යාපනය තිරුවල්ලුවර් සංස්කෘතික මධ්‍යස්ථානය (Jaffna Thiruvalluvar Cultural Centre) ජාත්‍යන්තර සහ දේශීය නියෝජිතයින්ගෙන් සමන්විත නව සභාවක් යටතට පත් කිරීම සඳහා ගෙන ඇති කැබිනට් මණ්ඩලය යෝජනාව සම්බන්ධයෙන් උතුරේ දේශපාලන සහ සිවිල් ක්‍රියාධරයන් සිය අප්‍රසාදය පලකරනවා. ඔහුන් සදහන් කරන්නේ සංස්කෘතික මධ්‍යස්ථානය සියතට ගැනිම සදහා වත්මන් රජය කටයුතු කරමින් සිටින බවයි.
මෙම යෝජනාව අනුමත වුවහොත්, ඉන්දියානු අරමුදල් මඟින් පරිත්‍යාගයක් ලෙස ඉදිකර ඇති යාපනය මහනගර සභාවට අයත් ඉඩමක පිහිටි මෙම සංකීර්ණය මත ජාතික මට්ටමේ පාලන බලය යොදවනු ඇති බවයි ඔහුන් පෙන්ව දෙන්නේ.
මෙම යෝජනාව මෙතෙක් මහජනතාවට ප්‍රකාශයට පත් කර නොමැති නමුත්, එහි විස්තර යාපනයේ සිවිල් නායකයන් අතර හා දේශීය නිලධාරීන් අතර සංසරණය වී ඇති අතර, යුද්ධයෙන් පසු පශ්චාත් යුධ සංහිඳියාව සංඥා ව්‍යාපෘතියක් ලෙස සැලකුණු මෙම ස්ථානය කොළඹ මධ්‍යගත පාලනයට යටත් කර ගැනිමක් ලෙසයි ඔහුන් පෙන්ව දෙන්නේ.
ඉන්දීය අරමුදල් හරහා ඉදිකරනු ලැබු මෙම තිරුවල්ලුවර් සංස්කෘතික මධ්‍යස්ථානය ජනතාවට තෑගි ලෙස ලබාදි තිබේ.ඒ 2015 මාර්තු මාසයේය.ඒ සදහා ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යාපනයට පැමිණ මුල්ගල තැබු අතර එය ඉන්දියානු රජයේ ඩොලර් මිලියන 11–12 ක පරිත්‍යාගයක් මඟින් මධ්‍යස්ථානය ඉදිකරනු ලැබුවේ යාපනය මහනගර සභා ඉඩමකය.රට අතර සංස්කෘතික හුවමාරුව සඳහා වූ අවකාශයක් ලෙස මෙය සැලසුම් කර තිබුණි.මෙහි දෙමහල් කෞතුකාගාරයක්, ආසන 600 ක නාට්‍යශාලාවක්, බහුමහල් ඉගෙනුම් කෝපුරයක් සහ ප්‍රජා රැස්වීම් සඳහා විවෘත ප්‍රංගණයක් ඇතුළත් වේ.
පසුව 2023 පෙබරවාරි මාසයේදී — සම්පූර්ණයෙන්ම — ජනතාවට විවෘත කරන ලද්දේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දියානු රාජ්‍ය අමාත්‍ය එල්. මුරුගන් සහභාගී වූ උත්සවයකදීය.
කැබිනට් පත්‍රයේ විස්තර අනුව, යෝජිත පාලන සභාවට සාමාජික 7 දෙනෙකු ඇතුළත් කර ඇති අතර ඒ සදහා
- යාපනය මහනගර කොමසාරිස්
- උතුරු පළාත් ආණ්ඩුකාර
- ශ්‍රී ලංකා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ නියෝජිතයෙකු
- ඉන්දියානු රජයේ නියෝජිතයින් 2 දෙනෙක්
- ශ්‍රී ලංකා රජයේ නියෝජිතයින් 2 දෙනෙක්
ලෙස නම්කර තිබුනද සිවිල් සංවිධාන සහ දමිළ දේශපාලකයන් පෙන්වා දෙන්නේ උතුරු පළාත් ආණ්ඩුකාර පත්කරනු ලබන්නේ ජනාධිපති විසින් වන අතර මහනගර කොමසාරිස් ද ජාතික රාජ්‍ය පරිපාලන ව්‍යුහයට අයත් නිලධාරියෙකු බවයි. ඒ අනුව, මධ්‍යගත රජයට අනුබද්ධ නිලධාරීන්ට ස්වභාවික බහුතරයක් ලැබෙන අතර යාපනයේ ජනතාව විසින් තේරී පත් කළ කිසිදු නියෝජිතයෙකු එහි අන්තර්ගත නොවේ.
