ඉන්දියාවේ Adani Green Energy (අදානි ග්‍රීන් එනර්ජි සමාගම) ශ්‍රී ලංකාවේ යෝජිත සුළං බල ව්‍යාපෘති දෙකකින් ඉවත් වන බව ශ්‍රි ලංකා රජයට නිළ වශයෙන් “අතිශයින්ම රහසිගත” ලිපියක් මගින් දැනුම් දිමත් සමග රටේ අභ්‍යන්තර දේශපාලන සහ ආර්ථික අර්බුදයක් හටගෙන තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

“අතිශයින්ම රහසිගත” ලිපිය මාධ්‍ය අතට පත්විමත් සමග එයට සමාන්තරව අදානි ග්‍රීන් එනර්ජි ලිමිටඩ් නිල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මන්නාරමේ සිය සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවත්, අදානි ග්‍රීන් එනර්ජි ලිමිටඩ් සිය මණ්ඩලයේ තීරණය ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති බවත් මාධ්‍යයට අනාවරණය කලා.

ගෞතම් අදානි විසින් ආරම්භ කරන ලද අදානි ග්‍රීන් එනර්ජි, ඊයේ ශ්‍රී ලංකාවෙන් තම සුළං බලශක්ති ව්‍යාපෘතිය ඉවත් කර ගැනීමට තීරණය කර ඇති බවට පුවත පළ වී පැය කිහිපයක් තුල එයට ජාතික සහ ජාත්‍යන්තරව ලැබුන ප්‍රචාරයන් මෙන්ම ආර්ථික විශ්ලේෂකයන්ගේ අර්ථ දැක්විම් මේ සදහා ප්‍රධාන වි තිබේන අතර එය මොනතරම්ද යන්න කිවහොත් මේ සම්බන්ධයෙන් ඉන්දියානු රජය පාර්ශවය සහ ශ්‍රී ලංකා රජය පාර්ශවයෙන් ලබන සතියේ සාකච්ඡා මාලාවකට යාමට තීරණය කර ඇති බව ඉන්දීය රහස් ආරංචි මාර්ග වාර්තා පෙන්වා දෙනවා.

එ අනුව මන්නාරමේ සුළං බලශක්ති ව්‍යාපෘතිය සහ රටේ තවත් සම්ප්‍රේෂණ ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අන්‍යෝන්‍ය තීරණයකට එළඹිය හැකිදැයි බැලීමට ඉන්දීය සහ ශ්‍රී ලංකා පාර්ශ්වයන් ලබන සතියේ රහසිගත සාකච්ඡාවක් වෙනුවෙන් හමුවනු ඇත.

කෙසේවෙතත් ඊයේ එලියට ආ අදානී ලිපියේ සදහන්ව තිබුනේ, ඉවත් වීම නොතකා, රජය එවැනි ව්‍යාපෘති සඳහා අදානි සමූහය සලකා බලන්නේ නම්, ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන අවස්ථාවන්ට සහභාගී වීමට අදානි ග්‍රීන් කැමැත්තද පලකරමින් ය.

අදානි ග්‍රීන් කණ්ඩායම් රාජ්‍ය පත් කළ කමිටු සමඟ සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ බවත්, සාකච්ඡා වට 14 කට වැඩි කාලයකින් පසු, විදුලිබල මිලදී ගැනීමේ ගිවිසුම සඳහා වසර 20 ක් සඳහා නියම කර ඇති තීරුබදු සඳහා අනුමැතිය ලබා දුන් බව ලිපිය මගින් අනාවරණය වු අතර ඒ හේතුවෙන් ඉන් ගැලවියාම ශ්‍රි ලංකා ආණ්ඩුවට පහසු නොවනු ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පලමු නිළ සංචාරය අරඹමින් නවදිල්ලියට ගිය අවස්ථාවේදී, තම රජය අදානි ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡා කිරීමට කැමැත්තෙන් සිටින බවත් සමාගම විසින් උපුටා දක්වන ලද බදු අනුපාත අඩු කළ යුතු බව ඔහු ඉන්දීය නිලධාරීන්ට දන්වා තිබු අතර ඒ අනුව දෙපාර්ශ්වයම මේ කාරණය තවදුරටත් සාකච්ඡා කිරීමට එකඟ වී තිබුණි.

Extremely Confidential

මෙහි දේශපාලන අර්බුදය බවට පත්ව ඇත්තේ 12 වැනිදා බදාදා මෙම ලිපිය ආයෝජන මණ්ඩලය අතට ලැබුනු අවස්ථාවේ අවුල් ජාලයකට ඇද වැටුණු අතර, එහි තවත් අර්බුදයක් බවට පත්වුයේ මුදල් අමාත්‍යාංශය එහි අන්තර්ගතය දුටුවේ එය මාධ්‍යයට අතට පත් වීමෙන් පසුව විමයි.

මහා පරිමාණ විදේශ ආයෝජනයක් රටින් ඉවත් වන විට, මුදල් අමාත්‍යාංශයට සහ ජනාධිපතිවරයාට පළමුව දැනුම් දිය යුතු බවත්, පසුව පමණක් මාධ්‍යයට නිල ප්‍රකාශයක් නිකුත් කල යුතු බවටත් ජනාධිපතිවරයාම නියෝගයක් දි තිබියදි මේ තත්ත්වය ඇති විම භයානකය.

කෙසේවෙතත් වගකිව යුත්තේ කවුරුන්ද යන්න සොයා බැලීමට පරීක්ෂණයක් ඉල්ලා සිටින අතරතුර, “අතිශයින්ම රහසිගත” මෙම ලිපිය මාධ්‍යයට කාන්දු වූයේ කෙසේද යන්න පිළිබඳව ආයෝජන මණ්ඩලය නිහඬව සිටීන බවයි වාර්තා වන්නේ.

මාස කිහිපයක් ඇතුළත ශ්‍රී ලංකාවෙන් ඉවත් වූ දෙවන Foreign Direct Investment  FDI සමාගම Adani Green Energy වන අතර දෙසැම්බර් මාසයේදී ඕස්ට්‍රේලියානු දැවැන්තයෙකු වන United Petroleum සමාගමද ඉවත් ව ගියා.

අදානි ගියේ ඇයි! –

By admin

Ecast - Evoice is your premier platform for in-depth analysis and critical discussions on the pervasive issue of corruption within Sri Lanka's economy. We deliver timely, well-researched insights into the political and financial scandals shaping the nation's geopolitics, uncovering corruption, power abuse, and economic misgoverning at the highest levels. Our mission is to keep you informed with factual, transparent reporting while fostering informed dialogue that advocates for a more just and accountable Sri Lanka. Stay engaged with us for insightful updates on the issues that define the nation's future. E Voice Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *