USAID හෙවත් United States Agency for International Development හරහා වැඩිපුරම සිදුව ඇත්තේ විවිධ රටවල පාලනය වෙනස් කිරිම සදහා බලප ෑම් කිරිම බව ඇමරිකා එක්සත් ජනපද DOGE ආයතනයේ ප්‍රධානි Elon Musk අනාවරණය කළා.

ෆෙඩරල් ශ්‍රම බලකාය කප්පාදු කිරීම සඳහා DOGE ආයතනයට වැඩි බලයක් ලබා දීමේ නියෝගයට ට්‍රම්ප් ඊයේ (11) අත්සන් කල අතර ඒ අනුව රජයේ සේවයෙන් ඉවත් වන සෑම හතර දෙනෙකුටම එක් නව සේවකයෙකුට වඩා බඳවා ගැනීම ආයතනවලට තහනම් කර තිබේ.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග විධායක නියෝගයකට අත්සන් කිරීම සනිටුහන් කිරීම සඳහා මස්ක් පැමිණ සිටියේ ඔහුගේ පුත්‍රාද සමග විම විශේෂත්වයක්.

වොෂින්ටන් ඩී.සී. හි ධවල මන්දිරයේ බටහිර කොටසේ පිහිටා තිබෙන එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ විධායක කාර්‍යාලය වන ඕවල් කාර්යාලය තුල මස්ක්ට තම කුඩා දරුවා සමඟ විනාඩි 30 කට වඩා වැඩි කාලයක් රැඳී සිටීමට ඉඩ දුන් අතර, ජනාධිපතිවරයා මස්ක්ගෙන් ඔහුගේ සොයාගැනීම් කිහිපයක් හෙළි කරන ලෙස ඉල්ලා සිටියේය.

‘නිලධාරී මණ්ඩලයේ ඩොලර් ලක්ෂ ගණනක වැටුපක් ඇති නමුත් කෙසේ හෝ ඔවුන් එම තනතුරේ සිටියදී ඩොලර් මිලියන ගණනක ශුද්ධ වටිනාකමක් උපයා ගැනීමට සමත් වූ බොහෝ දෙනෙක් සිටීම අපට තරමක් අමුතු දෙයක් ලෙස පෙනේ,’ ‘USAID හි සිදු වූයේ එයයි. එය පැමිණියේ කොහෙන්දැයි අපි කුතුහලයෙන් සිටිමු.’ -Elon Musk

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සිය වන USAID ඉක්මනින් ඉවත් කිරීමට DOGE ගත් තීරණය විවේචන සහ විරෝධතා ඇති කළ අතර එයට පිලිතුරු දෙමින් Elon අවධාරණය කලේ ‘අපි වේගයෙන් ගමන් කරනවා, ඒ නිසා අපි හැමෝම වැරදි කරනවා, නමුත් අපි වැරදි ඉතා ඉක්මනින් නිවැරදි කරන්නෙමු,’ යැයි කළා.

‘ජනතාවට ඔවුන් ඡන්දය දිමට හේතු වු දේ ලැබෙනු ඇත,’ ‘ප්‍රජාතන්ත්‍රවාදය යනු එයයි.’- Elon Musk

මේ අතර හංගේරියානු-ඇමරිකානු බිලියනපති ජෝර්ජ් සෝරෝස්ගේ සංවිධාන, දේශපාලන කටයුතුවලට බලපෑම් කිරීමට සහ ඉන්දියාව සහ බංග්ලාදේශය ඇතුළු රටවල් කිහිපයක් අස්ථාවර කිරීමට, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සියෙන් (USAID) ඩොලර් මිලියන 260ක් ලබා ගත් බව අනාවරණය වි තිබේ.

”USAID කියන්නේ සම්පූර්ණ දූෂිත ආයතනයක් අපි හොයාගත්ත විශාල වංචා ප්‍රමාණයක් තියෙනවා”- Donald Trump

ජෝර්ජ් සෝරෝස් USAID වෙතින් ඩොලර් 260,000,000.00ක් ලබා ගත් අතර, එම මුදල් ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, යුක්රේනය, සිරියාව, ඉරානය, පකිස්ථානය, ඉන්දියාව, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදය තුළ අවුල් සහගත තත්ත්වයන් පතුරුවා හැරීමට, ආණ්ඩු වෙනස් කිරීමට සහ පුද්ගලික ලාභ ලැබීමට භාවිතා කළ බවටද චෝදනා එල්ල වි තිබේ.

පසුගිය වසර 15 තුළ, USAID ආයතනය සෝරෝස් සමඟ අනුබද්ධ සංවිධාන සඳහා ඩොලර් මිලියන 270 කට වඩා ප්‍රදානය කර ඇති බවයි වාර්තා පෙන්වා දෙන්නේ.

කවුද මේ George Soros!

ජෝර්ජ් සොරොස් යනු හන්ගේරියානු-ඇමරිකානු බිලියනපති ආයෝජක, මානව හිතකාමි සහ දේශපාලන ක්‍රියාකාරිකයෙකි. ඔහු 1930 අගෝස්තු 12 වන දින හන්ගේරියාවේ බුඩාපෙස්ට් නගරයේ උපත ලැබීය. සොරොස් මූල්ය ලෝකයේ ඔහුගේ සාර්ථකත්වය සඳහා විශේෂයෙන් ප්‍රසිද්ධය, විශේෂයෙන් ක්වොන්ටම් අරමුදල පිහිටුවීම සඳහා, එය ඉතිහාසයේ වඩාත්ම සාර්ථක හෙජ්ජ් අරමුදල් වලින් එකකි. 1992 දී ඔහු “එංගලන්ත බැංකු පද්ධතිය බිඳ දැමීම” සඳහා පුළුල් පිළිගැනීමක් ලබා ගත්තේය, එම වෙළඳාමෙන් එක්සත් රාජධානියේ කළු බ්‍රහස්පතින්දා මුදල් අර්බුදය අතරතුර ඩොලර් බිලියන 1 ක පමණ ලාභයක් උපයා ගත්තේය.

ඔහුගේ මූල්ය වෘත්තීය ජීවිතයෙන් ඔබ්බට, සොරොස් ඔහුගේ මානව හිතකාමි උත්සාහයන් සඳහා ද ප්‍රසිද්ධය. ඔහු විවෘ සමාජ පදනම් (Open Society Foundations) පිහිටුවා ඇත, එය 120 කට වඩා රටවල පදනම්, හවුල්කරුවන් සහ ව්‍යාපෘති ජාලයකි. මෙම පදනම් ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, මානව හිමිකම් සහ ආර්ථික, නීතිමය සහ සමාජ ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය කිරීම සඳහා කටයුතු කරයි.

සොරොස් විවාදාත්මක චරිතයක්, විශේෂයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ. ඔහු ලොව පුරා විවිධ වාමාංශික සහ ප්‍රගතිශීලී කාරණා සඳහා සැලකිය යුතු මුදල් පරිත්‍යාග කර ඇති අතර, එමඟින් ඔහු සංරක්ෂණවාදී සහ දක්ෂිණාංශික කණ්ඩායම් විසින් විවේචනයන්ට සහ සාකූල් සිතුවිලි වලට ඉලක්කයක් වී ඇත. විවාදයන් තිබියදීත්, සොරොස් මුල්‍ය සහ මානව හිතකාමි ලෝකයන් දෙකෙහිම බලපෑම් කරන චරිතයක් ලෙස පවතී.

George Soros ලංකාවේදි කිව්ව කතා!

2016 වසරේ ශ්‍රී ලංකාවේ පැවති සමුළුවකදී ජෝර්ජ් සෝරෝස් ලෝක ආර්ථිකය පිළිබඳ අඳුරු දැක්මක් ඉදිරිපත් කිරිමට සමත්විය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ හමුවේ ඔහු කියා සිටියේ

“ඔබ ඔබේ අපේක්ෂාවන් අඩු කර ගත යුතුයි… මොකද මේක මූල්‍ය වෙලඳපොලවල පරිහානියේ ආරම්භය පමණක් වන අතර මෙය ශ්‍රී ලංකාව ව්‍යතිරේකයක් වීමේ ආරම්භය පමණයි,” යනුවෙනි.

From left, Nobel Laureate Joseph Stiglitz,Ranil Wickremesinghe, Maithripala Sirsena, George Soros and Prof. Ricardo Hausmann

Exeptions- ව්‍යතිරේකයක්
සාමාන්‍යයෙන් අනුගමනය කරන ක්‍රමය වෙනස් වන විශේෂ අවස්ථා වගේ දේවල්.
උදා: :රතු පැහැති ආලෝක සංඥාව දැල්වෙන විය සියලුම වාහන නතර කළ යුතුයි.
ව්‍යතිරේකය: ගිලන් රථ, ගිනි නිවීමේ රථ, ආරක්ෂක අංශ රථ වැනි හදිසි සේවා රථ වලට රතු ආලෝක සංඥාව ඇති විටද ගමන් කළ හැකිය.

ඉන්දියාවේ, පාලක භාරතීය ජනතා පක්ෂය (BJP) දිගු කලක් තිස්සේ සෝරෝස් විපක්ෂ කණ්ඩායම්වලට සහාය දෙන බවත් අගමැති නරේන්ද්‍ර මෝදිගේ විචාරකයින්ට අරමුදල් සපයන බවත් චෝදනා කර ඇත. සෝරෝස්ගේ මුලපිරීම් ඉන්දීය රජය අස්ථාවර කිරීම සහ ජාතික දේශපාලනයට මැදිහත් වීම අරමුණු කර ගෙන ඇති බව භාරතීය ජනතා පක්ෂ නායකයින් කාලයක සිටි විවේචනය කල කරුණක්.

මට දැනෙන හැටි!

කෙසේවෙතත් මේ දවස්වල හැමෝම කතාවෙන USAID ආයතනය අවුරුදු ගාණක් තිස්සේ ලංකාවේ විවිධ ක්ෂේත්‍රවල කටයුතු කල බව නොරහසකි. රටේ විධායකයේ ප්‍රධානියාගේ සිට හද්දා පිටිසර කෙලවරේ මායිම් ගම්මානයේ ගැමියෙකුද ඒ හරහා කහට කොප්පයකට වඩා දෙයක් ලබාගෙන ඇති බව මාගේ අදහසයි. එකම දේ විධායකයේ සිට පාර්ලිමේන්තුවට, උසාවියට, නීතිපති දෙපාර්තමේන්තුව, හමුදාව, පොලීසිය, සිවිල් සංවිධාන වගේම ලංකාවෙ පෞද්ගලික අංශය එය දැනගෙන සිටිමත් මායිම් ගමේ ජනයා එය නොදැන සිටිමත් පමණී.

අනිත් අතට පසුගිය දශක කිහිපයක් තුල ලංකාවේ පැවැති අවිචාරවත්,මජර දේශපාලනය හොදින් භාවිතා කරමින් එය වෙනස් කිරිම සදහා යැයි පෙනී සිටිමින් USAID, ChinaAid CanadaAid, AUSAid හරහා අරමුදල් ලබාගනිමින් එවා නිස්කාරණයේ වියදම් කල අය දන්නේද මේ රටේ අල්ප පිරිසක් පමණී. ඇතැමුන් රාජ්‍ය නොවන සංවිධාන මුවාවෙන් මෙම අරමුදල් ලබාගෙන ගෙදර රෙදි සෝදන යන්ත්‍රයේ සිට මදුරු දැල දක්වා ගත් බව මෙය ඔහුන්ද කියවුවහොත් මතක් වනු ඇත.

ධනේශ්වර යැයි ඇතැම් විග්‍රහ කරන රටවල් සමග පෞද්ගලිකව මම කිසිදු තරහක් නෑ. මොකද මම විශ්වාසය කරන්නේ ධනේශ්වරත්වයට මිනිසා ගමන් කරන්නේ ඔහුන්ගේ සිතුම් පැතුම් වෙනස් කරගන්නා ක්‍රමවේදයක් තුල බව මාගේ විශ්වාසයයි.

කෙසේවෙතත් මම හිතනවා කිසිම රටකට අයිතියක් නෑ අපේ ප්‍රජාතන්ත්‍රවාදයට අත තියන්න. අපේ මැතිවරණ වලට බලපෑම් කරන්න. ස්වකීය කැමැත්තෙන් ප්‍රතිපත්ති මත මිනිස්සු තෝරා ගැනිමේ අයිතියට බලපැම් කරන්න. ඒ වෙනුවෙන් කවර හෝ සංවිධානයක් මුදල් වියදම් කළානම් ඒ පිළිබඳව සොයා බැලිමට ඒ රටේ පරිපාලනයට ඉඩක් තිබිය යුතුමය. මන්ද පසුගිය කාලයේ ජනතාවගේ හදිසි නැගිටිම සහ එය තමන්ගේ දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් යොදවා ගැනිම මෙන්ම අදටත් තමන්ට අවශ්‍ය පුද්ගලයා වැරදිකරු වනතුරු ඇතැම් නඩු විභාගයන් අවසන් කර ගැනිමට නොහැකි විම සහ ඒ හරහා නිරන්තර තමන්ට හිතැති රාජ්‍යයක් ගොඩනැගිමට ඉඩ නොතබා ඒ සියල්ලම පාලක කණ්ඩායම් වලට පරාවළල්ලක් පැවැතිම අවසන් කල යුතු නිසාය.

By admin

Ecast - Evoice is your premier platform for in-depth analysis and critical discussions on the pervasive issue of corruption within Sri Lanka's economy. We deliver timely, well-researched insights into the political and financial scandals shaping the nation's geopolitics, uncovering corruption, power abuse, and economic misgoverning at the highest levels. Our mission is to keep you informed with factual, transparent reporting while fostering informed dialogue that advocates for a more just and accountable Sri Lanka. Stay engaged with us for insightful updates on the issues that define the nation's future. E Voice Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *