අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට හා ස්ථාවර පැවැත්මට බලපෑම් එල්ල වන උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන් ඇතුලු සියලු විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සදහා වූ ව්‍යවස්ථා සංශෝධනයක් සිදු නොකරන ලෙස දන්වමින් අධිකරණ සේවා සංගමය Judicial Service Association of Sri Lanka හර්ෂණ නානායක්කාර අමාත්‍යවරයාට ලිපියක් යොමුකර තිබේ.

ප්‍රධාන කරුණු 9ක් ඔස්සේ අධිකරණ සේවා කොමිෂන් සභාව අමාත්‍යවරයාට දැනුම් දි ඇත්තේ ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය, අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට හා ස්ථාවර පැවැත්මට බලපෑම් එල්ල වන උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන් ඇතුලු සියලු විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සදහා වූ ව්‍යවස්ථා සංශෝධනයක් සිදු නොකරන ලෙසත් අධිකරණ පද්ධතියේ අනන්‍ය මෙන්ම අස්පර්ශනීය වූ විශ්වසනීයත්වය හා අඛණ්ඩ ගෞරවනීය පැවැත්ම ආරක්ෂා කිරිමට කටයුතු කරන ලෙසයි.

විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට විරුද්ධ වීම අධිකරණ සේවා සංගමය අලුතින් ඇතිකර ගනු ලැබූ ස්ථාවරයක් නොවන බවත් 2015 වර්ෂය තරම් ඈත කාලයේදී පවා අප සංගමයේ එකී ස්ථාවරය අධිකරණ සේවා කොමිෂන් සභාවට ද නිල වශයෙන් දැනුම් දී ඇති බවත් ඉන් අනතුරුව ද මෙවැනි උත්සාහයක් ඇති වූ සෑම අවස්ථාවකදී ම අධිකරණ සේවා සංගමය ප්‍රතිපත්තිමය වශයෙන් එම ස්ථාවරය ආරක්ෂා කරගෙන තිබේන බවත් ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාට යවන ලද ලිපිය මගින් අවධාරණය කර තිබේ.

විනිශ්චයකාරවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අධිකරණ සේවා සංගමය එකඟ නොවන බවට ප්‍රකාශ කිරීම යන මැයෙන් හර්ෂණ නානායක්කාර අමාත්‍යවරයාට යැවු සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.

By admin

Ecast - Evoice is your premier platform for in-depth analysis and critical discussions on the pervasive issue of corruption within Sri Lanka's economy. We deliver timely, well-researched insights into the political and financial scandals shaping the nation's geopolitics, uncovering corruption, power abuse, and economic misgoverning at the highest levels. Our mission is to keep you informed with factual, transparent reporting while fostering informed dialogue that advocates for a more just and accountable Sri Lanka. Stay engaged with us for insightful updates on the issues that define the nation's future. E Voice Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *