රට පුරා සංසරණය වන වැරදි තොරතුරු සම්බන්ධයෙන් SupremeSAT (පුද්ගලික) සමාගම නිල වශයෙන් පැහැදිලි කිරිමක් කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

පසුගිය 2025 අගෝස්තු මස 8 වැනිදා එම සමාගම නිකුත් කල නිවේදනය හේතුවෙන් රටේ ජනතාව මෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේද මහත් කැළඹීමක් හටගත් අතර ඊට ආසන්නතම හේතුව වුයේ අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය විසින් පාර්ලිමේන්තුවේ සිදුකල ප්‍රකාශයත් එදිනම එම ප්‍රකාශය ආණ්ඩුවේම ප්‍රභල අමාත්‍යවරුන් නිර්දය ලෙස විවේචනය කිරිමත්ය.

අගෝස්තු මස 8 වැනිදා අග්‍රාමාත්‍යවරියගේ ප්‍රකාශයෙන් පසුව SupremeSAT (පුද්ගලික) සමාගම නිළ නීවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ වසර 13 ක් පුරා මේ රටේ ගෞරවණීය ජනතාව නොමග යවමින් පටු දේශපාලන වාසි තකා පැතිරූ කටකතාව වෙනුවට සත්‍යය අනාවරණය වීම අප ලැබු සෑබෑම ජයග්‍රහණයක් බවයි. (එම නීවේදනය පහතින් කියවන්න )

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ බව කී ‘සුප්‍රීම් සැට් සන්නිවේදන චන්ද්‍රිකා ව්‍යාපෘතිය’ සඳහා ශ්‍රී ලංකා රජයේ කිසිදු මුදලක් වැය කර නොමැති බවත්, එම ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන දහස් ගණනක ආදායමක් ලැබී ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය බදාදා (අගෝ: 06) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා ය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉදිරිපත් කළ ආදායම් දත්තවලට අනුව 2015 වසරේ සිට 2023 මුල් භාගය දක්වා මෙම ව්‍යාපෘතියෙන් රුපියල් මිලියන 343,909ක ආදායමක් ලැබී ඇති බව ය.

මේ අතර 2025 අගෝස්තු මස 8 වැනිදා SupremeSAT (පුද්ගලික) සමාගම නිළ නීවේදන නිකුත් කිරිමෙන් පසුව ඇතැම් පුද්ගලයන් ව්‍යාජ්‍ය ලෙස සකස් කරන ලද ප්‍රකාශයන් සමාජ මාධ්‍ය වෙත මුදාහරිමක් දක්න්නට ලැබු අතර එම නිවේදන සමාගමේ නිවේදන් නොවන බවයි අද 2025 අගෝස්තු මස 11 දින නිළ නිවේදනයක් මගින් එම සමාගම සදහන් කරන්නේ.

SupremeSAT විශේෂ මාධ්‍ය නිවේදනය

සියලුම ප්‍රධාන ධාරාවේ සහ ඩිජිටල් මාධ්‍ය ප්‍රධානීන් වෙත

රට පුරා සංසරණය වන වැරදි තොරතුරු පිළිබඳ අපගේ නවතම මාධ්‍ය ප්‍රකාශය 2025 අගෝස්තු 6 වන දින ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රකාශයෙන් ටික කලකට පසු නිකුත් කරන ලද බව අපි, SupremeSAT (පුද්ගලික) සමාගම නිල වශයෙන් පැහැදිලි කිරීමට කැමැත්තෙමු.

අප විසින් කලින් නිකුත් කරන ලද ප්‍රකාශ කිහිපයක් මෙන්ම SupremeSAT වෙත ව්‍යාජ ලෙස ආරෝපණය කරන ලද ගොතන ලද ප්‍රකාශ දැනට සංසරණය වෙමින් පවතින බව අපගේ අවධානයට ලක්ව ඇත. අපි මෙයින් තහවුරු කරන්නේ:

• 2025 අගෝස්තු 8 වන දිනෙන් පසු SupremeSAT විසින් කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

• අපගේ කිසිදු නිල සන්නිවේදනයක අපි කිසිදු පුද්ගලයෙකු ඉලක්ක කර හෝ යොමු කර නොමැත.

• අපගේ සියලුම නිල සන්නිවේදනයන් නිවැරදි කරුණු සහ සත්‍යාපනය කළ හැකි දත්ත මගින් සහාය දක්වන තාක්ෂණික තොරතුරු මත පමණක් අවධානය යොමු කර ඇත.

නිවැරදි තොරතුරු සඳහා SupremeSAT වෙතින් නිල නිවේදන මත පමණක් විශ්වාසය තබන ලෙස අපි මාධ්‍ය සාමාජිකයින්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටිමු. මෙම නිල නාලිකාවලින් පිටත ඕනෑම ප්‍රකාශයක් සත්‍ය නොවන ලෙස සැලකිය යුතුය.

ඔබට වැඩිදුර විස්තර අවශ්‍ය නම්, කරුණාකර www.supremesat.com හි අපගේ නිල වෙබ් අඩවියට පිවිසෙන්න. ඕනෑම අනුමැතියක්, මූල්‍ය තොරතුරු හෝ අදාළ දත්ත සඳහා, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් (RTI) පනතේ විධිවිධාන යටතේ අදාළ රජයේ ආයතනවලින් ද ඔබට ඒවා ලබා ගත හැකිය.

SupremeSAT (පුද්ගලික) සමාගම.

2025 අගෝස්තු 11

සුප්‍රීම් සැට් පුද්ගලික සමාගම

Please find attached the official media release of SupremeSAT (Pvt) Ltd. regarding the recent misinformation being circulated following the Hon. Prime Minister’s statement in Parliament on 6th August 2025.

We respectfully request your esteemed media institution to publish, telecast, and broadcast this statement in full, in order to ensure the public receives accurate and verified information directly from the company.

We would appreciate your cooperation in preventing the spread of unauthentic or fabricated statements falsely attributed to our organization.

Should you require further clarifications, you may visit our official website www.supremesat.com, or obtain any relevant approvals and financial data from the respective government institutions under the Right to Information (RTI) Act.

We thank you in advance for your support in disseminating factual information to the public.

Yours faithfully,
SUPREMESAT Pvt. Ltd.

පසුගිය 2025 අගෝස්තු මස 8 වැනිදා එම සමාගම නිකුත් කල නිවේදනය

2025 අගෝස්තු මස 8: කොළඹ දී:

සියලුම  ගෞරවණීය ජනමාධ්‍යය නාලිකා, ඩිජිටල් හා සමාජ මාධ්‍ය ප්‍රවෘත්ති නාලිකා වෙත,                           

වසර 13 ක් පුරා මේ රටේ ගෞරවණීය ජනතාව නොමග යවමින් පටු දේශපාලන වාසි තකා පැතිරූ කටකතාව වෙනුවට සත්‍යය අනාවරණය වීම අප ලැබු සෑබෑම ජයග්‍රහණයකි.

එනම්

1. සුප්‍රීම් සැට් 1 නමින් සන්නිවේදන චන්ද්‍රිකාවක් සාර්ථකව දියත් කර ඇති බව.

2.. කිසිදු රාජ්‍ය අරමුදල්, සම්පත් හෝ අනුග්‍රහයක් කිසිදා භාවිතා නොකල පුද්ගලික ආයෝජනයක් බවට ආයෝජන මණ්ඩලය විසින් ම තහවුරු කිරීම

අපගේ සමාගම විසින් සිදු කළ මෙම ආයෝජනය පිළිබඳව 2012 වසරේ සිට ම පොදු ජනතාව නොමග යවමින්, පටු ග්‍රාම්‍ය දේශපාලන වාසි වෙනුවෙන් සාවද්‍ය මතවාදයන්, දශකයකට පසුව නිල රෑඛීය ආයතන විසින් දත්ත, වාර් තා සමගින් ම තහවුරු කිරීම සැබවින්ම සතුටුදායක පණිවුඩයකි. නමුත තවමත් ඇතැම් ඇතැම් පුද්ගලයින් අපගේ සමාගම සම්බන්ධයෙන් පදනම් විරහිත ප්‍රකාශ දිගටම කරගෙන යන අතර, විශේෂයෙන් තාක්ෂණික ක්‍රමවේදයන්ට අනුව, අන්තර් ජාතික චන්ද්‍රිකා ගවේශන සුහුරු මෙවලම් හරහා මෙම චන්ද්‍රිකාවේ පිහිටීම ලබාගැනීමට හැකියාව පවතිද්දිත්, අමනෝඥ අසත්‍ය පැවසීම, හා ආයතනික ගිණුම් පිළිබඳව බොරු දත්ත සැපයීම පිළිකුලෙන් යුතුව හෙළා දකින්නෙමු.

තාක්ෂණික පැහැදිළි කිරීම:

SUPREMESAT -1 චන්ද්‍රිකාව මේ වන විටත් 87.5° නැගෙනහිර කක්ෂයේ නිවරදිව සක්‍රීය ලෙසින් පවතී, මූලික දියත් කිරීමේ සිටම චන්ද්‍රිකාව විද්‍යානුකූලව ස්ථානගත කර ඇත.

එසේම පුද්ගලික සමාගමක් ලෙසින් අප සතුව පවතින පුද්ගලික සමාගම් ගිණුම් හා එහි දත්ත වාර්තා අපගේ නිසි නියෝජනයක් හා පිළිගත් දත්ත වාර්තා නොමැතිව, ඉතාමත් සාවද්‍ය ලෙස, ජනතාව නොමග යන අයුරින් විකෘති කර ජනගත කිරීම ඉතාමත් පිළිකුල් සහගතය. කිසිදු විෂයානුබද්ධ දැනුමක්, අවබෝධයක් නොමැතිව පමණක් නොව සරල සාමාන්‍ය දැනුමක් වත් නොමැතිව මෙවන් ප්‍රකාශ සිදු කිරීම පිළිබඳව අප බලවත් අප්‍රසාදය පළ කරන්නෙමු . අප විසින් සිදු කරන අන්තර්ජාතික තලයේ මෙහෙයුම්, ව්‍යවසාය ව්‍යාපෘති, ප්‍රමුඛ පෙළේ ගෝලීය චන්ද්‍රිකා ක්‍රියාකරුවන්, හා ඔවුන්ගේ ප්‍රමිතීන්ට, කාර් ය සාධන ක්‍රියාවලීන්ට, හා ජාත්‍යන්තරව පිළිගන්නා සම්මත ප්‍රමිතීන්ට අනුව විනිවිදභාවයෙන් කටයුතු කරන අප සමාගමට දැඩි අපහාසයක් බව දැඩිව සඳහන් කරන්නෙමු. SupremeSat සමාගම බහු නෛතික රාමු යටතේ නිසි දේශීය හා අන්තර් ජාතික නීති රෙගුලාසීන්ට යටත්ව, නිසි අවසරයන් යටතේ ජාත්‍යන්තර තාක්ෂණික ප්‍රමිතීන් හා නියාමනයන්ට යටත්ව ක්‍රියාත්මක වේ. නිසි දැනුමක් අවබෝධයක් නොමැති හා ජනතාව නොමග යවමින් සිය දේශපාලනය කිරීමට වෙර දරන පිරිස් පිළිබඳව හා ඔවුන් විසින් කරන පදනම් විරහිත හිස් ප්‍රකාශ සම්බන්ධයෙන් අප සමාගම දැඩි කණගාටුව ප්‍රකාශ කරන්නෙමු.

නිරන්තරයෙන්ම SupremeSat මේ රටේ ප්‍රගමනය වෙනුවෙන්, මෙවන් නවෝත්පාදන ක්ෂේත්‍රයන්ට දායකත්වය සපයමින් හා ශ්‍රී ලංකාවට හඳුන්වා දෙමින්, අප සතු සමාගම් කීර්ති නාමය තව දුරටත් ප්‍රවර්ධනය කරමින් ජාත්‍යන්තර ප්‍රමිතියේ වාණිජ අභ්‍යවකාශ ක්ෂෙත්‍රයේ කොටස්කරුවෙක් ලෙසින් ඉදිරියටත් කටයුතු කරන බව සහතික කරන්නෙමු.

අපගේ සමාගම, එහි ඉතිහාසය සහ අපගේ මෙහෙයුම්වල විෂය පථය පිළිබඳ නිවැරදි තොරතුරු සඳහා, www.supremesat.com වෙත පිවිසෙන ලෙස අපි සියලු උනන්දුවක් දක්වන පාර්ශ්වයන් දිරිමත් කරමු.

ආර්. එම්. මනිවන්නන්

සභාපතිසුප්‍රීම් සැට් පුද්ගලික සමාගම

We write to share our official statement in response to the renewed wave of misleading and baseless allegations directed at our company and its operations. After 13 years of speculation, we welcome the recent and long-overdue public acknowledgment of the following key facts:

  1. The SupremeSAT satellite was successfully launched.
  2. No government funds were used for the project.

These facts have been on public record since 2012. However, politically driven narratives have continuously sought to obscure them. Even now, certain individuals persist in making unfounded remarks, particularly regarding the satellite’s current location and SupremeSAT’s private company accounts.

To provide clarity:

  • The SupremeSAT satellite remains in orbit at 87.5° East, exactly where it was positioned upon launch.
  • Comments on our company’s financial accounts, made without our involvemen, are not only inappropriate but also misleading. These statements are often made without the necessary technical background or understanding of our operations, which span multiple jurisdictions and are governed by strict international contractual, regulatory, and technical frameworks.

SupremeSAT adheres to the highest standards in performance, compliance, and transparency, aligned with leading satellite operators worldwide. While we remain undeterred by unsubstantiated claims, we find it necessary to express our strong disapproval of the continued misrepresentation of our efforts.

We remain committed to our mission—delivering innovative space solutions, maintaining our global partnerships, and preserving our reputation as Sri Lanka’s pioneering player in the commercial space industry.

For verified and comprehensive information about SupremeSAT, we kindly invite all media personnel and interested parties to visit www.supremesat.com.

We respectfully request your esteemed media platform to publish this statement in full or in part, to ensure that the public receives a balanced and fact-based account of our work.

Thank you for your continued commitment to journalistic integrity.

Warm regards,

SupremeSAT (Pvt) Ltd

By admin

Ecast - Evoice is your premier platform for in-depth analysis and critical discussions on the pervasive issue of corruption within Sri Lanka's economy. We deliver timely, well-researched insights into the political and financial scandals shaping the nation's geopolitics, uncovering corruption, power abuse, and economic misgoverning at the highest levels. Our mission is to keep you informed with factual, transparent reporting while fostering informed dialogue that advocates for a more just and accountable Sri Lanka. Stay engaged with us for insightful updates on the issues that define the nation's future. E Voice Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *