ජාතික තරුණ සේවා සභාවේ ‘යොවුන් සමාජ, යූත් ක්ලබ්’ හි නිලතල සඳහා පත්වීම් සිදු කිරීමේ ක්‍රමවේදයට හා යොවුන් සමාජ දේශපාලනීකරණය කිරීමට විරුද්ධ හෙට දින (අගෝ. 6) දැන පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් වෛරය හා ප්‍රචණ්ඩකාරී උසිගැන්වීම් සිදු වෙමින් ඇති බව ‘දිනණ දකුණ’ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනයේ දක්වා ඇත්තේ …

යොවුන් සමාජ පිහිටුවීමේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතන නියෝජිතයින්, පරාජිත අපේක්ෂකයින් රැස්වීම් සඳහා පැමිණීම හා ඔවුන්ගේ වෛරී හා කෝප ගන්වන දෙසුම් තරුණ සේවා සභා ඉතිහාසයේ අත් දකිණු ලැබූයේ පළමු වරටය.

එම නිවේදනය මගින් ඉල්ලා ඇත්තේ නිදහස් පුරවැසියන්ට විරෝධතා පැවැත්වීමට ඇති අයිතියට ගරු කරන ලෙසයි.

ප්‍රජාතන්ත්‍රවාදීව විරෝධය දැක්වීම මුලික අයිතිවාසිකමක් වන අතර, එම අයිතිය තහවුරු කිරීම රාජ්‍යය සතු වගකීමකි. සාමකාමී විරෝධතාවයකට සැලසුම් සහගත ලෙස ‘වෛරය හා ප්‍රචණ්ඩකාරී උසිගැන්වීම් සිදු කිරීම’ දිනණ දකුණ දැඩිව හෙළා දකී.

යොවුන් සමාජ පිහිටුවීමේ දී විවිධ දේශපාලන මතවාදයන් නියෝජනය කරන තරුණයින් ඒවායේ ක්‍රියාකාරී ලෙස සහභාගීවීම දශක හතරකට වැඩි කලක් අප සමාජය බුක්ති විදි ප්‍රජාතන්ත්‍රවාදී නායකයින් බිහි කිරීමේ ව්‍යවහාරයකි. මෙවර යොවුන් සමාජ පිහිටුවීමේ ක්‍රියාවලිය ආණ්ඩු පක්ෂයේ දේශපාලන ව්‍යාපෘතියක් බවට පත්වී ඇති බව පැහැදිලිව හදුණා ගත හැකිය.

දේශපාලනීකරණය යනු දේශපාලනයට සම්බන්ධ පක්ෂයක තරුණයින් නිලතල සඳහා තරඟ කිරිම පමණක් නොවේ. ඔවුන් තනතුරු සඳහා මධ්‍යගත මෙහෙයවීමක් සහිතව පෙලගැස්වීම හා අනෙක් පුද්ගලයින්ට සංවිදානාත්මක බාධා කිරීම ය.
යොවුන් සමාජ පිහිටුවීමේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතන නියෝජිතයින්, පරාජිත අපේක්ෂකයින් රැස්වීම් සඳහා පැමිණීම හා ඔවුන්ගේ වෛරී හා කෝප ගන්වන දෙසුම් තරුණ සේවා සභා ඉතිහාසයේ අත් දකිණු ලැබූයේ පළමු වරටය. .

තරුණයින් ගේ කටයුතු සඳහා කිසිදු සම්බන්ධයක් නොමැති පුද්ගලයින් මැදිහත්වීම හා පළමුවරට සංවිධානාත්මකව දේශපාලන පක්ෂයක් ලෙස මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කිරීම හේතුවෙන් වසර ගණනාවක් යෞවන සමාජ ක්‍රියාකාරීන් ලෙස සිටි තරුණයින්ට බලවත් අසාධාරණයක් සිදුව ඇත.

යෞවන සමාජවල විවිධ දේශපාලන මතවාදයන් තිබූ පුද්ගලයින්ට අවස්ථාව ලැබුණි. මෙවර රාජ්‍ය නිලධාරීන් හා දේශපාලන මැදිහත්වීම් මත නිලවරණ පැවැත්වූ ක්‍රමය දේශපාලන න්‍යාය පත්‍රයකට යට කර ඇත. පත්වීම් සිදු කළ ක්‍රමය සහ බලහත්කාරය සෑම දිස්ත්‍රික්කයකින්ම පාහේ වාර්තා විය.

එහි ප්‍රතිඑලයක් ලෙස තරුණයින් අතර බෙදීමක් ඇති කිරීම, වෛරය පැතිරවීම අනිවාර්ය ප්‍රතිඑලයක් බවට පත්ව ඇත. මේ සම්බන්ධයෙන් තරුණ කණ්ඩායම් අගෝස්තු 6 දින පැවැත්වීමට සැලසුම් කර ඇති විරෝධතාවයකට එරෙහිව ද, එය කඩාකප්පල් කිරීමේ අරමුණින්ම ප්‍රචාරක ව්‍යාපාරයක් සිදු වෙමින් ඇත.

දේශපාලනිකව හා තරුණ ක්‍රියාකාරීන් සඳහා බාධා කිරීමේ අමිහිරි ඇත්දැකීම් දශක පහකට වැඩි කලක් අප රට විද ඇත. උතුරේ ද, දකුණේ ද කැරළි බවට පත්වූයේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, විරෝධතා දැක්වීම සඳහා වන අයිතිය අහිමි කිරීමේ ප්‍රජාතන්ත්‍ර විරෝධී භාවිතයයි.

නිදහස් පුරවැසියන්ට විරෝධතා පැවැත්වීමට ඇති අයිතියට ගරු කර කටයුතු කරන ලෙස රජයෙනුත්, ආරක්ෂක අංශ වෙතිනුත් ‘දිනණ දකුණ’ ඉල්ලා සිටී.

By admin

Ecast - Evoice is your premier platform for in-depth analysis and critical discussions on the pervasive issue of corruption within Sri Lanka's economy. We deliver timely, well-researched insights into the political and financial scandals shaping the nation's geopolitics, uncovering corruption, power abuse, and economic misgoverning at the highest levels. Our mission is to keep you informed with factual, transparent reporting while fostering informed dialogue that advocates for a more just and accountable Sri Lanka. Stay engaged with us for insightful updates on the issues that define the nation's future. E Voice Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *