දිට්වා සුලි කුණාටුව හේතුවෙන් නායයෑම් සහ ඇති වූ ගංවතුර හේතුවෙන් නුවරඑලිය රේන්දපොළ හග්ගල ප්‍රදේශයේ අවතැන් වු පවුල් 23ක සාමාජිකයන් කිසිදු මූලික පහසුකමක්වත් නොමැතිව තවදුරටත් එම කුඩාරම්වල ජිවත්වීමට නොහැකි බව පීඩාවට පත් ජනතාව කියා සිටියි.

නායයැම සහ ගංවතුර හේතුවෙන් නුවරඑළියේ හක්ගල රේන්දපොල ප්‍රදේශයේ ජනතාවට ආපදා කළමණෘකරණ ඒකකය මගින් එ වතුයායේම නුවරඑළියේ හක්ගල වතුයායේ තාවකාලික කූඩාරම් ඉදි කර දී ඇත.

මාස තුනකට ආසන්න කාලයක් වරින්වර නුවරඑලිය ප්‍රදේශයේ වෙනස්වන කාලගුණය හමුවේ තමන් එම කුඩාරම්වල ජිවත්වන බවත් එම කූඩාරම් වලට පානීය ජලය, විදුලිය සහ ප්‍රමාණවත් වැසිකිළි නොමැති බවත්, හිරු එළියෙන් ක්‍රියාත්මක වන සෝලා විදුලිය තම කූඩාරම්වලට ලබා දී ඇතත්, එම විදුලියෙන් තම කූඩාරම්වල සවි කර ඇති විදුලි බුබුළු පැයක පමණ කාලයක් පමණක් දැල්වෙන බවයි එම කූඩාරම්වල ජීවත්වන ජනතාව කියා සිටියේ.

කුඩාරම්වලට ප්‍රමාණවත් ජල පහසුකම් ලබා නොදීම හමුවේ තමන් වත්තේ වැඩ අවසන් කර කූඩාරමට පැමිණ ස්නානය කිරිමට සහ පානීය ජලය ලබා ගැනීමට සැතපුම් ගණනක් පයින් යැමට සිදු වී ඇති බවයි එම ජනතාව කියා සිටියේ.

තවද, එහි ජීවත්වන ජනතාව පවසන්නේ මෙම තාවකාලික කූඩාරම විශේෂයෙන් අධික සීතල හා අධික උණුසුම් කාලගුණයට ඔරොත්තු දිය නොහැකි කූඩාරම් බවත්, දැඩි අයහපත් කාලගුණික තත්ත්වයක් පවතින අවස්ථාවල එම කදවුරුවල ජීවත්වීම අවධානම් බවයි එම ජනාතව කියා සිටියේ. පවත්නා තත්වය මත කඩිනමින් තම පවුල් 23 සදහා සුදුසු ඉඩමක තමන්ට නිවසක් ඉදි කර දීමට රජය කටයුතු කල යුතු බවත්, එම නිවාස ඉදි කරන තෙක් දැනට තමන් ජීවත්වන කුඩාරම්වලින් තමන්ව ඉවත් කර තාවකාලිකව වෙනත් ස්ථානයක පදිංචි කරවීමට කටයුතු කරන ලෙසද නුවරඑළියේ හක්ගල රේන්දපොල ප්‍රදේශයේ කූඩාරම්වල ජීවත්වන ජනතාව කියා සිටියේ.

By admin

Ecast - Evoice is your premier platform for in-depth analysis and critical discussions on the pervasive issue of corruption within Sri Lanka's economy. We deliver timely, well-researched insights into the political and financial scandals shaping the nation's geopolitics, uncovering corruption, power abuse, and economic misgoverning at the highest levels. Our mission is to keep you informed with factual, transparent reporting while fostering informed dialogue that advocates for a more just and accountable Sri Lanka. Stay engaged with us for insightful updates on the issues that define the nation's future. E Voice Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *