අලුත් බල පෙරලියෙන් දින සියයක් ඉක්මවා යන විටදි පාලක ජාතික ජනබලවේගය (NPP) සහ ප්‍රධාන විපක්ෂ පක්ෂ තුන – සමගි ජන බලවේගය (SJB), එක්සත් ජාතික පක්ෂය (UNP) සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) දැනට අර්බුද රැසකට මුහුණ දී සිටින බව ecast දේශපාලන වාර්තාකරු අනාවරණය කරනවා. කෙසේවෙතත් එම අර්බුදයන් ස්වභාවයෙන් සහ පරිමාණයෙන් සමාන නොවන බවයි අප වාර්තාකරු අනාවරණය කළේ.
අර්බුද ගණනාවක් මධ්‍යයේ වුවද වත්මන් ආණ්ඩුවට එහි පැවැත්ම පිළිබඳ ගැටලුවක් නොවන බව නොරහසකි.නමුත් නමුත් විරුද්ධ පක්ෂවලට එය එලෙසම නොවන බවයි ඔහු පෙන්ව දෙන්නේ.
NPP රජය පෙර නොවූ විරූ ලෙස ශක්තිමත් වන අතර බහුතර පාර්ලිමේන්තු බලයෙන් තුනෙන් දෙකකට වඩා අතැතිව සිටින අතර එහි පැවැත්මට දුරස්ථව පවා තර්ජනයක් නැත.නමුත් ආණ්ඩුව අභ්‍යන්තරයේ බරපතළම අර්බුදය බවට පසුගිය මැතිවරණවලදී දුන් පොරොන්දු සම්බන්ධයෙන් ජනතාව හමුවේ පිළිතුරු දිමට සිදුව තිබේන අරගලය දැවැන්ත එකක් බව පැහැදිලිය. ඊට ප්‍රධානතම හේතුව වි ඇත්තේ විපක්ෂයේ සිටියදී රටේ සියලුම දේශපාලන පක්ෂවලට වඩා සදාචාරාත්මකව ඉහළ ස්ථානයක් හිමි කර ගත් පක්ෂය වත්මන් පාලක පක්ෂය විමය.
ජීවන වියදම දැරිය හැකි මට්ටමකට ගෙන ඒමට පොරොන්දු වුවද, මිල ගණන් ඉහළ ගොස් තිබේ. ප්‍රධාන ආහාරය වන සහල්වල මිල පවා සමාජයේ දුර්වලම කොටස්වලට පමණක් නොව, මධ්‍යම පංතියටද ළඟා විය නොහැකි මට්ටමකට ගොස් තිබිම නරක තත්ත්වයකි.
සහල් හිඟය,විදුලි ගාස්තු,ඉන්ධන මිල සහ දෛනික ජන ජිවිතය සදහා අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයේ මිල පාලනය කරගැනිමට නොහැකි විම ආණ්ඩුව මුහුණ දෙන බරපතලම අර්බුදය බව අමුතුවෙන් කිවයුතු නැත. ඒ අතරට මන්ත්‍රීවරුන් සිදුකරන ඇතැම් ප්‍රකාශ හේතුවෙන්ද ආණ්ඩුව විපක්ෂයේ සිටියදි පවත්වාගෙන ආ සදාචාරයේ මුල සොලවන්නට සමත්ව තිබේ.මන්ද ඔවුන් දුන් පොරොන්දු ඔහුන් මත බූමරංගයක් වි තිබේ. විපක්ෂය ඔවුන්ගේ සමහර පොරොන්දු මතක් කරන විට විපක්ෂයට මුහුණ දෙන්නේ කෙසේදැයි ඔවුන් දැන් නොදනී.ඒ නිසාම දෛනිකව විවිධ අනතුරු සිදුකර ගැනිම දැන් සුලභ දසුනකි.
කෙසේ වෙතත්, නීතිය හා සාමය පිළිබඳ අංගයක් ගෙන ඒමට රජය පළමු පියවර ගෙන තිබේ.එය යම් විචක්ෂණ බුද්ධියක් සහිතව කටයුතු කරන ජනතාව දකිමින් සිටි.නමුත් කුප්‍රකට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හෙවත් (PTA) අහෝසි කිරීම සම්බන්ධයෙන්ද ජනයා අවදියේන් සිටින බව පෙනෙන්නට තිබේ.
අනුර කුමාර දිසානායක (#AKD) නායකත්වය දෙන පක්ෂය බලයට පත් කරනු ලැබුවේ, බොහෝ පොරොන්දු දුන් නමුත් දූෂණයෙන් හා කඩ කළ පොරොන්දුවලින් පීඩා විඳි අතීත නායකයින්ගෙන් අගතියට පත් වූ ජනතාව විසිනි
කවුද වගකිවයුත්තෝ!
ඇත්ත වශයෙන්ම, මේ මොහොතේ ජනතාව මුහුණ දෙන ගැටළු සඳහා අනුර ඇතුලු NPP ප්‍රධාන වශයෙන් වගකිව යුතු නොවේ, මන්ද ඒවා ඔවුන් නිසා ඇති වූවක් නොවන බව යමක් අවබෝධ කරගත හැකි ජනයාට හැකිය. සහල් හිඟය යනු පසුගිය රජය වී හෝ සහල් තොගයක් පවත්වා ගැනීමට අපොහොසත් වීමේ ප්‍රතිඵලයකි. විදුලි ගාස්තු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් අනුග්‍රහය දක්වන වැඩසටහනට බැඳී ඇති අතර, එහි එක් කොන්දේසියක් වන “Aligning energy pricing with costs.” හෙවත් බලශක්ති මිලකරණය පිරිවැය සමඟ පෙළගැස්වීමට යටත් ය. ඒ අනුව විදුලිය හෝ/සහ ඉන්ධන මිල අඩු කිරීමට රජයට අවශ්‍ය නම්, එවැනි අඩු කිරීමකින් සිදුවන ආදායම් අලාභය පියවා ගැනීම සඳහා විකල්ප ආදායම් මාර්ග IMF වෙත පෙන්වියම අනිවාර්යය වේ.
මේ තත්ත්වය හමුවේ රජය පවත්වාගෙන යාමට ජාතික ජන බලවේගයට ඇති හැකියාව විනිශ්චය කිරීමට තවමත් කල් වැඩි බවයි දේශපාලන විචාරකයන්ගේ මතය වි ඇත්තේ. දැවැන්ත අර්බුද රැසකට මුහුන දෙන පරිසරයක් නිර්මාණය වුවහොත් ඔවුන්ගේ සදාචාරාත්මක උසස් තත්ත්වය තව තවත් අභියෝගයට ලක්වනු ඇත.
කෙසේවෙතත් මේ අර්බුදයන් විසඳීමට ස්වභාවිකවම කාලය අවශ්‍යය. එය පසක් කර ගැනිම සදහා ජනමනස කොතරම් ශක්තිමත් සහ නිරවුල්ද යන්න ප්‍රශ්ණයකි. දශක ගණනාවක් තිස්සේ පැවති වැරදි කළමනාකරණයකින් බංකොලොත් වූ රටක මෙන්ම දූෂිත නිලධාරිවාදයක ආධාරයෙන් මෙම ගැටළු හැසිරවීම ජාතික ජන බලවේගයේ සදාචාරාත්මක උසස් තත්ත්වය පරීක්ෂා කරන තවත් කරුණකි.මන්ද සදාචාරාත්මක උසස් තත්ත්වයක් යටතේ එය නිවැරැදි කිරිම පහසු කටයුත්තක් නොවේ.
බලයට පත්වීමෙන් පසු, IMF ඇපකර පැකේජය නැවත සාකච්ඡා කරන බවට පොරොන්දු වුවද, IMF ගනුදෙනුවේ කිසිවක් වෙනස් වී නැත.
ආණ්ඩුවට ලඟ එන අනතුරු!
සදාචාරාත්මක හෘද සාක්ෂීය සමග සටන් කරන NPPයට තවත් මැතිවරණ දෙකකට මුහුණ දිමට සිදුවනු ඇත ජනාධිපතිකම සහ පාර්ලිමේන්තුවේ 2/3කද ඉක්මවා ගිය ජනතා ව්‍යාපාරයකට මේ පවතින තත්ත්වය හමුවේ එය දැවැන්ත ඉලක්කයක් වනු නොඅනුමානය. මන්ද එම මැතිවරණය දෙකෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ රජය විසින් කල් දැමූ පළාත් පාලන මැතිවරණය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග හමුවේ ඉක්මනින්ම පැවැත්විමට සිදුවනු ඇත.
එම මැතිවරණය ජනතාවට ඉතාම සමීපව ගැටගැහුන එකක් බව අමුතුවෙන් කිවයුතු නැත. අනෙක පළාත් සභා මැතිවරණයය.එය ජනාධිපති අනුර කුමාර දිසානායක දෙමළ පක්ෂවලට කිහිප වතාවක්ම ලබාදුන් පොරොන්දුවක් සහ ඉන්දිය රජයේ බලාපොරොත්තුවක් නිසාම පැවැත්විමට සිදුවනු ඇත. එම මැතිවරණ දෙකම වත්මන් පාලනයේ වසරකට අඩු කාලයක ජනතා පුර්ව නිගමන ගැන පරික්ෂණ වනු ඇත.
ආණ්ඩුව නොකලයුතු දේ!
තත්ත්වය මෙසේ තිබියදි තම අසාර්ථකත්වය පිළිගැනීමට වඩා, රජයේ අමාත්‍යවරුන් මෙම ගැටලුව ඇති කිරීම සම්බන්ධයෙන් පෙර පාලන තන්ත්‍රයට දොස් පවරමින් සිටි. මේ රටේ ජනතාවට මෙය නොරහසකි. ඒ හෙතුවෙන් රජයේ අමාත්‍යවරුන් තම මෝඩ ප්‍රඥාවේ වචන ජනතාව ඉදිරියේ හෙළීමට අවශ්‍ය නැත.
විපක්ෂය නන්නත්තාර වු රටක්!
ජාතික මැතිවරණ දෙකකින්ම නින්දිත ලෙස පරාජයට පත්වු ප්‍රධාන විපක්ෂය වන SJB පක්ෂය තවදුරටත් ඉදිරි ගමනක් නොමැති බව ජනතාව හමුවේ තහවුරු කරමින් සිටි. ඔහුන් වටා එල්ලාගනිමින් තිබු කුඩා පක්ෂ මේ වනවිට ඉවත් වෙමින් සිටින අතර එය සජිත්ගේ නායකත්වයෙන් යුත් SJB හි අවසන් මලගම වනු නියතය.මේ අතර ශ්‍රී ලංකාවේ පැරණි පක්ෂය ලෙස හඳුන්වන එක්සත් ජාතික පක්ෂය (UNP) යලිත් අලුත් වටයකින් බලය ව්‍යාප්ත කිරිම සදහා මෙහෙයුම් දියත් කරමින් සිටි.
ලංකා ඊ කාසට් දේශපාලන වාර්තාකරු