ඉදිරි වසර පහ ඇතුලත ශ්‍රී ලංකාව සහ ආසියාතික රටවල් කිහිපයක්ම සිය ග්‍රහණයේ තබ ගැනිම සදහා චීනය 15 වන පස් අවුරුදු සැලැස්මක් (2026–30) දියත් කරමින් සිටින බව වාර්තා වේ.

සංවර්ධනය වෙමින් පවතින ලෝකය සමඟ චීනයේ සම්බන්ධතාවය වසර ගණනාවක් තිස්සේ, පැවැතියෙ වරාය, දුම්රිය සහ මහාමාර්ග සමඟ ගැටගැහි වුවද මේ වනවිට එම තත්ත්වයන් හරහා ආසියාතික රටවල් තවදුරටත් අල්ලා ගෙන සිටිමට නොහැකි බව බිජිං පාලනය තෙරුම් ගෙන තිබේ.ඒ අනුව තාක්ෂණය සහ ධාරිතා වර්ධනය මත පදනම් වූ වඩාත් සංකීර්ණ සහයෝගීතා ආකාරයක් ඇති කර ගැනිම බිජිං ඉලක්කය වි තිබේ.

ඒ අනුව මෙම වෙනස්වන භූ දර්ශනය තුළ, චීනයේ ඉදිරි 15 ​​වන පස් අවුරුදු සැලැස්ම (2026–30) ගෝලීය දකුණට වෙනස් සංවර්ධන කතාවක් ලබා දෙන විකල්ප සැලැස්මක් ලෙස මෙය දියත් කිරිමට නියමිතයි.

ආසියාව, අප්‍රිකාව සහ ලතින් ඇමරිකාව ඇතුලු සංවර්ධනය වෙමින් පවතින රටවල් ස්වෛරීභාවය, තිරසාරභාවය සහ ස්වයං විශ්වාසය ප්‍රමුඛත්වය දෙන වර්ධනය සඳහා නව මාර්ග සොයමින් සිටින බවත් ඒ තුලින් ලිබරල්කරණය සහ ආධාර හරහා සමෘද්ධිය පොරොන්දු වූ බටහිර ප්‍රමුඛ රාමු බොහෝ විට ආර්ථිකයන් ණය, යැපීම සහ බාහිර කම්පන වලට ගොදුරු කර ඇති බවයි බිජිං මතය වි ඇත්තේ.

බීජිං හි නව සැලැස්ම ආර්ථික ඉලක්කවලට වඩා බොහෝ සෙයින් විහිදෙනු ඇති අතර නවෝත්පාදනය, හරිත පරිවර්තනය සහ සමාජ ඇතුළත් කිරීම මත ගොඩනගා ඇති “ඉහළ ගුණාත්මක සංවර්ධනයේ” ආකෘතියක් එය අපේක්ෂා කරයි. ගෝලීය දකුණ සඳහා, මෙම දැක්ම හුදෙක් දේශීය මාර්ග සිතියමක් නොවන අතර ඒ හරහ ඒකපාර්ශ්වික යැපීම වෙනුවට බෙදාගත් වර්ධනය සහ බහු ධ්‍රැවීය සහයෝගීතාව අවධාරණය කරන ගෝලීයකරණයේ ඊළඟ අදියර හැඩගැස්වීමට චීනය අදහස් කරන ආකාරය පිළිබඳ සංඥාවකි.

 “New Quality Productive Forces” NQPF හෙවත් “නව ගුණාත්මක නිෂ්පාදන බලවේග” ලෙස හදුන්වන විද්‍යාව, තාක්ෂණය සහ මානව කුසලතා මගින් බල ගැන්වෙන ක්‍රමවේදයක් වෙත බිජිං පාලනය අවධානය යොමු කර ඇති අතර ඒ හරහා ආසියාතික රටවල් සිය ග්‍රහණයේ ඊළග පිම්ම සදහා යොදා ගැනිමට බලාපොරොත්තු වේ. මේ සදහා කෘතිම බුද්ධිය, ජෛව තාක්‍ෂණය, පිරිසිදු බලශක්තිය සහ දියුණු අර්ධ සන්නායක වැනි මායිම් අංශවල නායකත්වය බිජිං සතුකර ගැනිම ඔහුන්ගේ ඉලක්කය වි තිබේ.

ශ්‍රී ලංකාවේ Huawei ඊළඟ පරම්පරාවේ තාක්ෂණික වෘත්තිකයන් පුහුණු කිරීම අරමුණු කරගත් ඩිජිටල් පන්ති කාමර වැඩසටහන් සහ විශ්ව විද්‍යාල සහයෝගීතා සදහා වත්මන් ආණ්ඩුව සමග මේ වනවිටත් එකඟතාව ඇති කර ගෙන ඇති බවද බිජිං පාලනය අනාවරණය කර තිබේ.

By admin

Ecast - Evoice is your premier platform for in-depth analysis and critical discussions on the pervasive issue of corruption within Sri Lanka's economy. We deliver timely, well-researched insights into the political and financial scandals shaping the nation's geopolitics, uncovering corruption, power abuse, and economic misgoverning at the highest levels. Our mission is to keep you informed with factual, transparent reporting while fostering informed dialogue that advocates for a more just and accountable Sri Lanka. Stay engaged with us for insightful updates on the issues that define the nation's future. E Voice Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *