මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත කිරිම සම්බන්ධයෙන් වගකිවයුතු මුදල් අමාත්‍යාංශය ලේකම් හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් දිනන දකුණ සාමූහිකය ප්‍රශ්ණ කර සිටිනවා. ලේකම්වරයාට ලිපියක් යවමින් පෙන්වා දෙන්නේ කුමාර දිසානායක විසින් රටට ලබාදුන් වගවීම හා පාරදෘශ්‍යභාවය සුරකින රාජ්‍ය පාලනයක් ගොඩනැගීමටනම් වහාම පහත ප්‍රශ්ණ සදහා පිලිතුරු දෙන් ලෙසයි.

ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම
ලේකම්,
මුදල් අමාත්‍යාංශය.
2026-05-04

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91(1) ඈ (xiii) වගන්තිය ප්‍රකාරව ද්විත්ව පුරවැසිභාවය දරන අයෙකු ලෙස දැනට මතුවී ඇති ආන්දෝලනාත්මක තත්වය මත යොමුකෙරෙන විවෘත ප්‍රශ්නාවලිය.

පහතින් යොමු කරනු ලබන ප්‍රශ්න හුදෙක් දේශපාලන චෝදනා නොව, රටේ මූලික නීතිය සහ රාජ්‍ය නිලධාරියෙකුගේ විනිවිදභාවය පිළිබඳ ප්‍රශ්නයක් බව සලකමින් සහ බරපතළ විෂමාචාර චෝදනාවක් බවට පත්වීමට ඇති ප්‍රවනතාවන්ද සලකා බලමින් පහත පැනයන්ට අදාළ ලිපි ලේඛන හා සාක්ෂි සහිතව කඩිනමින් රටට හෙළිදරව් කිරීම මුදල් ලේකම්වරයාගේ වගකීමක් බව අපි අවධාරණය කරමු.

සමාජය තුල ගොඩනැගෙමින් පවතින සැකය දුරු කිරීම සඳහා ‘දිනන දකුණ’ සාමූහිකය පහත ප්‍රශ්න පහට සෘජු හා සාක්ෂි සහිත පිළිතුරු ලබා දෙන ලෙස මුදල් ලේකම්වරයාගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

එය ඔබද ඉදිරිපෙල සාමාජිකයකු වන අනුර කුමාර දිසානායක මහතා විසින් රටට ලබාදුන් වගවීම හා පාරදෘශ්‍යභාවය සුරකින රාජ්‍ය පාලනයක් ගොඩනැගීමට සමාජය මත ගොඩනැගූ විශ්වාසය හා පොරොන්දුව තවදුරටත් යථාර්තයක් වීමට හේතුවක් වනු ඇතැයි අප උදක්ම විශ්වාස කරන්නෙමු.

  1. ඔබ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගත් නිශ්චිත දිනය කවදාද?
  2. ඔබ එම ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ඉවත් කරගනු ලැබුවේ නම්, එය සිදුකළ නිශ්චිත දිනය කවදාද?
  3. ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය අත්හැරීමෙන් පසු ඔබ නැවත ශ්‍රී ලංකා පුරවැසිභාවය (එකී නීතිමය ප්‍රතිපාදන යටතේ) ලබාගත් දිනය කවදාද?
  4. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දෙන අවස්ථාව වන විට ඔබ නිල වශයෙන් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ඉවත් කරගෙන තිබුණේද? නොඑසේ නම් එය ඉවත් කරගැනීම සඳහා අයදුම්පතක් පමණක් ඉදිරිපත් කර තිබුණේ ද?

5.දැනට සමාජය තුල සංසරනය වෙමින් පවතින 2010-02-03 දිනැති C19090060828 අංකය ඔබගේ ඕස්ට්‍රේලියානු පුරවැසිභාවයට අදාල අංකයක්ද නැතහොත් එය සමාජය නොමග යැවීම සදහා සංසරනය වන තොරතුරක්ද?

දිනන දකුණ සාමූහිකය වෙනුවෙන්.

නායකත්ව මණ්ඩල සාමාජික නීතිඥ ශිරාල් ලක්තිලක.
නායකත්ව මණ්ඩල සාමාජික නදීෂ ද සිල්වා.
නායකත්ව මණ්ඩල සාමාජික ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න.
මාධ්‍ය ප්‍රකාශක තුෂාර වීරරත්න.

By admin

Ecast - Evoice is your premier platform for in-depth analysis and critical discussions on the pervasive issue of corruption within Sri Lanka's economy. We deliver timely, well-researched insights into the political and financial scandals shaping the nation's geopolitics, uncovering corruption, power abuse, and economic misgoverning at the highest levels. Our mission is to keep you informed with factual, transparent reporting while fostering informed dialogue that advocates for a more just and accountable Sri Lanka. Stay engaged with us for insightful updates on the issues that define the nation's future. E Voice Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *