විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ අදූරදර්ශී යෝජනාවට නීති ක්ෂේත්‍රයේ සියලුදෙනා විරුද්ධ බව නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පවසයි.

අද (29) උදෑසන 11 පමණ පැවති එම සංගමයේ විශේෂ මහා සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, නීතිඥවරු සියලුදෙනාම අත් ඔසවමින් මෙයට විරෝධය දැක්වූ බවය.

ආණ්ඩුව විසින් ගෙන එනු ලැබූ මෙම යෝජනාවට විනිසුරුවරුන් පවා විරෝධය දක්වන බව සඳහන් කර සිටි රජීව් අමරසූරිය මහතා අද දින පැමිණි සහ සූම් තාක්ෂණය ඔස්සේ එක්වූ සියලු නීතිඥයින් මෙම යෝජනාවට විරුද්ධ බව ප්‍රකාශ කළ බවද සඳහන් කළේය.

ආණ්ඩුව ගෙන ඇත්තේ, බුද්ධිමත් නොවන තීරණයක් බවද සඳහන් කර සිටි නීතිඥ රජීව් අමරසූරිය මහතා මෙය අධිකරණයේ ස්වාධීනත්වයට දැඩි පහරක් බවද පැවසීය.

ඒ වෙනුවෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ඉදිරියේ දී ගන්නා බවත්, මහා සභාවේ එකඟත්වය හිමිවීම තුළ මේ වෙනුවෙන් ගත හැකි සියලු ක්‍රියාමර්ග තිබුණාට වඩා හොඳින් ගන්නා බවත් රජීව් අමරසූරිය මහතා කියා සිටියේය.

ආණ්ඩුව සිදුකිරීමට යන මෙම යෝජනාව අපරාධයක් බවද පැවසු ඒ මහතා මෙය නැවැත්විය යුතු බවත් අධිකරණ පද්ධතියට යම් ප්‍රහාරයක් එල්ල වුවහොත් එය දීර්ඝ කාලීන වශයෙන් ප්‍රතිඵල හිමිවිය හැකි බවද රජීව් අමරසූරිය මහතා පැවසීය.

“ශ්‍රී ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික පදනමක් වන අතර, නීතියේ ආධිපත්‍යය, ව්‍යවස්ථානුකූල ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා අත්‍යවශ්‍ය අංගයකි.” 

ශ්‍රී ලංකා නීතිඥ සංගමය අද ජුලි 29 වන දින විශේෂ මහා සභා රැස්වීමේදී සම්මත කරන ලද යෝජනාව පහත දැක්වේ.

By admin

Ecast - Evoice is your premier platform for in-depth analysis and critical discussions on the pervasive issue of corruption within Sri Lanka's economy. We deliver timely, well-researched insights into the political and financial scandals shaping the nation's geopolitics, uncovering corruption, power abuse, and economic misgoverning at the highest levels. Our mission is to keep you informed with factual, transparent reporting while fostering informed dialogue that advocates for a more just and accountable Sri Lanka. Stay engaged with us for insightful updates on the issues that define the nation's future. E Voice Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *