පසුගිය ජනාධිපතිවරුන් යටතේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ තිබූ ඇතැම් භාණ්ඩ අස්ථානගත වීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.අස්ථානගත විම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දි ඇත්තේ.

මෙම සිද්ධියට අදාළව ප්‍රසම්පාදන නිලධාරියාගෙන් ප්‍රකාශන ලබාගෙන ඇති බවත් මෙම භාණ්ඩ බාරගත් අයගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළා.

මෙසේ අස්ථානගත වූ භාණ්ඩ මොනවාදැයි සොයා බලා ඒ පිළිබඳව ලැයිස්තුවක් ඉදිරියේ දී අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දැනුම් දී තිබේ.

ලක්ෂ එක්දහස් හාරසිය විස්සක බඩු අතුරුදන්!

ජනාධිපති මාධ්‍ය අංශයේ රුපියල් ලක්ෂ එක්දහස් හාරසිය විස්සක භාණ්ඩ අස්ථානගතව ඇති බව ජාතික විගණන කාර්යාලය පසුගියදා අනාවරණය කළා.එම කාලය තුළ ලබාගත් භාණ්ඩ යළි මාධ්‍ය අංශයට ලබාදී නොමැති බවටයි එම වාර්තා හෙළිකරන්නේ.

2015 – 2020 අතර කාලයේ දී ජනාධිපති මාධ්‍ය අංශයට මිලදීගෙන ඇති කැමරා උපකරණ, ලැප්ටොප් පරිගණක ඇතුළු උපකරණ 3,406ක් මෙලෙස අස්ථානගතව ඇති බවයි විගණන වාර්තාවල සදහන්. ඒවායේ වටිනාකම දළ වශයෙන් රුපියල් ලක්ෂ 1,420 ඉක්මවනවා.

ජනාධිපති කාර්යාලයේ ගබඩා කළමනාකරණ පද්ධතිය හරහා 2014 වසරේ සිට 2020 ජනවාරි මාසය දක්වා රුපියල් දහසය කෝටි විසිදෙලක්ෂ හැත්තෑතුන්දහස් එකසිය අසූපහක් වටිනා අයිතම නිකුත්කර තිබේ.

2014 වසරේ අයිතම 4ක්, 2015 වසරේ 558ක්, 2016 වසරේ 660ක්, 2017 වසරේ 602ක්, 2018 වසරේ 1,262ක්, 2019 වසරේ 313ක්, 2020 වසරේ අයිතම 7ක් මෙලෙස නිකුත්කර තිබෙනවා.

එමෙන්ම 2015 වසරේ සිට 2019 දක්වා මිලදීගෙන ඇති උපකරණවල තොරතුරු ඇතුළත් කිසිදු වාර්තාවක් නොමැති බවට ද තහවුරු කරගෙන තිබෙනවා.

By admin

Ecast - Evoice is your premier platform for in-depth analysis and critical discussions on the pervasive issue of corruption within Sri Lanka's economy. We deliver timely, well-researched insights into the political and financial scandals shaping the nation's geopolitics, uncovering corruption, power abuse, and economic misgoverning at the highest levels. Our mission is to keep you informed with factual, transparent reporting while fostering informed dialogue that advocates for a more just and accountable Sri Lanka. Stay engaged with us for insightful updates on the issues that define the nation's future. E Voice Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *