කැනඩා ලිබරල් පක්ෂයට නව නායකයකු තෝරා ගැනීමෙන් පසුව කැනඩා අග්‍රාමාත්‍ය ධුරයෙන් තමා ඉල්ලා අස්වන බව කැනඩා අග්‍රාමාත්‍ය Justin Trudeau (ජස්ටින් ටෘෘඩෝ) නිවේදනය කර තිබේ.

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ ලිබරල් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන බව කැනඩා මාධ්‍ය වාර්තා කිරීමත් සමග අගමැති ටෘෘඩෝ මාධ්‍ය හමුවක් කැඳවූ අතර එහිදී තමන් ලිබරල් පක්ෂ නායකත්වයෙන් මෙන්ම අග්‍රාමාත්‍ය ධුරයෙන්ද ඉල්ලා අස්වීමට බලාපොරොත්තු වන බවද සදහන් කළා. නව නායකයකු තෝරා ගන්නා තෙක් පාර්ලිමේන්තු කටයුතු එළැඹෙන මාර්තු 24 වැනිදා තෙක් අත්හිටුවන බවද ඔහු එහිදී ප්‍රකාශ කළේය.

තමන් කැනඩාව පිළිබඳව සැමවිටම සිතන බවත් මේ අවස්ථාවේ සිය රටවැසියන්ගේ යහපත වෙනුවෙන් ගත හැකි හොඳම තීරණය මෙය බව තමන් විශ්වාස කරන බවත් අගමැතිවරයා ඉල්ලා අස්වීම පිළිබඳ නිවේදනය කරමින් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

කැනඩාවේ ඇතිවෙමින් තිබෙන අර්බුදකාරී තත්වයෙන් ගොඩගැනීමට තමන් උත්සාහ දැරුවත් මාස කීපයක සිට සුළුතර නියෝජනය හේතුවෙන් පාර්ලිමේන්තුව අඩපණ වී ඇති බවයි ජස්ටින් අවසන් වශයෙන් සදහන් කළේ.

Hero to Zero කළ ඉන්දීයාව!

ටෘෘඩෝගේ දේශපාලන හුදකලා වීමට තුඩු දුන් පක්ෂය තුළ මාස ගණනාවක විවේචන වලින් පසුව, දේශපාලන ව්‍යසන මාලාවකින් පසුව ටෘඩෝගේ නායකත්වය දැඩි පරීක්ෂාවට ලක් විය.

ඔහුගේ වැටීම පිටුපස ඇති ප්‍රධාන හේතුවක් ලෙස සැලකෙන්නේ ඉන්දියාවට එරෙහිව, විශේෂයෙන්ම ඛලිස්තානි සටන්කාමී හර්දීප් සිං නිජ්ජාර් ඝාතනය සම්බන්ධයෙන් ටෘඩෝගේ ආන්දෝලනාත්මක චෝදනා ය.

2023 සැප්තැම්බර් මාසයේදී කැනඩාවේදී ඛලිස්තානි ත්‍රස්තවාදී හර්දීප් සිං නිජ්ජාර් ඝාතනයට ඉන්දීය රජය සම්බන්ධ බවට චෝදනා කරමින් ප්‍රථම වරට ඉන්දියාවට එරෙහිව බරපතළ චෝදනා එල්ල කිරීමත් සමඟ ටෘඩෝගේ දේශපාලන අර්බුදය ගැඹුරු විය.තවද, ඉන්දියාව කැනේඩියානු භූමියේ සමහර සාපරාධී ක්‍රියාකාරකම් සඳහා අනුග්‍රහය දක්වන බව ටෘඩෝ ප්‍රකාශ කළ අතර එය නව දිල්ලිය විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන ලදී.

ඉතිහාස කතාව !

කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ සික්වරුන්ගේ කල්සා දින (Khalsa Day) සැමරුම් උත්සවය සදහා දහසකට වැඩි සික් ජනකායක් එක්ව සිටියා.ඔවුහු ටොරොන්ටෝ නගරය සිය වසඟයට ගනිමින් එහි වීථි ඔස්සේ කඩු කස්තාන ප්‍රදර්ශනය කරමින් සහ බෙර වයමින්ද සාම්ප්‍රදායික  සික් නැටුම් ගැයුම් වැයුම්වලින් සුසැදි පෙරහරක්ද පැවත්වූහ. ඇතැමකු අත කැනේඩියානු ධජද ඇතැමකු අත ඔවුන්ගේ සිහින සික් රාජ්‍ය සඳහා සැකැසුණු කලිස්ථාන් ධජද විය.

‘කලිස්ථාන්’

සික් ජාතිකයන් ඉන්දියාව තුළ වෙනම සික් රාජ්‍යයක් බිහි කිරීමට සිහින දකින අතර එය හැඳින්වෙන්නේ ‘කලිස්ථාන්’ නමිනි. කැනඩාවේ වෙසෙන සික් ජනගහනය 2021 වසරේදී ලක්ෂ අටකට ආසන්නව පැවතිණි. එය කැනඩාවේ වෙසෙන මුළු ජනගහනය වන කෝටි 3.7න් 2.1%ක් නියෝජනය කරන සැලකිය යුතු සංඛ්‍යාවකි. කැනඩාවේ වෙසෙන ඉන්දියානුවන්ගේ සංඛ්‍යාව 2021 වසරේදී ලක්ෂ 16ක්ව තිබිණි. එය කැනේඩියානු ජනගහනයෙන් 4%කි. ඒ අනුව කැනඩාවේ වෙසෙන ඉන්දියානුවන්ගෙන් අඩකටත් වඩා දෙනා සික් ජාතිකයෝ වෙති.කැනඩාවේ පුරවැසිභාවය හිමි මොවුන් මැතිවරණයකදී කැනේඩියානු දේශපාලනඥයන්ට ඡන්ද ගොඩකි.

කැනේඩියානු පුරවැසි සික් ජාතිකයන් ටොරොන්ටෝහි පැවැත්වූ ‘කල්සා’ උත්සවය ‘වෛශාකි’  යනුවෙන්ද හැඳින්වෙයි. සික්වරුන්ගේ සම්භවය අනුස්මරණය කෙරෙන මෙම උත්සවයට කැනඩාවේ ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් තිදෙනකු සහභාගි වූයේ ඡන්ද ගොඩ දෙසද අවධානය යොමු කරමින් බව නිසැකය. කැනේඩියානු අගමැති ජස්ටින් ටෘෘඩෝ එහි පැමිණියේ සික් ජාතිකයන් පලඳින තලප්පාවට පෙනුමෙන් සමාන රෙදි කඩක්ද හිසේ බැඳගෙනය. කහ පැහැති එම හිස් ආවරණය සමඟ ටෘෘඩෝද එහිදී පෙනුමින් සික් ජාතිකයකුට සමාන විය.

ඉන්දීයාවේ කෝපය ඉහවහා යෑම!

කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ මුළුදුන් සික් උත්සවය ඉන්දියාවේ කෝපය අවුස්සන්නක් විය. කලක් තිස්සේ වාර්ෂිකව මෙම උත්සවය පැවැතුණද මෙවර එය වඩාත් පුළුල් සහ සංවිධානාත්මක වූවක් විය. බෙදුම්වාදී සික් නායකයන්ට පවා කැනඩාවේ රැකවරණය ලැබීම සම්බන්ධයෙන් ඉන්දියාවේ නොරිස්සුම් ගතිය ඉහවහා ගොස් තිබිණි. වසර කිහිපයක් තිස්සේ මේ තත්ත්වය වර්ධනය වෙමින් තිබිණි.

2023 ජුනි 18දා වැන්කුවර් ප්‍රාන්තයේ සරේහි සික් දේවස්ථානයකදී සිදුවූ හර්දීප් සිං ඝාතනය එම ඉන්දියාව බෙදුම්වාදීන් ලෙස හදුන්වන කොටස්වලට කැනඩාවේ රැකවරණය ලැබෙන බව ලොවටම පෙන්නුම් කරන්නක් විය. හර්දීප් සිං ඒ වන විට 45 හැවිරිදි වියේ පසුවිය. 2020 වසරේ සිට ඉන්දියාව ඔහුව ත්‍රස්තවාදියකු ලෙස නම් කර තිබී ඇත. ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව කෙළින්ම ඉන්දියාවේ ‘රෝ’ රහස් ඔත්තු සේවය දෙසට ඇඟිලි දිගු කිරීම රාජ්‍යතාන්ත්‍රික ගැටුමකටද මුලපිරීය.

මෙවැනි උණුසුම් පසුබිමක මහා ඉහළින් සික් ජාතිකයන්ගේ උත්සවයක් පැවැත්වීමට කැනඩාව ඉඩ දුන්නා මදිවාට කැනේඩියානු අගමැති ජස්ටින් ටෘෘඩෝද එය වර්ණවත් කිරීමට පැමිණීම ඉන්දියාවේ තදබල නොසතුටට හේතු වූ බව කිව යුතුය. තත්ත්වය වඩාත් දරුණු අතට යොමු කරමින් ජස්ටින් ටෘෘඩෝ උත්සවයේ රැඳී සිටියදී සටන් පාඨ පුවරු රැගත් සික් ජාතිකයන් ඉන්දියාව තුළ වෙනම සික් රාජ්‍යයක් හෙවත් ‘කලිස්ථානය’ සඳහා සටන් පාඨ ද කියා ඇති බව වාර්තා වී තිබේ. ඉන්දියාව මේ වන විට ඒ සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කර ඇත.

ඉල්ලන් කෑම!

මෙම උත්සවයේදී කැනේඩියානු අගමැති ටෘෘඩෝ එහිදී කළ කතාවේ කොටස්ද ඉන්දියාවේ ANI පුවත් සේවය උපුටා දක්වා තිබිණි. “අපි සැමවිටම ඔබගේ ආරක්ෂාව, නිදහස වෙනුවෙන් පෙනී සිටිනවා. ඔබේ ප්‍රජාව වෛරී සහ අසමාන සැලකිලිවලින් රැක ගන්නවා” යනුවෙන්  ටෘෘඩෝ සික් ජාතිකයන් හමුවේ පවසා තිබිණි.

කැනේඩියානු අගමැති ජස්ටින් ටෘෘඩෝ මෙසේ ඉන්දියාවේ සික් බෙදුම්වාදී ප්‍රශ්නයට අතපෙවීමෙන් ඉන්දියාවේ දැඩි විවේචනයට සහ විරෝධයට ලක් වූ ආකාරයෙන්ම ඉකුත් 2023 වසරේදී ශ්‍රී  ලංකාවේ දැඩි විරෝධයටද ලක් විය. ඒ මැයි 18දා දෙමළ ජන සංහාර අනුස්මරණ දිනය ලෙස නම් කිරීම හේතුවෙනි. මැයි 18 යනු ශ්‍රී  ලංකාවේ දෙමළ කොටි ත්‍රස්තවාදයට එරෙහිව ශ්‍රී  ලංකා රාජ්‍ය සිදු කළ තිස් වසරක යුද්ධය නිමා වූ දවසයි.

මෝදිට ලැදි ඩොනල්ඩ් ට්‍රම්ප්!

එක්සත් ජනපද ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්, කැනඩාව 51 වන ප්‍රාන්තය බවට පත්කිරීමේ යෝජනාව කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝගේ ඉල්ලා අස්වීමෙන් පැය කිහිපයකට පසු සඳුදා අලුත් කිරිමට කටයුතු කර තිබේ.ට්‍රම්ප් සිය ජනාධිපති ධුරයේ වැඩ භාරගැනිමට ඇත්තේ ලබන 20 වැනිදාය.

ට්‍රම්ප්, 2017-2021 දක්වා ඔහුගේ පළමු ධූර කාලය තුළ පවා කිසි විටෙකත් ටෘඩෝ සමඟ හොඳ සබඳතාවක් නොපැවැත්වූ අතර,පසුව ටෘඩෝ හමුවීමෙන් පසු කැනඩාව එක්සත් ජනපදයේ 51 වැනි රාජ්‍යය බවට පත් කිරීමේ අදහස යෝජනා කළේය.

“කැනඩාවේ බොහෝ අය 51 වැනි ප්‍රාන්තය වීමට ප්‍රිය කරති. කැනඩාවට නොනැවතී සිටීමට අවශ්‍ය දැවැන්ත වෙළඳ හිඟයන් සහ සහනාධාර තවදුරටත් එක්සත් ජනපදයට අත්විඳිය නොහැක. ජස්ටින් ටෘඩෝ මෙය දැනගෙන ඉල්ලා අස්විය,”

By admin

Ecast - Evoice is your premier platform for in-depth analysis and critical discussions on the pervasive issue of corruption within Sri Lanka's economy. We deliver timely, well-researched insights into the political and financial scandals shaping the nation's geopolitics, uncovering corruption, power abuse, and economic misgoverning at the highest levels. Our mission is to keep you informed with factual, transparent reporting while fostering informed dialogue that advocates for a more just and accountable Sri Lanka. Stay engaged with us for insightful updates on the issues that define the nation's future. E Voice Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *