේ “14 වන පස් අවුරුදු” සමයේ අවසාන වසර බව ඔහු එහිදී සඳහන් කළ ජනාධිපතිවරයා චීන ආර්ථිකයේ සමස්ත ප්‍රමාණය නොකඩවාම නව ඉහළ මට්ටමකට පිවිස ඇති අතර, 2025 වසරේ එම අගය චීන යුවාන් ට්‍රිලියන 140කට ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බවද සදහන් කර තිබේ.

චීනය ලෝකය තවත් විවෘත ආකාරයෙන් වැළඳ ගැනීමට සූදානම් බවත්. ඉතිහාසයේ නිවැරදි දිශානතිය ඔස්සේ ගමන් කරමින් විවිධ රටවල් සමග එක්ව ලෝකයේ සාමකාමී සංවර්ධනය, පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැංවීම තහවුරු කිරීමට සූදානම් බව චීන ජනාධිපතිවරයා සඳහන් කළා.

2026 වසර චීනයේ ’15 වන පස්අවුරුදු’ සැලැස්මේ ආරම්භක වසරයි. එහි ඉලක්ක හා අරමුණු තහවුරු කරමින් ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් සංවර්ධනයක් සාක්ෂාත් කර ගැනීමට චීනය අපේක්ෂා කරනවා. එමෙන්ම පූර්ණ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය තවදුරටත් පුළුල් කරමින් සමස්ත ජනතාවට පොදු සෞභාග්‍යය උදා කර දෙමින්, චීන විශ්මය සඳහා නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් කියාසිටියා.

By admin

Ecast - Evoice is your premier platform for in-depth analysis and critical discussions on the pervasive issue of corruption within Sri Lanka's economy. We deliver timely, well-researched insights into the political and financial scandals shaping the nation's geopolitics, uncovering corruption, power abuse, and economic misgoverning at the highest levels. Our mission is to keep you informed with factual, transparent reporting while fostering informed dialogue that advocates for a more just and accountable Sri Lanka. Stay engaged with us for insightful updates on the issues that define the nation's future. E Voice Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *