විවිධ වගාක්‍රම සඳහා ආයෝජන ලබාගන්නා මුවාවෙන් ජනතාව රවටමින් මූල්‍ය වංචාවල නියැළෙන වගා සමාගම්වලට එරෙහිව බලධාරීන් විසින් දැඩි ක්‍රියාමාර්ග ගත යුතුව ඇති බව රුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ප්‍රභාත් වීරසිංහ මහතා පවසයි.
“සක්විති රණසිංහ” වංචාවන්ට සමාන ක්‍රියාකාරීත්වය
ආචාර්ය වීරසිංහ සඳහන් කළේ, මේ වගා සමාගම් ක්‍රියාත්මක වන ආකාරය සක්විති රණසිංහ, හුංගම දඬුවම් මුදලාලි වංචා වැනි ඉතිහාසප්‍රසිද්ධ මූල්‍ය වංචා සමඟ සෘජුව සමාන බවයි.අතිශය වැඩි ලාභ පොරොන්දු කිරීම,නියාමනය නොවන ආයෝජන ව්‍යාපාර,ඉඩම් deeds, lease agreements මගින් වංචාව සඟවීම,ග්‍රාමීය ජනතාවගේ දැනුම හා විශ්වාසය දුෂ්ප්‍රයෝජනය කිරීම. මෙවැනි ක්‍රියාකාරීත්වය හේතුවෙන් බොහෝ පවුල් ආර්ථිකව බිඳ වැටී ඇති බව ඔහු අවධාරණය කළේය.
ඒ අනුව මේ වංචනික වගා සමාගම්වලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමේ බරපතළ වගකීමක් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය (FIU) සහ අනෙකුත් මූල්‍ය අපරාධ විමර්ශන අංශ වෙත පැවරී ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.
