අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලේදී ඉතිහාසය සෞන්දර්ය කියන මේ විෂයන් ඒ ආකාරයෙන්ම තිබිය යුතුයි.ඒ විතරකුත් නෙමෙයි මම පෞද්ගලිකව යෝජනා කරනවා නීතිය සහ ලිංගික අධ්‍යාපනය පිළිබඳව දරුවන්ට මුළ සිට ලබා දිය යුතුයි යැයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් පවසති.
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර සිටියේ අද (21) පෙරවරුවේ ජාතික නාමල් උයන පරිශයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීය.
ඉතිහාසය සෞන්දර්ය කියන මේ විෂයන් ඒ ආකාරයෙන්ම තිබිය යුතුයි.ඒ විතරකුත් නෙමෙයි මම පෞද්ගලිකව යෝජනා කරනවා නීතිය සහ ලිංගික අධ්‍යාපනය පිළිබඳව දරුවන්ට මුළ සිට ලබා දිය යුතුයි.
වර්ථමාන ආණ්ඩුව අධ්‍යාපන ප්‍රථිසංස්කරණය වැඩපිළිවෙලක් කරගෙන යනවා, ඒ වැඩපිළිවෙලට මේ රටේ බහුතරයක් විරෝධතාවය ප්‍රකාශ කරනවා, ඇත්තටම ඉතිහාසය, සෞන්දර්ය, කළාව මේවා අපේ රටේ මිනිස්සු ඒවාත් එක්ක ගොඩනැගුනු ජීවිත තමයි අපේ රටේ තියෙන්නේ, ඒක නිසා සිංහලද, දෙමළද, මුස්ලිම්ද, වෙනත් ආගමකද කියලා නෑ, ඒ නිසා මෙවැනි දේවල් කිරීම තුළ රජය ලොකු අපහසුතාවයකට සහ අපකීර්තියකට පත් වෙනවා. මම මීට ඉස්සරලා මතකයි පසුගිය ආණ්ඩුව කාළයේ සංවර්ධනය කරන ලද අධ්‍යාපන ක්‍රමය ගේන්නට අපි කිසියම් වැඩපිළිවෙලක් හැදුවා, ඒක ඉහළ මට්ටමින් අධ්‍යාපන ඇමතිවරයා, උසස් අධ්‍යාපන ඇමතිවරයා, මේ ඔක්කොම කට්ටියත් එක්ක සාකච්ජා කරලා වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ඔන්න මෙන්න තියෙද්දි මේ කටයුත්ත අසාර්ථක භාවයට පත් වුණා.සංවර්ධනය කරපු අධ්‍යාපන ක්‍රමය තුල අපේ දරුවන්ට පළමුවැනි ශ්‍රේණියේ ඉඳලාම ප්‍රායෝගික දැනුම දෙන්න වැඩපිළිවෙලක් හදන්න තිබුණා, ඒ වගේම හැදිය යුතු කාලය දැන් ඇවිදින් තියෙනවා, ඒ නිසා මම යෝජනා කරනවා, ඉතිහාසය සෞන්දර්ය කියන මේ විෂයන් ඒ ආකාරයෙන්ම තිබිය යුතුයි.ඒ විතරකුත් නෙමෙයි මම පෞද්ගලිකව යෝජනා කරනවා නීතිය සහ ලිංගික අධ්‍යාපනය පිළිබඳව දරුවන්ට මුළ සිට ලබා දිය යුතුයි.එහෙම කියන්න ප්‍රධාන හේතුවක් තියෙනවා මම දැක්කා ඊයේ පෙරේදා සමාජ මාධ්‍ය තුළ පාසල් දරුවන් විශාල වශයෙන් ගැබ් අරගෙන තියෙනවා.මම හිතන්නේ මේ ලිංගික අධ්‍යාපන ක්‍රමය ඒ වගේම නීතිය පිළිබඳව ළමයින් දැනුම්වත් වෙලා තිබුණා නම් කවදාවත් එවැනි තත්වයකට පත් වෙන්නේ නෑ.ඒ නිසා ප්‍රධාන විශයක් හැටියට ලිංගික අධ්‍යාපනය මෙන්ම නීතිය අධ්‍යාපනයේ විෂයක් හැටියට පවත්වාගෙන යා යුතුයි.
අපේ ගමේ තියෙන්නේ පැහැදිළිවම මේ පැරණි අධ්‍යාපන ක්‍රමය, වයසක ගුරුවරු ටිකක් තමයි ඉන්නේ, අද බලන්න ලංකාවේ අන්තර්ජාතික පාසල් වල දරුවන්ට පළමුවෙන් දීලා තියෙන්නේ ඉංග්‍රීසි අධ්‍යාපනය, අපේ ගමේ තියෙන අධ්‍යාපනයයි, ඒ ළමයයි අතර තිබ්බම අහසයි පොළවයි වගේ, ඉතින් මේවාට දහස් ගණනක් දරුවන්ට දෙමාපියෝ වියදම් කරනවා.ඒ වගේම අපේ රටේ දෙමාපියෝ බලාපොරොත්තු වෙන එක දෙයක් තියෙනවා බහුතරය, සාමාන්‍යයෙන් ගම්වල ජීවත් වෙන ජනතාව පළමුවැනි එක තමයි ශිෂ්‍යත්වය පාස් කර ගැනීම, ඊළඟට සාමාන්‍යය පෙළ, උසස් පෙළ පාස් කර ගැනීම, දරුවන් ඉලක්ක කරන්නේ එතැන්ට,මම යෝජනා කරනවා වර්ථමාන ආණ්ඩුවට 05 ශිෂ්‍යත්වය සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න,ඒ පුංචි දරුවාට ලැබෙව මානසික පීඩනය, විභාගයෙන් පස්සේ ඒ දරුවා මානසික රෝගියෙක් බවට පත් වෙනවා.ඒ නිසා ගරු අගමැතිතුමියට, අධ්‍යාපන ඇමතිතුමියට මම කියනවා ,යෝජනා කරනවා ලිංගික අධ්‍යාපනය සහ නීතිය පිළිබඳව විෂයක් හැටියට දරුවන්ට දෙන්න.
අනෙක් එක තමයි මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන කොට මේ රටේ ජනතාව, ආගමික නායකයෝන්ගෙන් විමසන්න අවශ්‍යයි.මේක මේ පොතේ උගත්තු ඕන තරම් ඉන්නවා මේ රටේ, බිමේ පය ගහලා ප්‍රායෝගික දැනුම තියෙන කවුරුත් නෑ මේ රටේ, ඇත්ත කථාව ඕක, ආචාර්යවරු, මහාචාර්යවරු එක එක විෂයන් පිළිබඳව ඉන්නවා, හැබැයි ප්‍රායෝගිකව බිමේ පයගහලා වැඩ කරලා පුරුදු නෑ, පොත විතරයි.ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ඒ අයට වඩා මේ ගැමි අයට දැනුම් සම්භාරයක් තියෙනවා.ඒ නිසා යම් ප්‍රථිසංස්කරණ වැඩපිළිවෙලක් සිදු කරන කොට ජාතික මට්ටමින් අනිවාර්යෙන්ම ආගමික නායකයින් හා මේ රටේ සාමාන්‍යය බහුතර ජනතාවගෙන් අදහස් විමසලා කටයුතු කරනවා නම් ඉතාමත් හොඳයි.එහෙම කරන්න ඕන, එහෙම නැත්නම් මේ රජයෙන් පස්සේ අවුරුදු 05 කට පස්සේ තවත් රජයක් එනවා ඒ අය ඒ ගොල්ලන්ට ඕන විදිහට අධ්‍යාපන ප්‍රථිසංස්කරණ වෙනස් කරනවා.මේ අයට ඕන විදිහට මේ අය අධ්‍යාපන ප්‍රථිසංස්කරණ වෙනස් කරනවා.එහෙම කරන්න බෑ, අධ්‍යාපනයට ජාතික ප්‍රථිපත්තියක් හදන්න ඉස්සර වෙලා, මේ රටේ ජාතික ප්‍රථිපත්ති තියෙනවාද? අධ්‍යාපනයට, සෞඛ්‍යයට, පරිසරයට නෑ, කිසිම ජාතික ප්‍රථිපත්තියක් නෑ කා ලඟවත්, මේ ආණ්ඩු අවම එ අයට ඕන විදිහට වැඩ කරනවා.මේ අපේ රටෙත් ඉන්නේ හරක් නේ, ජනතාව කාට හරි බලය දුන්නාම අවුරුදු 05 කට උන් අවුරුදු 05 න් පස්සේ ගෙදර යනවා ඊට පස්සේ මේ රටේ ඉන්න අහිංසක, අසරණ බහුතර ජනතාව පීඩනයට පත් වෙනවා, අපහසුතාවට පත් වෙනවා.ඒ පිළිබඳව අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා.
