සමාජයේ දැඩිව කතාබහට ලක්වෙමින් තිබේන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ අදහස් පළ කිරීම සඳහා බ්‍රහස්පතින්දා (ජූලි 24) පාර්ලිමේන්තුවට පැමිණි අතර ඉන් පැය කිහිපයක් ගෙවිමට පසු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් පුබුදු ජාගොඩ කල අනාවරණයක් හේතුවෙන් සමාජ කතිකාව තවත් පැත්තකට යොමු වි තිබේ.
ඊයේ රාත්‍රීයේ හිරූ බලය සමග එක්වෙමින් යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ අරමුණ පිළිබඳව ඔහු එහිදී පැහැදිලි කල අතර ඔහු කළ කතාවේ විශේෂ කරුණු කිහිපයක් කෙරෙහි රටේ ජනතාවගේ අවධානය යොමුකරනු ලැබුවා.
එහිදි පුබුදු විසින් අධ්‍යාපණ ප්‍රතිසංස්කරණ හදපු විද්වතුන්ගෙ නම් ලිස්ට් එක රටේ ජනතාවට අනාවරණය කල අතර ඒ අනුව 25 දෙනෙකුගෙන් සමන්විත කමිටුවේ ඉන්න මේ අය කවුද?
දුමින්ද හුලංගමුව - ලංකා වාණීජ මණ්ඩලයේ උප සභාපති
හර්ෂ අලස් - CEO Gateway International School.(ටිරාන් අලස්ගේ සහෝදරයා)
හර්ෂ සුබසිංහ - CEO CodeGen Group of Companies /Members Port City Economic Commission
යසස් තලගල - Lab Manager,Citra Lab at UNDP
විරංජන් කරුණාරත්න -Academic Affairs and Research CINEC Campus,Malabe
හිරාන් කුරේ - Chairman of Jetwing Symphony/Lighthouse Hotel PLC
හර්ෂ හතුරුපාන - Lead Economist and Program Leader for Human Development for Sri Lanka and the Maldives, South Asia, SAR- World Bank
ඒ අනුව ඉහත නම් ඇති කුප්‍රකට ව්‍යාපාරිකයන් එහි මුලසුන හොබවන බව අනාවරණය වුනා. සම්පූර්ණ කමිටු සාමාජිකයන්ගේ නාම ලේඛන පහතින් බලන්න
දැන් පුබුදුගේ වැඩේ අවසන් දැන් ආණ්ඩුව කියන්න ඔනේ මේ ලැයිස්තුව බොරු... මෙන්න ඇත්ත ලැයිස්තුව කියලා. ජනතාවගේ පැත්තෙන් වගවීම, විනිවිදභාවය, අවංකකම වගේ මහා ලොකු දේශපාලනයේ අවශ්‍යම ගුණාංග ගැන වේදිකාවල කෑ මොරදුන් ආණ්ඩුව පැය 24ක් ඇතුලතවත් මේ විද්වත් මන්ඩලය එලියට දාවි කියලා.
එහෙම නැත්තම්,
රටේ ජනතාව තුල මේ දිනවල කතාබහට ලක්වෙමින් තිබේන ප්‍රධාන පෙලේ කතා කිහිපයක් ඇත්ත කියලා පිලිගන්න ජනතාව පෙලබෙනු ඇත.
එවානම්!
>කන්ටේනර් පෙට්ටි ගැන අර්චුනා කිව්ව කතාව.
>අද වෙනතුරු ඇහැට දැක්කෙ නැති ඉන්දියානු ගිවිසුම් 07 පාවා දීමක් කියල.
>මේ අධ්‍යාපණ ප්‍රතිසංස්කරණත් එදා ඔවුන්ම විරුද්ධ වුනු දවල පත්‍රිකාවේම පිටපතක් කියල.
