2009 මැයි 19 නිල වශයෙන් යුද්ධය අවසන් කිරීමත් සමඟ, ශ්‍රී ලංකාවට පැමිණි එවකට එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන්කි මූන් මහතා හා ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම හා ඒකාබද්ධ ප්‍රකාශය මත තවමත් දිග හැරෙන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම්බන්ධ මාතෘකාව සෑම වසරකම පාහේ මාර්තු මාසයේත්, ඔක්තෝබර් මාසයේත් රට උණුසුම් කරනු ලබයි.
ඊයේ දිනයේදී රටවල් 30ක සමාඅනුග්රාහයෙන් ගෙන එනු ලැබූ 60/L/1 යෝජනාව හරහා ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව,වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය සඳහා බල කරමින් යෝජනාවක් සම්මත විය.ඒ සඳහා ක්‍රියාවෙන් ප්‍රතිචාර දැක්විය යුතු බව සිවිල් සංවිධානවල මතයයි.ඒහෙත් ශ්‍රී ලංකාව මෙවැනි අවස්ථාවලදී පවසන පරිදි ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් අභ්‍යන්තර යාන්ත්‍රණ හරහා ගැටලුව විසඳා ගන්නා, බවත් බාහිර අතපෙවීම් අනවශ්‍ය බවත් ප්‍රකාශ කරනු ලබයි.
මෙම රජයද එම ස්ථාවරයේ සිටිමින්, විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය විජිත හේරත් මහතා සැසිවාරය ආරම්භයේදීත්, එක්සත් ජාතීන්ගේ ශ්‍රිලංකා නිත්‍ය නියෝජිත ලෙස කටයුතු කරන හිමාලි අරුණතිලක මහත්මියද, ඊයේ දිනයේදී යෝජනාව ඉදිරිපත් වූ මොහොතේදී ඒ සඳහා ප්‍රතිචාර දක්වමින් රජයේ ස්ථාවරය පැහැදිලි කරමින් බාහිර බලපෑම් අනවශ්‍ය බව ප්‍රකාශ කරමින් යෝජනාව ප්‍රතික්ෂේප කරන ලදී.
නමුත් ශ්‍රී ලංකාව තුළ පවතින සංහිඳියා යාන්ත්‍රණවල තත්ත්වය අතිශය කේදජනක බව පැවති පැවසිය යුතුය.අතුරුදහන් වූවන්ගේ කාර්යාලය වින්දිතයන්ගේ ගැටලු නිසි ලෙස අවබෝධ කර ගනිමින් කටයුතු කරන බවක් නොපෙනේ.
හානිපූර්ණය සදහා කාර්යාලයේ සභාපති ඇතුළු සාමාජිකයන්ට පත්කිරීම මාස තුනක් ගොස් ඇතත් තවමත් සිදුකර නොමැත. ව්‍යවස්ථාදායක සභාව විසින් අයදුම්පත් කැඳවා, සම්මුඛ පරීක්ෂණ සිදුකර නාමයෝජනා ජනාධිපතිවරයාගේ යොමු කර ඇතත් තවමත් කිසිවෙකු පත් කිරීමට ජනාධිපතිවරයා විසින් කටයුතු කර නොමැත.
ජාතික සමඟිය හා සංහිතය කාර්යාංශය සේවක හිගය නිසා දැඩි පීඩනයකට පත්වී ඇති අතර පසුගියදා එහි සිටි නියෝජ්‍ය අධ්‍යක්ෂකවරියක්, වැඩ බැලීම සඳහා අධ්යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීමටද සිදුවිය. එම ආයතනය සඳහා නිසි නායකත්වයක් නොලැබීම මත, කිසිදු අරමුණකින් තොරව නාමික ආයතනයක් ලෙස කාලයක් තිස්සේ පැවතීම, මෙම රාජය යටතේ ද ඉදිරියට යෑම පුදුම සහගතය.
මීට අමතරව සත්‍ය හා සංහිඳියා කොමිසමක් ස්ථාපනය කිරීමත්, වගවීමේ යාන්ත්‍රණය ස්ථාපනය කිරීම සඳහාත් රජයට කටයුතු කිරීමට ඉදිරියේදී සිදුවනු ඇත.තවද පළාත් සභා මැතිවරණය පැවැත්වීම ආදී සුවිශේෂී කාරණා රාශියකට රජයට මැදිහත්වීමට සිදුවේ.
එම නිසා රජය විසින් හැකි ඉක්මනින් මේ සඳහා නියමිත සම්බන්ධීකරණයක් සිදුකළ හැකි ආකාරයේ සංහිඳියා ක්‍රියාවලිය සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ස්ථාපනය කළ යුතු බව සිවිල් සමාජයේ මතයයි.මෙම යෝජනාව මගින් බලතල විමධ්‍යගත කිරීම ශක්තිමත් කිරීමට යෝජනා කර ඇති අතර,
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුනසිලය විසින් A/HRC/60/L.1/Rev.1 යන අංකය යටතේ නව යෝජනාවක් ඡන්දයක් නොමැතිව සම්මත කරගත් අතර ඒ අනුව
බලතල විමධ්‍යගත කිරීම ශක්තිමත් කිරීමට යෝජනා කර ඇති අතර, පළාත් සභා මැතිවරණ ඉක්මනින් පැවැත්වීමට යෝජනා කර තිබේ. උතුරු- නැගෙනහිර ජනතාවට ව්‍යවස්ථානුකූලව හිමිව ඇති බලතල ක්‍රියාත්මක කිරීම.
මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය කඩ කිරීම් සම්බන්ධයෙන් ස්වාධීන හා අපක්ෂපාතී පරීක්ෂණ පැවැත්විමට කටයුතු කිරිම.
අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීමට ඉඩ සලසන බවට දිගු කලක් තිස්සේ විවේචනයට ලක් වූ, ආන්දෝලනාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අවලංගු කිරිම.
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ ඩිජිටල් අයිතිවාසිකම් සුරැකීම සඳහා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත ප්‍රතිසංස්කරණය කිරිම වැනි තීරණාත්මක යෝජනා ඇතුලත් කර තිබේ.