කරුණාකරලා ලිංගික අධ්‍යාපනය හා නීතිය විෂයක් හැටියට, ඒ වගේම ඉතිහාසය, සෞන්දර්ය, ආගම මේවා අත්‍යවශ්‍යයි, රස්තියාදුකාරයෝ බිහි කරන්නද මේ අධ්‍යාපන ක්‍රමය තුළින් බලාපොරොත්තු වෙන්නේ.එදා මෙදා තුරු මේ ආපු සංස්කෘතිය, සභ්‍යත්වය, ආරක්ෂා කර ගෙන ආව රටක් මේ රට, සංස්කෘතය, ශිෂ්ඨාචාරයට හිරවෙච්ච රටක් මේක, හැබැයි යම් යම් තැන්වල සංශෝධනය වෙන්න අවශ්‍යයි කාළීනව, කාලීනව ඒක සංශෝධනය වෙන්න ඕන ,හැබැයි ඒක තමන්ට ඕන පරිදි, රජයකට ඕන පරිදි, අධ්‍යාපන ඇමතිට ඕන විදිහට සංශෝධනය කරනවා නම් ඒක වැරදියි.මේ වෙන කොට රජය පිළිබඳ විශාල අපකීර්තියකට පත් වෙලා තියෙනවා මේ අධ්‍යාපන ප්‍රථිසංස්කරණ වැඩපිළිවෙල, ඒ නිසා මම යෝජනා කරනවා කරුණාකරලා, මේ දුර්මත අයින් කරලා මේ එක එක්කෙනාගේ අදහස් විමසනවා වගේම, උගතුන්ගෙන් අදහස් විමසන්න ඒකේ ගැටලුවක් නෑ, ආගමික නායකයින්ගේ විවෘත සංවාදයක් ඇති කරන්න, අධ්‍යාපන ක්‍රමය සංශෝධනය කරන්න.එතකොට ගැටලු මොකක්වත් නෑ, රජයට ඕන විදිහට ඒ ගෝලල ඔක්කෝම කරලා, මට වෙලාවකට හිතෙනවා මේ මුට්ටිය දාලා බැලුවාවත්දෝ කියලා.එවැනි තත්වයකට පත් වෙනවා නම් මම හිතන්නේ නෑ .මොන ප්‍රශ්න ආවත් ආගමික නායකයොත් ඉස්සරහට එයි.ඒ නිසා එවැනි තත්වයකට පත් වෙන්නේ නැතිව මේ රටට අවශ්‍යය පරිදී අධ්‍යාපන ක්‍රමය සකස් කරන්න කියලා අධ්‍යාපන ඇමතිතුමියගෙන් මම කාරුණිකව බොහෝම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා.
සංවර්ධනය වූ අධ්‍යාපන ක්‍රමයක් මේ රටට අවශ්‍යයි, වැසිකිලිය පිරිසිදු කර ගන්න, තමන් නිදන කාමරය පිළිවලට තියා ගන්න, ජපානය වගේ රටවල් වල මේ සියලු දේවල් උගන්වනවා.අපේ රටේ එහෙම කිසිම දෙයක් නෑ, මම ඉල්ලීමක් කරනවා අධ්‍යාපන ක්‍රමය ප්‍රායෝගික වශයෙන් දැනුම දෙන අධ්‍යාපන ක්‍රමයක් හදන්න යැයි පැවසූහ.