තේ දළු නෙලන වතු කම්කරුවන්ට කුඩයක් හදුන්වා දිමට හොරණ වැවිලි සමාගම යටතේ පාලනය වන ස්ටොක්හොම් වතු යායේ වතු පාලන අධිකාරිය පියවර ගෙන ඇත.
තේ කර්මාන්තයේ නියැලෙන වතු කම්කරුවන් අව්වට වේලි, වැස්සට තෙමි මෙතෙක් කල් තේ දළු නෙලිමේ කටයුතු සිදු කරගෙන පැමිණි අතර, එම කම්කරුවන් අව්වෙන් වැස්සෙන් පිඩාවට පත් නොවි පහසුවෙන් තේ දළු නෙලිම සදහා මෙම කුඩය හදුන්වා දුන් බවයි එම වතුයායේ වතු අධිකාරි නදීර ගුණසේකර කියා සිටියේ.
තම වතු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ජේ.රොද්‍රිගෝ සහ වතු සමාගමේ සමාන්‍යාධිකාරි වසන්ත ගුණවර්ධනගේ සංකල්පයක් මත තම වතුයායේ තාක්ෂණ නිලධාරින් සමග එක්ව නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම කුඩය හදුන්වා දුන් බවද වතු අධිකාරිවරයා පැවසිය.
දැනටමත් වතු සමාගම විසින් තේ දළු නෙලන වතු කම්කරුවන්ට සැහැල්ලු බට වලින් සකස් කරන ලද තේ කුඩයක් හදුන්වා දි ඇති අතර, එයට සමගාමිව මෙම කුඩය හදුන්වා දුන් බවයි වතු අධිකාරිවරයා කියා සිටියේ.
කුඩයට බද පටි සකස් කර ඇති අතර, කුඩය දිග හැර එම බද පටි පැළද පහසුවෙන්ම තේ වත්තේ තේ දළු නෙලිමට තමන්ට පහසු බවත්, කිසිදු පිඩාවකින් සහ මහන්සියකින් තොරව තමන්ට අමු තේ දළු කාර්යක්ෂමව නෙලිය හැකි බවයි එම කුඩය භාවිතා කරන වතු කම්කරුවන් කියා සිටියේ.
දැනටමත් වතු සමාගම විසින් හදුන්වා දි ඇති තේ කූඩයට අමතරව නව කුඩය පැළද තේ දළු නෙලිම තමන්ට අලුත් අත්දැකිමක් බවත්, තම වතු සමාගම තුලින් රැකියාවේ සුරක්ෂිතතාවය ආරක්ෂා කර ගනිමින් තේ දළු නෙලිමේ කටයුතු වල යොදවන බවයි වතු කම්කරුවන් කියා සිටියේ.
තේ කර්මාන්ත රැකියාවලින් ඉවත් වන වතු කම්කරුවන් තේ කර්මාන්තයේ රදවා ගැනිමට සහ තේ කර්මාන්තය කාර්යක්ෂම කිරිමට තමන් හදුන්වා දුන් මෙම කුඩය රු 1600 වැනි පිරිවැයක් දරා නිර්මාණය කල බවත්, එය වතු කම්කරුවන්ට නොමිලේ ලබා දි තේ දළු නෙලිමේ කටයුතු සාර්ථකව සිදු කිරිමට හැකි බවයි වතු අධිකාරිවරයා කියා සිටියේ.
වතු කම්කරුවන්ට හදුන්වා දුන් කුඩය සදහා පේටන් බලපත්‍රයක් ලබාගැනිමට කටයුතු කරන බව නදිර ගුණසේකර පැවසිය.
සටහන සහ ඡායාරූප- හැටන් රංජිත් රාජපක්ෂ