විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම නිර්දේශ ක්‍රියාත්මක කිරීම එම නිර්දේශ නිල වශයෙන් ලැබීමෙන් පසු මුදල් අමාත්‍යංශයේ උපදෙස් අනුව සිදුකිරීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.
ඒ විදුලි බිල සියයට 20කින් පහත දමන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අද නිවේදනය කිරිමෙන් පසුවයි.අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල ගණන් ක්‍රියාත්මක වන බව ද මහජන උපයෝගිතා කොමිෂන් සභාව ජනතාවට නිවේදනය කර සිටියා. මෙම මිල අඩුකිරිම ඉදිරි මාස 6ක කාලයක් සදහා වලංගු බවද කොමිෂන් සභාවේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් සදහන් කර සිටි.
මහජන උපයෝගීතා කොමිසමත් විදුලිබල මණ්ඩලයත්, විදුලිබල අමාත්‍යාංශයත් එක්ව ගතයුතු තීරණ තනි තනිව ගැනිම ගැටුමක මුලක්ද?
ඒ අනුව ගෘහස්ථ කාණ්ඩය යටතේ 0-30ත් අතර ඒකකයට තිබූ ගණන රුපියල් 6ක් දක්වා පැවැති ගාස්තුව රුපියල් 4ක් දක්වාත්, 31-60ත් අතර තිබූ රුපියල් 9 සිට ගාස්තුව 6 දක්වාත් අඩු කිරිමට නියමිතයි.
“700ක බිලක් ගෙවපු කෙනෙකුගේ දැන් බිල 500යි, 14660ක් බිලක් ගෙවපු කෙනෙකුගේ දැන් බිල 11900යි” – මහජන උපයොගිතා කොමිෂන් සභාව
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් ජනතා අදහස් විමසීමේදී විදුලි ගාස්තු සියයට 20 ත් 30 ත් අතර ප්‍රතිශතයකින් අඩු කිරීමේ හැකියාව ඇතැයි සමස්ත ලෙස යෝජනාවක් ඉදිරිපත් වූ බවත් මහජන උපයෝගිතා කොමිසම පසුගියදා සදහන් කර තිබුනා.
2025 මුල් මාස 6 සදහා ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කල සංශෝධන යෝජනාව, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සකස්කල ප්‍රතියෝජනාව හා ඒවා සම්බන්ධයෙන් මහජන උපදේශනයේදී ඉදිරිපත් වු අදහස් හා යෝජනා සමාලෝචනය කිරීමෙන් අනතුරුව විදුලි ගාස්තු සියයට 20කින් පහල දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අද තීරණය කලේ ය. සංශෝධිත විදුලි ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ. -PUCSL නිල ප්‍රකාශය
විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳව පළාත් නවය ආවරණය පිළිබඳව කළ ජනතා අදහස් විමසීමෙ සැසිවලට පුද්ගලයන් 400 ක් පමණ සහභාගි වි සිටි අතර එම සැසිවලට දේශපාලඥයන් සහ වෘත්තිකයන් ඇතුළු විශේෂ පුද්ගලයන් රැසක් ද සහභාගි වි සිටි බවයි මහජන උපයෝගිතා කොමිසම සදහන් කර තිබුනේ.
පුලුවන්ද …. බැරිද?
කෙසේවෙතත් විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම නිර්දේශ ක්‍රියාත්මක කිරීම එම නිර්දේශ නිල වශයෙන් ලැබීමෙන් පසු මුදල් අමාත්‍යංශයේ උපදෙස් අනුව සිදුකිරීමට නියමිත බවයි.මේ අතර පසුගිය මස 06 වැනිදා ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට දැනුම් දුන්නේ විදුලි ගාස්තුව අඩුකළ නොහැකි බවයි.
බලශක්ති ඇමතිට අඩුකරන්න අවුරුදු තුනක් යනවා කිව්ව විදුලි බිල මහජන උපයෝගිතා කොමිසම 20% අඩු කරයි
විදුලිය සම්බන්ධයෙන් IMF බැදිම!
විදුලි ගාස්තු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් අනුග්‍රහය දක්වන වැඩසටහනට බැඳී ඇති අතර, එහි එක් කොන්දේසියක් වන “Aligning energy pricing with costs.” හෙවත් බලශක්ති මිලකරණය පිරිවැය සමඟ පෙළගැස්වීමට යටත් ය. ඒ අනුව විදුලිය හෝ/සහ ඉන්ධන මිල අඩු කිරීමට රජයට අවශ්‍ය නම්, එවැනි අඩු කිරීමකින් සිදුවන ආදායම් අලාභය පියවා ගැනීම සඳහා විකල්ප ආදායම් මාර්ග IMF වෙත පෙන්වියම අනිවාර්යය වේ.
විපක්ෂය බලාපොරොත්තුවෙන් හිටියා!
මේ අතර විදුලි බිල සියයට 33ක අගයකින් අඩු කිරීමක් අද (ජන. 17) බලාපොරොත්තු වන බව සමගි වෘත්තීය සමිති සන්ධානය පසුගියදා මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කර තිබුනා.
සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත කියා සිටියේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව 2023 වසරේ ඩොලර් එකට රුපියල් රුපියල් 367ක් ගෙවන අවස්ථාවේදී බොරතෙල් බැරලයක මිල ඩොලර් 110ට තිබූ බව ත් එහිදී විදුලි-බල මණ්ඩලයට දැවිතෙල් ලබා දුන්නේ අඩු මිලට බවයි.
අද වන විට ඩොලර් එකට වටිනාකම රුපියල් 296ක් බවත් බොරතෙල් බැරලය ඩොලර් 75ක් බව ඔහු සදහන් කළා.
ඇමතිට පුලුවන්ද?
විදුලි බිල දවසින් දෙකින් අඩු කරන්නේ යැයි ජාතික ජන බලවේගය කිසිදු අවස්ථාවක ප්‍රකාශ කර නොමැති බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි (ජනවාරි 09) පාර්ලිමේන්තුවේදී කියා සිටියා.ඒ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
“විදුලි බිල අඩුකරන්න තමයි අපේ අරමුණ. ඒක ඇත්තටම දවසෙන් දෙකෙන් කරනවා කියලා අපි කොහෙවත් කියලා නෑ. අපි අවුරුදු තුනක් ඇතුළත කරන්න යන්නෙ. මොකද විශේෂයෙන්ම පසුගිය පාලනයන් විසින් කරන ලද දූෂිත පාලනයන්වල ප්‍රතිඵල ජනතාවට විඳින්න සිදුවෙලා තියෙනවා. ඒ නිසා විදුලිබල මණ්ඩලය බිලියන 332ක ණයකින් පෙළෙනවා. ඒ වගේම වැඩි මිලට විදුලිය මිලදී ගැනීම් වරින් වර රුපියල් 22ට පටන් ගත්තු එක 37ට ගිහිල්ලා ඊටපස්සෙ ආපහු 27ට ඇවිල්ලා තියෙනවා. විදුලිබල මණ්ඩලයෙන් අපට මූලික කැල්කියුලේශන් එක හම්බුණේ 37%ක් වැඩි කරන්න. ඒක හින්දා අපට කාලයක් යනවා. අපි කියලා තියෙන්නෙ විදුලි බිල අඩුකරනවා කියලා අවුරුදු තුනක් ඇතුළත තමා 30% අඩු කරන්නෙ”
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව කාර්යය!
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) භෞතික යටිතලපහසුකම් කර්මාන්තයන් නියාමනය කිරීම සඳහා බහු ආංශික නියාමන ආයතනයක් ලෙස පිහිටුවන ලදි. 2002 දී පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත මඟින් විදුලිබල සහ ජල සේවා කර්මාන්ත සම්බන්ධයෙන් නියාමනය සිදු කිරීම සඳහා විධිවිධාන සපයන ලදි. 2006 මාර්තු මාසයේදී ඛණිජ තෙල් කර්මාන්තයද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මඟින් නියාමනය කළ යුතු කර්මාන්ත ලැයිස්තුවට එකතු කරන ලදි.
විදුලිබල කර්මාන්තයේ ප්‍රමාණවත් ආයෝජනයක්, කාර්යක්ෂම සැපයුමක්, සහ ගුණාත්මක සේවා තත්වයක් සහතික කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලිබලය උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම, සැපයුම සහ භාවිතය නියාමනය කරයි.
ඉහත දැක්වු යටිතලපහසුකම් කර්මාන්තයන් නියාමනය කිරීම සඳහා බහු ආංශික නියාමන ආයතනයක් ලෙස 2002 අංක 35 දරන පනත මඟින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) පිහිටුවන ලදි. එහි පළමු කොමසාරිස්වරුන් කණ්ඩායම සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කිරීමත් සමගම 2003 වර්ෂයේ සිට ආයතනයක් වශයෙන් සිය කටයුතු ආරම්භ කරන ලදී..