ඉදිරි වසරේ වසර දෙකක කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ සභාපති ධුරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) සභාපති ෂම්මි සිල්වාගේ නම නැවත වරක් කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය (CCC) විසින් යෝජනා කර තිබේ.
සිංහල ක්‍රීඩා සමාජයේ (SSC) සමන්ත දොඩන්වෙල සහ සැරසන්ස් ක්‍රීඩා සමාජයේ ජයන්ත ධර්මදාස යන අයගේ නම් ද ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය සඳහා නම් කර ඇති බව වාර්තා වේ.ගාල්ල ක්‍රිකට් සමාජයේ දිලිප් චාල්ස්ගේ නාමයෝජනා ලේඛනයේ දෝෂ හේතුවෙන් මැතිවරණ කමිටුව විසින් ප්‍රතික්ෂේප කර ඇත.
වත්මන් වැඩබලන ලේකම් ක්‍රිෂාන්ත කපුවත්තට අමතරව, සමන්ත දොඩන්වෙල සහ බන්දුල දිසානායක යන අයගෙන් ද ලේකම් ධුරය සඳහා නාමයෝජනා ලැබී තිබේ.
නාමයෝජනා සඳහා විරෝධතා හෙට (ජනවාරි 25) පෙ.ව. 9 සිට පෙ.ව. 11 දක්වා පිළිගනු ලබන අතර, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න ඇතුළු පස් දෙනෙකුගෙන් යුත් මැතිවරණ කමිටුව විසින් තීරණය ගනු ලැබේ. ඡන්ද විමසීම 2025 මාර්තු 31 වන දින පැවැත්වේ.
මාධ්‍ය වාර්තාවලට අනුව, වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා 2025-2027 වසර දෙක සඳහා නැවත වරක් සභාපති ධුරයට පත්වීම සඳහා වන මැතිවරණයෙන් ජයග්‍රහණය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ක්‍රිකට් ආයතනය සම්බන්ධව ආණ්ඩුව නිහඬද?
කෙසේවෙතත් වත්මන් පාලනය විපක්ෂයේ සිටි සමයේ ක්‍රිකට් පරිපාලනය මෙන්ම වත්මන් සභාපතිවරයා දැඩිලෙස දෝෂාරෝපණයට ලක්වු අතර බලයට පත්විමෙන් පසුව ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන අකාරය සම්බන්ධයෙන් විපක්ෂය මේ වනවිට ආණ්ඩුවට චොදනා කරමින් සිටි.
ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලංවත්ම එම ආයතනයට අරක් ගෙන සිටිනා ෂම්මි සිල්වා ඇතුළු හොර නඩය ව්‍යවස්ථාව වෙනස් කරගෙන නැවත එම තනතුරුවලට පත්වීමට සූදානමක් ඇතැයි සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන (22) පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළා.
කෝප් කමිටුවෙන් හෙළි කරගත් වැරදි සහිත, විගණනයේදී හෙළි දරවු වුන හොරකම් සහිත, අන්ත දූෂිත හොරුන්ගෙන් යුතු බව සහතික වූ ක්‍රිකට් ආයතනය සම්බන්ධව ජාතික ජන බලවේග ආණ්ඩුව පුදුම හිතෙන ආකාරයේ නිහඬ තාවයක් රැකීම සම්බන්ධව තමන් මවිතවන බවයි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියේ.